X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක්

(සුජීව එදිරිසිංහ)

තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ පෙම්වතකු පිළිබඳ පුවතක් මධ්‍යම පළාතෙන් වාර්තා විය. මෙකී පුද්ගලයා වෙළෙඳසලක සේවය කරන අයෙකි.

ඔහුගේ පෙම්වතිය සෑම දිනම පාහේ මොහුට යම් යම් දේවල් තෑගි ලෙස ලබා දෙන්නේ ඇය යමක්කමක් ඇති පවුලක තරුණියක් නිසාය. එහෙත් මෙම තරුණයා වෙළෙඳසලක සේවය කරන නිසා ඔහුට ඇයට තරම් මුදල් තිබුණේ නැත.

මොහු අත මුදල් නොමැතිම අවස්ථාවක සිය පෙම්වතිය ඔහුට තරමක් ලොකු චොකලට් එකක් තෑගි ලෙස ලබා දුන්නාය. නමුත් මෙම අවස්ථාවේ මෙකී තරුණයා අත මුදල් නොමැතිවීම නිසා තමා සේවය කළ වෙළෙඳසලේ තිබූ හොඳින් ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් කපා යහමින් ඔතා තරුණියට පරිත්‍යාග කළේය. ඇය ද සිත සතුටින් පෙම්වතා දුන් ත්‍යාගය රැුගෙන ගියාය.



අදහස් (0)

පෙම්වතියගේ චොකලට් තෑග්ගට පෙම්වතාගෙන් කෙසෙල් ඇවරියක්

සේකර Tuesday, 19 May 2015 01:02 AM

මේ ජෝඩුව ආදරය කළාට හරියට දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැහැ වගෙයි පෙනෙන්නේ. නැත්නම් ගැහැණු ළමයා චොක්ලට් දෙන්නෙත් නැහැ. පිරිමි ළමයා කෙසෙල් දෙන්නෙත් නැහැ. දෙන්නට දෙන්නා දෙන්නගෙ තත්වය දන්නවා නම් දෙන්නම ඔය බොරු තෑගි හුවමාරුව පැත්තක දාලා කීයක්හරි ඉතුරු කරගන්නයි බලන්නේ. මේ මඟුල හරියන එකක් නෙමෙයි. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 20 May 2015 07:42 PM

කෙසෙල් චොක්ලට් වලට වඩා මොනතරම් ගුණ දෙයක්ද? (නි)

:       0       0

නදීකා Wednesday, 20 May 2015 02:39 AM

අන්න නියම ජෝඩුවක් (නි)

:       0       0

සුරේන් Wednesday, 20 May 2015 01:36 AM

අපෝ! බාලම එක්කෙනා ගැන කියපු දේවල් නම් සහතික ඇත්ත. මගේ නෝනාගේ නංගි ඔය වගේ. එයාට ඉස්තරමින් හැම දෙයක්ම ඕනෑ. බලන්නෙම ලෙහෙසියයි පහසුවයි. ගෙදර වැඩට පුදුම කම්මැලිකමක්. බොහොම අමාරුවෙන් අපි විවාහයක් කරලා දුන්නා. බැඳපු දවසේ ඉඳලා අද වෙනකන් චුරු චුරුව. අයියෝ අපිට එපාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ගීතා Wednesday, 20 May 2015 01:14 AM

දැන් කසාද බඳින්න ගැහැණු ළමයෙක් හොයන එක තම අරුමේ. පළවෙනියට තියෙන්නේ නායකත්ව හුරුව, දෙවෙනියා හිතුවක්කාරී , තුන්වෙනියා බොහෝවිට ..... (ඒ ගැන කතාකරලා වැඩක් නැහැ),බාලම ළමයා හරිම කම්මැලියි. (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 19 May 2015 01:42 PM

ඒක හොදයි.(හේ)

:       0       0

නිරෝෂා Tuesday, 19 May 2015 10:49 AM

නිහාල්, සුද්දෝ මල් දෙන්නේ එයාල ගාව ගඳ හින්ද . (ස)

:       0       0

ඉනෝකා Tuesday, 19 May 2015 07:34 AM

චන්න කියපු කතාව සහතික ඇත්ත. මගේ බාලම නැගණිය ගෙදර ඉන්න දවස්වල මෙලෝ වැඩක් කරන්නේ නැහැ.දැන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. කොහොම කොහොම හරි කරගෙන ඔය ඉන්නේ. (හේ)

:       0       0

ධනීෂා Tuesday, 19 May 2015 03:53 AM

සමහර පෝසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ගේ ආදරේ අරන් එයාලව දාල යනවා. (බ)

:       0       0

කෞෂල්‍යයා Tuesday, 19 May 2015 03:32 AM

මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ.(ම)

