තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ.
ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පෙතෙන්. ටික කලකින් මුහුණු පොතෙන් මැසේජ් කර ඔවුන් පෙම්වතුන් වී ඇත. පසුව එකිනෙකා නොදැක සිටීමට බැරි තරමට පේ‍්‍රමය දුරදිග ගොස් තිබේ. පසුව කතිකා කරගත් පරිදි ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්ත ද ඇයට ගෙදරින් පිටවීමට අවසර නොමැති නිසා මුණ ගැසීමට නොහැකි වී ඇත. ඇයට ගෙදරින් පිටවීමට අවසර නොදීමට හේතුවද ඇය මුහුණු පොතේ දහදොළොස් දෙනෙකු මුණ ගැසීමට ගොස් ගෙදරට අසුවීම නිසාය. ඒ වනවිටත් ඇයට මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණ තිබේ.
සිද්ධිය වූ දිනයේ ද ඇයට අමතක වී වෙනත් මුහුණු පොතේ මිතුරෙකුට ද නිවැසියන් නින්දට ගිය පසු ඉටිරෙදි ආවරණය කළ ජනේලයෙන් ඇයගේ කාමරයට එන ලෙස දන්වා තිබේ. නියමිත තරුණයා ප්‍රීතියෙන් ඇගේ නිවස අසලට පැමිණ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත. අමතක වී අද දිනයේ පැමිධෑමට පැවසූ බව මතක් වූ ඇයට දෙවියන් සිහි විය. පසුව ඇය කල්පනා කර වරද ඔහු පිට පැවරීමට සිතා ඇයගේ මවගේ කාමරයේ ජනේලය ගැන ඔහුට පවසා ඇත.
සතුටු සිතින් ඉටි රෙදි ආවරණය වූ ජනෙල් කවුළුවෙන් කාමරයට පැන පෙම්වතියගේ නිදා සිටි මව අසලට කළුවරේම පැමිණ මම ආවා යයි පවසා ඇත. එවිට පෙම්වතියගේ මව ”මෙන්න මිනි මරණවෝ” යැයි කෑ ගසා ඇත. ජනෙල් කවුළුවෙන් ආපසු පැන්න පෙම්වතා අසල වූ ලන්දකට මුවා වී සිට සිද්ධිය සංසුන් වූ පසු හිමිහිට මාරු වුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතා වැරැදීමකින් පෙම්වතියගේ මවගේ කාමරයට රිංගලා
පිටිගල මිලානෝ Sunday, 10 January 2016 07:08 AM
අපිටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ (නි)
අසේල Tuesday, 12 January 2016 12:06 PM
කවදා වෙනකම් හොර වැඩ කරන්නද?(හේ)
නදුන් Tuesday, 12 January 2016 11:48 AM
අපොයි මාළු...(කෞ)
බෙන් Tuesday, 12 January 2016 01:15 AM
නැන්දම්මාට මම නම් කැමතියි (නි)
ගීත් Monday, 11 January 2016 01:40 PM
දැන් කාලේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි මූණු පොත ගෙන හොද පාඩමක් මේක .(කෞ)
සොපි Monday, 11 January 2016 10:36 AM
දැන් ලංකාව මාර දියුණුයිනේ ,යන්තම් අඳුනගත්තුගමන් කෙලින්ම එන්න කියන්නේ නිදන කාමරේට ..... (කෞ)
ජයන්ත Monday, 11 January 2016 08:42 AM
මට පුදුම මුහුණු පොතෙන් පෙම් කරන්න තරම් තරුණ අය මෝඩද? (නි)
අලි Monday, 11 January 2016 07:53 AM
කතාවේ එන නරක ළමයාට ආරූඨ වෙන්නේ පිටබැද්දර ජයා නොවෙයි. අභය සඳහන් කර ඇති සෙට් එකයි.මොනවා වුනත් අභය ඇත්ත කියලා තියෙන්නේ. (බ)
දුමින්ද Monday, 11 January 2016 05:36 AM
මුලින්ම නැන්දම්මාගේ අවසර පැතුවද? (නි)
කෞෂි Monday, 11 January 2016 05:04 AM
මට පෙන්නේ අභය නමින් ලියන්නේ ජයාද කොහෙද . නැති නම් මොකද ජයා සම්බන්ධ කාන්තා ප්‍රතිචාර වල ට අබය මෙච්චර කලබල වෙන්නේ. (බ)
බණ්ඩාර රුසියාව Sunday, 10 January 2016 01:55 PM
