(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මාස කිහිපයක සිට 19 හැවිරිදි තරුණියක සමග දෙපැත්තේම මව්පියන්ට හොර රහසේ ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යයි.
මෙම 19 හැවිරිදි තරුණියගේ එකම සහෝදරයා යුද හමුදාවේ රැකියාවක් කරයි. මව ඇඟලුම් සේවිකාවකි. පියා කුලී වැඩ කරන්නෙකි.
තරුණිය මීට මාස හතකට පමණ පෙර බස් රථයකට ගොඩ වී ඇත්තේ නිවස බලා පැමිණිමටය. බස් රථයේ අසුනක හිඳගෙන නිවස බලා පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවේ දී තරමක් කඩවසම් තරුණයෙක් ද බස් රථයට පැමිණ තරුණිය අසල වූ අසුනේ හිඳ ගත්තේය.
බස් රථය ගමන් ආරම්භ කරමින් ධාවනයට එක් කළ අවස්ථාවේ දී තරුණයා තරුණිය සමග ආ ගිය තොරතුරු කතා බහ කොට දෙදෙනා අතර යම්තාක් දුරට හිතවත්කමක් ගොඩ නගා ගත්තේය.
තරුණයා බසයෙන් බැස ගැනීමට පෙර සිය දුරකථන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියගේ අතට දුන්නේය. පසුව තරුණිය දුරකථන අංකය ගෙන කතා බහ කොට දැන හැඳිනගෙන දැනට මාස හතක පෙම් සුව විඳින තරුණ පෙම් යුවළක්ය. මෙම පෙම් යුවළ පවත්වාගෙන යන ආදර සම්බන්ධතාව පිළිබඳ දෙපැත්තේම මව්පියෝ කිසිවක් දැන නොසිටියහ.
ඉකුත් සඳුදා තරුණියගේ මව ඇඟලුම් ආයතනයේ රැකියාවට පාන්දරින්ම පිටත්ව ගියාය. පියා ද එදින නගරයේ බැංකුවකට යන බව කල්තියා තරුණිය දැන ගත්තාය. සිය මවත් පියාත් පෙරවරුවේ නිවෙසේ නොමැති බවත් වේලාවක් කලාවක් තියෙනවා තමා සමග කතා බහ කර සිටීමට සිය නිවෙසට පැමිණෙන ලෙසත් තරුණිය තරුණයාට ඉරිදා දුරකතනයෙන් ආරාධනාවක් කළාය.
ආරාධනාව පිළිගත් තරුණයා පෙරවරු 10 ට පමණ තරුණියගේ නිවෙසට ප්‍රථම වතාවට ගියේ රුපියල් 100 ක් වටිනා චොකලට් එකකුත් රැගෙනය. දෙදෙනා තරුණියගේ කාමරයේ පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවේ දී තරුණියගේ පියා බැංකු රාජකාරි කටයුතු හනික අවසන් කොට පෙරවරු 11.10 ට පමණ නිවෙසට පැමිණියේ දියණියට කතා කරමින්ය.
තරුණයාටත් තරුණියටත් කර කියා ගත හැකි දෙයක් නොවීය. සිය පෙම්වතා ආරක්ෂා කර ආපසු නිවෙසින් පිට කළ යුතු බව දැන ගත් තරුණ පෙම්වතිය පියා යළි නිවෙසින් මොනයම් හෝ කාරණාවකට එළියට බැස යන තෙක් සිය පෙම්වතා හනික ඇඳ යටට තල්ලු කළාය.
ඇඳ යට තිබූ දූවිලි මකුළු දැල් තරුණයාගේ ඇඳුම් පැලඳුම්වලත් මුහුණ අත පයෙත් තැවරුණේය. හදිසියේ කිවිසුමක් කිහිපයක් පිට කරන්නට සිදු වුවත් තරුණයා එයත් ඉතාමත් අපහසුවෙන් තදකර නතර කරගෙන ඇඳ යට සිටින්නට විය. දහවල් 12 ට පමණ තේ කෝප්පයක් සාදා තරුණියට කෑමට පියා ගෙනත් දී තිබු වඩේ ගෙඩියක් සමග ඇඳ යටට තල්ලු කළාය. තරුණයා වඩේ ගෙඩියත් තේ කෝප්පයත් ඇඳ යට දී භුක්ති වින්දේ දැඩි අපහසුතා මධ්‍යයේය. පෙම්වතාට දහවල් කෑම පිළියෙල කර තිබුණද ඇද යට සිට කෑම ගැනීමට අපහසු නිසා තරුණිය තරුණයාට කෑම පිඟානක් නොදුන්නාය.
තරුණියගේ පියා සවස 5 ට පමණ මීටර් 300 පමණ ඈතින් පිහිටි ඔයට දිය නෑමට ගියේය. පසුව තරුණිය ඇඳ යට සිටින තරුණයාට කතා කොට පියා නාන්න ඔයට ගිය බව පැවසුවාය. හනික ඇඳ යටින් එළියට ආ තරුණයා ඇඳ සිටි ඇඳුම් පැලඳුම්වල දූවිලි මෙන්ම මකුළු දැල් පිස දැමූ තරුණිය මිදුලට ගොස් නිවසේ දෙපස බලා තරුණයා නිවසින් පිටත් කර හැරියේ දවල්ට උයා තිබූ කෑමවලින් කොටසක් ඔතා දෙමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට