X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පෙම්වතාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් පසුව පෙම්වතියට ක්ලාන්තය සෑදී වැටී ඇතැයි කියන පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල නගරයට ආසන්නතම ග්‍රාමයක 23 හැවිරිදි තරුණියක පදිංචිව සිටින්නීය. ඇගේ පියා කෑගල්ල නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතනයක වසර 20ක පමණ කාලයක සිට රියැදුරු රැකියාවක් කරයි. මෙම රියැදුරු පියා ආයතනයේ ප්‍රධානියා සමග තිබෙන හිතවත්කම නිසා දියණිය ද මීට වසර දෙකකට පමණ ඉහතදී වෙළෙඳ ආයතනයේ ප්‍රධාන මුදල් අයකැමිවරියක් ලෙස සේවයට යොමු කරනු ලැබුවාය. තරුණිය තරමක් සුරූපීය. නිවෙසේ පදිංචිව සිටින්නේ තරුණියගේ මව හා 17 හැවිරිදි බාල සහෝදරයා පමණි.


මීට මාස දහයකට පමණ ඉහතදී මාවනැල්ල ප්‍රදේශයේ තරුණයෙක් වෙළෙඳ ආයතනයට පැමිණ බඩුමුට්ටු ටිකක් කූඩයකට ගෙන මුදල් ගෙවීමට තරුණ අයකැමිවරිය වෙත ගොස් තිබුණි. පසුව තරුණ අයකැමිවරිය භාණ්ඩවල ගණන් කොම්පියුටර්ගත කර රුපියල් 1,720ක් බව තරුණයාගේ මුහුණ දෙස බලා පැවැසුවාය. පසුව තරුණයා මුදල් පසුම්බිය ගෙන රුපියල් දාහේ නෝට්ටු කොළ දෙකක් තරුණ අයකැමිවරියට දී තිබුණි.


අයකැමිවරිය “මෙන්න ඉතිරි මුදල්” යැයි පවසා පළමුව රුපියල් 380ක් සමග බිල්පත දුන්නාය. ඊළඟට බඩුමුට්ටු ටික බෑගයකට දමා අයකැමිවරිය තරුණයාට දීමට ගිය අවස්ථාවේදී තරුණයා අයකැමිවරියගේ මුහුණ දෙස බලා “නංගි මට ඉතිරි 380ක් ඔයා දීලා තියෙනවා. ගාන වැරැදියි. මට දෙන්න ඕනෑ ඉතිරි රුපියල් 280ක් පමණයි. රුපියල් සීයේ කොළයක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා.” සිනාමුසු මුහුණින් තරුණයා කීවේය.


“අනේ සොරි අයියේ මට වැරැදිලා. කවුරුත් ඔහොම කියලා දෙන්නේ නෑ. ඔයා ගොඩක් අවංකයි වගේ අයියේ. ස්තුතියි අයියේ.” තරුණ අයකැමිවරිය තරුණයා දෙස බලා පැවැසුවාය. පසුව තරුණයා බිල්පතේ සිය දුරකතන අංකය සඳහන් කර තරුණ අයකැමිවරිය සිටින මුදල් කවුන්ටරයට විසි කර වෙළෙඳසලෙන් පිටව ගොස් වෙළෙඳසල ඉදිරිපිට නවතා තිබුණු කාර් රථයට නැග පිටව ගියේය.


එදින වැඩ කටයුතු නිම කොට නිවෙසට ගිය තරුණිය රාත්‍රියේ වෙළෙඳසලට ආ තරුණයාගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. එදා තරුණයා සහ තරුණිය දෙපාර්ශ්වයේ තොරතුරු විමසාගෙන දෙදෙනා අතර යම්තාක් දුරට ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණි.


එදා සිට දෙදෙනා හඳුනාගෙන තිබුණත් දෙපාර්ශ්වයේ මව්පියන්ට මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දැනගැනීමට ඉඩ සලසා දී නොතිබුණි.


ඉකුත් දිනෙක තරුණයාට සෑදී ඇතැයි කියන අසනීප තත්ත්වයකට කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදු කර තිබුණි. එහිදී තරුණයාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමට ලැබුණි.

පසුව තරුණයා කෑගල්ල නිවෙසේ පදිංචිව සිටින පෙම්වතියට දුරකතනයෙන් ඒ සම්බන්ධයෙන් පැවැසුවේය. ඒ වනවිට තරුණිය මිදුල අතුගාමින් සිටි අතර දුරකතනයත් ඉදලත් සමග ඇය ක්ලාන්තය සෑදී මිදුලේ ඇදවැටුණාය. පසුව මව සහ බාල සහෝදරයා විසින් ඇය නිවෙසට රැගෙන ගොස් මුහුණේ වතුර පිස දමා පවන් ගසා විනාඩි කිහිපයකට පසුව යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබුණි. එහිදී මව දියණියගෙන් විමසා ඇත්තේ “එක පාරට මොකද වුණේ” කියාය. පසුව ක්ලාන්තය සෑදුණු ආකාරය තරුණිය මවට ප්‍රකාශ කළාය. මවට කර කියාගත දෙයක් නොහැකිව ඉනට දෑත් දෙක තබාගෙන සිය දියණිය පිළිබඳ කනගාටුවට පත්ව ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site