(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
යුවතියකගේ අත් බෑගයේ සැඟවී ආ පෙරේතයකු හදිසියේ කොළඹ-නුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී කළඑළි බැසීමෙන් බස් රථය එකම තොවිලයක් බවට පත්වූ පුවතක් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
බටහිර පන්නයට හැඩ වැඩ වී සිටි ඇය තම පෙම්වතා යැයි සිතිය හැකි තරුණයකු සමඟ කොළඹ බලා දිවෙන නගරාන්තර ශීඝ්‍රගාමි බස් රථයකට ගොඩවී ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේදීය.
බස්රථයේදී ඔවුන්ගේ ලෝකයේ තනිවූ ඔවුන් සෙසු මගීන් ගැන තුට්ටුවකට මායිම් නොකර උකුළු-මුකුළු පාමින් ගියද ඇයගේ පෙම්වතා යැයි සිතිය හැකි තරුණයා ඇයගෙන් සමුගෙන බැසගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේදීය.
ඉන් අනතුරුව හුදකලාව නිදිමත ස්වරූපයෙන් ගමන්ගත් ඇය කඩවත ප්‍රදේශය පසුවනවාත් සමගම එක්වරම පෙරේතයෙක් පෙරේතයෙක් යැයි මහ හඬ නඟමින් තම අත්බෑගයද ගසා දමා බස්රථයේ ආසන මත නැගී දඟලන්නට වූවාය.
හිටිහැටියේම වූ මෙම කලබැගෑනිය කුමක්දැයි නොදත් රියදුරුද ලහි ලහියෝ බස්රථය අයිනක නවතා සෙසු මගීන්ද සමගින් විපරම් කිරීමේදී දැක ඇත්තේ ඇගේ අත් බෑගයේ එතෙක් සිරව සිටි හූනෙකු පණ බේරාගෙන බස් රථයේ දිවයන අයුරුයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතියගේ බෑගයේ පෙරේතයෙක්