පිටිගල මිලානෝ හොඳ හෝටලයකින් කන්නයි හදන්නේ. පරිස්සමින්! වෙනිවැල්ගැට ටිකක් එහෙම තම්බාගෙනම යන්න. (නි)
සුලෝචන Sunday, 10 January 2016 11:47 AM
මටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ අනේ! (නි)
නිලාන් Sunday, 10 January 2016 11:14 AM
ජයා කතාවේ එන කෙනාගේ චරිතයට ආරූඩවෙනවා නිරායාසයෙන්ම. හරිම කෝළමක් වෙලානේ මේක. බලාගෙන යනකොට පිටිගලත් ලෙහෙසිපහසු කෙනෙක් නොවන හැඩයි. හරි,හරි ඔහොම යමු... (නි)
අබය Sunday, 10 January 2016 08:14 AM
චාරු, කාන්ති, ගයනි, මංජු සහ සුරනි, ඔය හතර දෙනාම පොලිස් කූඩුවේ සිටියයුතු අය හැටියටයි මම නම් දකින්නේ. (නි)
සුනිල් Sunday, 10 January 2016 07:42 AM
පඳුරකට පයින් ගැසුවොත් චාරුලා වාගේ අය ඕනෑතරම් විසිවෙයි අපේ රටේ. පිරිමි රහත් වූ බවක් මෙයින් අදහස් නොකරමි. (නි)
ටෙරන්ස් Friday, 08 January 2016 08:16 PM
ඇති ඔයින් බේරුනා... (නි)
සුරනි Sunday, 10 January 2016 07:06 AM
ජයාට නම් මොකද්ද පරණ කෝන්තරයක් තිබෙන හැඩයි කවුදෝ බවලතෙක් එක්ක. (නි)
ගයනි Sunday, 10 January 2016 07:01 AM
දැන් මෙතන පිරිමි ටික චාරු ගැන කතාකරන්නේ හරියට පුවතේ තරුණිය හමුවෙන්න ආවේ පිරිමි නෙමෙයි අභ්‍යාවකාශ සත්ව කොට්ඨාශයක් වගේනේ. මේක තමයි රටේ තත්වය. මහා රාත්‍රී බවලතුන්ගේ කාමර වලට රිංගපු පිරිමි ගැන කිසි කතාවක් නැහැ. හැබැයි වැරැද්ද කළ ගැහැණු කෙනා විතරක් හංවඩු ගහනවා. (නි)
මනෝජ් Sunday, 10 January 2016 06:23 AM
හපොයි චාරු, කොල්ලෝ කාමරේට ගෙනල්ලද හමුවෙන්නේ? (නි)
මංජු Saturday, 09 January 2016 08:15 AM
එතකොට අර මහා රාත්‍රී ගෙවල් වලට ආ පිරිමින්ට දෙන අච්චුව මොකද්ද පිටබැද්දර මහත්තයෝ? (නි)
සුනිමල් Saturday, 09 January 2016 08:07 AM
දැන් මේක වුණේ මෙහෙමයි කියලා කවුද කියලා තියෙන්නේ? (නි)
කාන්ති Saturday, 09 January 2016 08:06 AM
බවලතුන් ගැන පිටබැද්දරගේ තරහා කොච්චරද කිව්වොත් ළඟදීම නහරයක් පුපුරාවිද මන්දා! දැන් අර කාමරේට රිංගන්න ආපු පිරිමි ටික මාර්ගඵල ලබලාද ජයෝ? (නි)
චාරු Saturday, 09 January 2016 08:02 AM
අබරන් ජයාගේ ලියන මහත්තයාද? (නි)
අබරන් Saturday, 09 January 2016 06:45 AM
ඒ කියන්නේ චාරුත් පොලිස් කුඩුවේ. (අ)
චාමර Saturday, 09 January 2016 06:30 AM
මට නම් හිනා ගියේ, මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් ඉදල, ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණීම. එකා ඩබල් වෙලා. කොහොමවෙතත් මුහුණු පොතෙන් ඇති වෙන සම්බන්ද කම් ගැන හොද අදහසක් මේකෙන් ගන්න පුළුවන්. (අ)
චාරු Saturday, 09 January 2016 05:51 AM
තරුණියගේ නැහැදිච්චකමට අන්තයිනේ ජයාගේ සාමාන්‍ය දැනීම. කොල්ලෙක් එක්ක පැටලිලා හමුවෙන එකට එහෙමනම් මුළු රටේම භාගයක් ළමිස්සියන් දැන් පොලිස් කුඩුවේ ඉන්න ඕනෑ. (නි)
පිටබැද්දර ජයා Saturday, 09 January 2016 05:33 AM
පොලීසියට අල්ලලා දෙන්න වටින්නේ මේ නැහැදිච්ච ගැහැණු ළමයව (නි)
ජෙහාන් Saturday, 09 January 2016 04:22 AM
කෑගසනවිටම පැනලා ගිය නිසා බේරුනා (නි)
යසරත්න Saturday, 09 January 2016 02:28 AM
පොලිසියට අල්ලලා දෙන්න තිබුණේ (නි)