(කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි)
තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති තරුණියක් දුටු 19 හැවිරිදි තරුණයකු බස් රථයකදී කතුරකින් ඇයගේ කොණ්ඩයෙන් අඟල් 19 ක කොටසක් කපා දමා ඇති අතර පයාගල පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙය සිදුවී ඇත්තේ පෙරේදා (28) දහවල් 12.30 ට පමණ පයාගල ප්‍රදේශයේදීය. පයාගල පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (21764) පද්මසිරි සහ කොස්තාපල් මංජුල (35203) යන මහත්වරුන් උතුරු පයාගල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින විට කොළඹ සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් නතර කළ අතර එහි රියැදුරා කියා සිටියේ බස් රියේ සිටි 21 හැවිරිදි තරුණියගේ කොණ්ඩය කතුරකින් කැපූ තරුණයකු බස් රියෙන් බැස පැන දිවු බවයි. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කලිසම් සාක්කුවක තිබී කතුරේ ප්ලාස්ටික් කවරය ද බස් රථය තුළ තිබූ අඟල් 19 ක් දිගැති වරලස කොටස හා කතුර ද පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
මොහුගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තමා බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් පෙළ සමත් වූ අයකු බවත් තම පාසලේම සිසුවියක සමග ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධයක් බිඳී ගියේ එක්තරා තරුණියක පෙම්වතියගේ මවට කී කේලම් බස් නිසා බවත් පොලිසිය කියයි. මෙසේ කේලම් බස් කී තරුණියාගේ හැඩරුව පෙම්වතිය තමා සමග පවසා ඇති බවත් එහෙත් තමා ඇය මින් පෙර දැක නැති බවත් ඔහු පවසා තිබේ.
සිද්ධිය වූ 28 වැනි දින තමා ත්‍රිරෝද රියක් බැලීම සඳහා මොරටුවට ගොස් ආපසු එමින් සිටිය දී පෙම්වතිය කී හැඩරුව සහිත තරුණියක් කටුකුරුන්ද හංදියේ සිටිනු දැක ඇයට දඬුවමක් ලබාදීමට සිතා එතැනින් බැස ඒ අසල වෙළෙඳසැලකින් රුපියල් 60 කට කතුරක් මිලට ගත් බව ද ඔහු පවසා ඇත ඉන්පසු ඇය ඇල්පිටිය බලා යන බසයට ගොඩ වූ බවත් තමා ඇය සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවී සිට ඇයගේ කොණ්ඩය කැපූ බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ. සැකකරු ඊයේ (1) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ පයාගල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් පද්මසිරි (21764) සහ කොස්තාපල් මංජුල (35203) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා