X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


පෙම්වතිය එක්ක පැන යන්න හැදු සිරකරුට මාංචු

(අනුරාධපුර  විශේෂ රෝහණ චන්ද්‍රදාස)
අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම හේතුවෙන් ඔහුට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මීට වසරකට පමණ පෙර දඩ මුදලක් නියම විය.
දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් කඳවුරේ වැඩ පළෙහි නිරතවීමට සිදු විය.


බන්ධනාගාර අධිකාරියෙන් මෙම පුද්ගලයා එළිමහන් සිර කඳවුරෙන් පාලනය කැරෙන ආපන ශාලාවේ වැඩහි යෙදවීමට තීරණය කළේය.


වසරකට ආසන්න කාලයක් ඔහු ආපනශාලාවේ වැඩ පළ කරමින් කාගෙත් සිත් දිනාගෙන කටයුතු කළේය.  දෛනික සේවා කටයුතු වල නිරතව සිටි මේ සිරකරුට එහි ආ ගිය කාන්තාවක දැන හඳුනාගන්නට ලැබිණි. දෙදෙනා අතර ඇතිවූ මිතුදම දවසින් දවස වැඩිවිය. සිරකරු හා කාන්තාව අතර කතාබහ ජංගම දුරකතනයෙන්ද හුවමාරු විය.


සිරකරුට කාන්තාව නොදැක ඉන්නට බැරිවිය. ඔහු ඇයගේ වගතුග දැන කතා බහ කිරීමේ අටියෙන් සති දෙක තුනකට පෙර සිරකඳවුරෙන් බැහැර විය.

අනවසරයෙන් බන්ධනාගාරයෙන් පිටවී යාම නිසා බන්ධනාගාර නිලධාරීන් මේ සිරකරු සොයා සෝදිසි මෙහෙයුම් කළත් තොරතුරක් දැනගන්නට නොලැබිණි.


සිරකරු කාන්තාව සමඟ පවත්වන හාදකම ගැන දැන සිටි නිසා නිලධාරීහූ ඇය හමුවන්නට එන වේලාවක් බලමින් සිටියහ.


නිලධාරීන් අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ඊයේ (18) දහවල් රැකවල් ලා සිටිද්දී කාන්තාව එතැනට ආවාය. පලාගිය සිරකරු ද ආවේය.
මොහොතක් යන්නට පෙර සිරකරු බන්ධනාගාර නිලධරයන්ගේ අත්අඩංගුවට පත්වූයේය.



අදහස් (0)

පෙම්වතිය එක්ක පැන යන්න හැදු සිරකරුට මාංචු

යාපා Thursday, 18 June 2015 10:01 PM

අයියෝ පවු! (නි)

:       0       0

කිරින්ද Friday, 19 June 2015 01:19 AM

කොහොම වුනත් මෙයා පින් කරලා තියෙනවා නොදන්නා හිර ගෙදරකින් ගැලවෙන්න. පවුල් කන්න ගියානම් නිකම් හම්බුවෙන බෝඩිමයි කෑමයි දෙකම නැතිවෙනවනේ.(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 19 June 2015 01:54 AM

"මේ දැස මගේ පින්වන්තයි. තේරුනේ දැන් තමයි " කියල සිරකරුට හිතෙන්න ඇති. එ්ක තමයි හිටිය තැනත් අමතක වෙලා පෙම්වතිය හොයාගෙන යන්න ඇත්තේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 June 2015 02:38 AM

මේක තමයි අප‍ රටේ තියෙන ඛේදවාචකය. කෝටි, ප්‍රකෝටි ගණන් හොරාකාපු අය බන්දනාරාගත කලත් ඉන්නේ රෝහලේ සුපිරිම වාට්ටුවේ. අදිකරණයට යන්නේ ගිලන් රථයේ. නඩු කාරයා කකුල් දෙක ලඟට යන්න ඕනේ. සමහර පොඩි වරදවල් වලට අවුරුදු ගණන් හිරේ තපින්න ඕනේ. කිසිම සමබරතාවයක් නැහැ (නදී)

:       0       0

නියතපාල Friday, 19 June 2015 03:50 AM

"අනවසර දැව කැපීමේ චෝදනාවකට වරදකරුවකු වීම " පොඩිම වරදක් නෙමෙයි. (ස)

:       0       0

මාලි Friday, 19 June 2015 04:00 AM

ඕක තමයි කියන්නෙ නීතියේ වෛශ්‍යාව අන්ධයි අතේ තියෙන්නෙ හොර තරාදියක් කියල (බ)

:       0       0

සෑම් Friday, 19 June 2015 06:12 AM

පිටබැද්දර ජයා කියන දේ ඇත්තක් තියනවා. මහා පරිමාන දැව ජාවාරම් කාරයෙක් නම් කවදාවත් දඩය ගෙවාගන්න බැරුව හිරේ යන්නේ නැහැ .අනිත් එක මහා පරිමාන ජාවාරම් කාරයෝ දැක්කාම පොලිසිය අහක බලා ගන්නවා. වැටකට ඉන්නක් කපාගන්න ගිය මිනිහව අල්ලලා උසාවි දානවා. (ර)

:       0       0

සඳුන් Friday, 19 June 2015 07:43 AM

දඩයක් ගෙවන්න බැරිව කැන්ටිමක වැඩ කරන්න සිදුවුන මේ මනුස්සයා අනිවාර්යෙන්ම දුප්පත් මිනිහෙක්. කැලෙන් වැට ඉන්නක් හරි දර ටිකක් හරි කඩා ගන්න යන්න ඇති. දැව ජාවාරම් කාරයෙක්නම් නීතිය සල්ලි දීලා ගන්නවා. (බ)

:       0       0

හංසිකා බණ්ඩාර Friday, 19 June 2015 08:09 AM

සිරකරුවෙකු බව හෙළි කිරිම ගැන සන්තෝෂයි නැතිනම් ජිවිත අනතුරේ (ම)

:       0       0

මනෝජ් Monday, 22 June 2015 02:56 AM

අනේ දැන්වත් හිතුනා නම් ආපහු හසුවුණු එක හොඳයි කියලා. ආයෙත් මිනිහා ගැහැණු පස්සෙ නම් යන එකක් නැහැ ඕං! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site