:       0       0

චන්න Tuesday, 19 May 2015 02:35 AM

ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් නෝනා කෙනෙක් ගත් කෙනා දිනුම්. සමහර නෝනලාට මොනවා දීලත් සතුටු කරන්න බැහැ. මම පොඩි රහසක් කියන්නම් බඳින්න ඉන්න තරුණ මල්ලිලාට. විවාහ වෙනකොට පවුලේ බාලම ගෑනු ළමයා බඳින්න තෝරා ගන්නකොට දෙපාරක් හිතන්න. ලංකාවේ සාමන්‍යයෙන් පවුලේ බාලම ගෑනු ළමයා උදේ තේ එකේ සිට අතට දීලා හැමදෙයක්ම ඉල්ලු සැණින් ලැබිලා පුරුදු වුණ කට්ටිය. එහෙම කෙනෙකුට ගෙදරක වගකීම ගන්න පුරුදු වෙන්න කල් යනවා. හැමදෙටම් ඔරොත්තු දෙන ගෙදරක වගකීමෙන් හිටපු ගැහැණු ළමයෙක් තෝරාගත්තා නම් ගොඩේ ගොඩ. (නි)

:       0       0

ඇසිලින් Tuesday, 19 May 2015 02:34 AM

පෙම්වතාට යමක් තේරිලා ! (නි)

:       0       0

ලසිත් Tuesday, 19 May 2015 02:00 AM

තෑගී භෝග දීලා පුරුදුකරගෙන රඟේ තේරෙන්නේ බැන්දාට පසුව. ඊළඟට හැම මාසෙම සාරි, සපත්තු, අත් බෑග් විතරක් නෙවෙයි මඟදී තේ එකක් බොන්න ගියත් හිල්ටන් එකෙන්ම ඒකත් ඕනෑ. අපේ යාලුවෙකුට වෙච්ච දෙයක් මේ. මම නම් තෝරාගත්තේ අද හිල්ටන් එකෙන් කාලා හෙට සයිවර් කඩෙන් කන්න සූදානම් නෝනා කෙනෙක්. (නි)

:       0       0

කසුන් Tuesday, 19 May 2015 01:17 AM

මාර අදහස්නේ දාන්නේ අපේ කට්ටිය. ඇත්තටම කාට වුණත් යමක් ඉගෙනගන්න පුළුවන් දෙයක් ලියන එක ගැන ස්තුතියි. (නි)

:       0       0

කෙවින් Tuesday, 19 May 2015 01:11 AM

රස්සාවක් එහෙම හොයාගෙන සල්ලි ටිකක් හම්බකරගෙන ඕවා කරගත්තම ජීවිතේ හරි සුන්දරයි. ඒ එකක්වත් නැතුව මඟුල විතරක් කරගත්තම ජීවිතේ හරිම අසුන්දරයි. දෙන්නට දෙන්නත් එපා වෙන්නේ නැති වැරදි පේන්නෙ එතකොට තමයි. (නි)

:       0       0

ජයනි Tuesday, 19 May 2015 01:10 AM

කිසියම් ස්ථාවරයක් හදාගෙන ආදරය කරන්න ගත්තා නම් මීට වඩා කොන්ද කෙළින් තියාගෙන ආත්ම ගෞරවයත් රැකගෙන ආදරය කරන්න තිබුනා. තරුණ ළමයි තමන්ගේ වටිනාකම තමාටවත් තේරන්නෙ නැති කාලේ ආදර පොරොන්දු දීලා විහින් අමාරුවෙ වැටෙනවා. (නි)

:       0       0

සොපී Monday, 18 May 2015 08:16 AM

පෙම්වතිය දෙමාපියන්ගේ මුදල් වලින් චොක්ලට් තෑගි කළා නම් වැඩක් නැහැ.පෙම්වතා කෙසෙල් ඇවරිය දුන්නේ මුදලාලිට හොරෙන් නම් ඒ තෑග්ගෙනුත් ඇති වැඩක් නැහැ. (නි)

:       0       0

කපිල Tuesday, 19 May 2015 12:58 AM

අවංක ආදරය හා අවංක හදවත් ගැන පමණක් හිතලා ආදරය කරලා බැඳපු මඟුල් තමයි ඉක්මනටම කැඩෙන්නේ. ඒනිසා ආදරය අවංක වියයුතුයි. ඒ වගේම ගැළපෙන්නත් ඕනෑ. නැත්නම ප්‍රශ්න ඇතිවීම වළක්වන්න බැහැ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 19 May 2015 12:33 AM

අවංක ආදරය ඇතිවන්නේ අවංක හදවත් තුළයි. දෙන තෑග්ග අනුව ආදරය මනින්න නොහැකියි. (නි)

:       0       0

නිහාල් Monday, 18 May 2015 11:51 PM

සුද්දෝ දෙන්නේ නම් මල් පොකුරු. (නි)

:       0       0

කරුණාදාස Monday, 18 May 2015 11:31 PM

යාළුවෙලා ඉන්න කාලේ කෙසෙල් ගත්තාට ඕවා තමයි බැන්දට පස්සෙ ප්‍රශ්න වෙන්නෙ. නොගැළපෙන දීග කරගන්න එක දුප්පත් පොහොසත් දෙපැත්තටම නරකයි. තවත් එක් නඩත්තු හෝ දික්කකසාද නඩුවක් එකතු නොකර දැන්මම ගැළපෙන අතක් බලාගන්න කියලා තමයි පුතේ කියන්න තියෙන්නේ. මේවා කියන්නේ අත්දැකීමෙන්. (නි)

:       0       0

සඳුන් Monday, 18 May 2015 11:09 PM

සොපී, තරුණ කාලේ ආදරය කළා නම් ඔහොම කියන්නේ නැහැ. වැඩිහිටි වුණාම නම් වෙනස්. අජිත් කිව්වා වගේ එකක් "සුද්දිලාගේ කතා" වේ තියෙනවා. (නි)

:       0       0

සරත් Monday, 18 May 2015 10:10 PM

මම නම් ඒ කාලේ තෑගි දෙනවට කැමතිම නැහැ. අතේ සතේ නැහැනේ. ඒ ආදරය හරිම රසවත්. (නි)

:       0       0

ඉනෝකා Monday, 18 May 2015 09:15 PM

චොක්ලට් හෝ කෙසෙල් හෝ වැදගත් වෙන්නේ නැහැ.ඒවා නිකම් තුටුපඩුරු පමණි. වැදගත් වෙන්නේ අවංකවූත් අකලංකවූත් ප්‍රේමය පමණි!! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සීෂෙල්ස් Monday, 18 May 2015 05:39 PM

පෙම්වතිය හොඳ මනුෂ්‍ය දුවක් වගේ.දෙන ලද තෑග්ග සතුටින් රැගෙන ගියා කියන්නේ ........? අද කාලේ අහන දකින දේවල් වල හැටියට, අද සමහරු කෝටිපතියන් වුණත් දරුවන්ට ආදරය කරන ගැහැණියක් ,පිරිමියෙක් නොවේ සොයන්නේ.මුල් තැන දෙන්නේ දෑවැද්දට.දෑවැද්ද තියනවා නම් ඕනෑම කුණුගොඩක් කරගහන උදවියත් ඕනෑතරම් ඉන්නවා (නි)

:       0       0

ශෙහාන් Monday, 18 May 2015 04:19 PM

විටමින් පිරි තෑග්ගක් දීලා තියෙන්නේ (නි)

:       0       0

අජිත් Monday, 18 May 2015 12:38 PM

මට මතක් වෙනවා මම ආදරය කරපු කාලේ, මම ගැහැණු ළමය බලන්න යනකොට සීනි කිලෝ එකක් ගෙනියනවා. ඉතින් එනකොට රුපියල් විස්සකුත් දීල තමි එන්නේ මොකද ලියුම් එවන්න මුද්දර ගාස්තු. අපේ කාලේ mobile තිබුනේ නැහැනේ sms එවන්න. හරිම රසවත් ලිපි කියවනකොට. දැන් ලමින්ට ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. විනය, සන්ග්යමය, ලජ්ජා බය, කවිය, පදවහර වගේ දේවල්.

:       0       0

සමන්ති Monday, 18 May 2015 12:05 PM

තෑග්ගක වටිනාකම තියෙන්නේ එහි මුල්‍යමය වටිනාකම නොවේ. දෙන හා ගනු ලබන අයගේ සිතේ ඇතිවන ප්‍රබෝධයයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 May 2015 09:42 AM

දුප්පත් කොල්ලෙක්ට පෝසත් කෙල්ලෙක්ට ආදරය කරන්න මේ එක මිනුම් දණ්ඩක්වත් අදාළ නැහැ , හොඳ හිත මිසක (බ)

:       0       0

භානු Monday, 18 May 2015 09:21 AM

තමන්ගේ ආර්ථික තත්වයට ඔරොත්තු දෙන සහකාරියක් තෝරාගත්තේ නැති නම් මේ වගේ දේවල් හැමදාම සිද්ධ වෙන්න පුළුවන්. (බ)

:       0       0

ධනුක Monday, 18 May 2015 08:30 AM

උඩ අතු අල්ලන්න ගියාම ඉතින් මෙහෙම අපහසුතා ඇති වෙනවා. . (ම)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 08:20 AM

විටමින් පිරි තෑග්ගක් දිලා තියෙන්නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site