(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වසර දෙකක් ඇසුරු කළ පෙම්වතිය තවත් තරුණයකු සමඟ පැන ගියා යැයි කනස්සල්ලට පත් තරුණයකු හැට්ට කටුවක් රත්කර පෙම්වතියගේ නම ඉංග්‍රීසි අකුරෙන් වම් අතේ කොටාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියද විශ්ව විද්‍යාල වරම් අහිමි විය. තරුණයා මීට වසර දෙකකට පමණ ඉහතදී කෑගල්ල නගරයේ රෙදිපිළි අලෙවි වෙළෙඳ සලකට ගිය අවස්ථාවේදී එහි සුරූපී වෙළෙඳ සේවිකාවක ගැන සිතක් පහළ වී ඇයගේ ජංගම දුරකථනයේ අංකය ද ඉල්ලා ගත්තේය. පසුව දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පෙම්වතුන් බවට පත් වූහ.
ඇය වයස දැනට අවුරුදු 21 ක තරුණියකි. තරුණිය උසස් පෙළ විභාගය අවසන් වූ විගසම ඇය කෑගල්ලේ රෙදිපිළි අලෙවි සලක සේවයට පැමිණ තිබිණි.
මෙම තරුණයාත් තරුණියත් වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වෙලී සිටින අවස්ථාවේදී මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින්ම තමන් ළඟට ගන්නා ලෙසය.එහිදී තරුණයා තරුණියට බැගෑපත්ව ප්‍රකාශකර ඇත්තේ බාල සහෝදරයාත් සහෝදරියත් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බවත් නිවසට කැන්දාගෙන යන්න තරම් සුදුසු පසුබිමක් නිවස තුළ නැති බවත් තවදුරටත් ඉවසන ලෙසය.
පසුව තරුණියගෙන් තරුණයාට පෙර තිබූ ආදරය ටිකෙන් ටික අඩුවේගන ගිය අතර පෙම්වතියට වෙනත් සම්බන්ධතාවක් ඇති බවට තරුණයාට සැකයක්ද පහළ වී තිබුණි. එම සැකය සම්බන්ධයෙන් තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී තරුණියගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කර තිබිණි.
එහිදී තරුණිය තරුණයාට කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ආදර සම්බන්ධතාව ටිකෙන් ටික අඩු වී යන්නට විය.
මීට සතියකට පමණ ඉහතදී තරුණියගේ ජංගම දුරකතනය එකවර ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් තරුණයා දැඩි වේදනාවට පත්විය. පසුව බැරිම තැන තරුණයා පෙම්වතිය සේවය කළේ යැයි කියන වෙළෙඳ ආයතනයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සේවිකාවකගෙන් විමසීමක්ද කළේය. එහිදී තරුණයාට දැනගන්නට හැකි වී ඇත්තේ ඇය වෙනත් තරණයෙකු සමඟ පැන ගොස් ඇති බවත් දින කිහිපයක සිට වෙළෙඳසලේ රැකියාවටද නොපැමිණි බවත්ය.
දැඩි වේදනාවට පත් තරුණයා පසුව නිවසට පැමිණ වේදනාව තුනී කර ගැනීමේ අරමුණෙන් කාමරයට ගොස් ඉටිපන්දමක් මේසය මත දල්වාගෙන හැට්ට කටුවක් ගෙන එය ගිනියම් වෙනතුරු රත්කරගෙන වම් අතේ පෙම්වතියගේ නමේ මුල් වචනයේ ඇති අකුරු තුන ඉංග්‍රීසියෙන් පිළිස්සී පිළිස්සී හඬ හඬා කොටාගෙන ඇති බවද වාර්තා වෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතියගේ බූට් එකට පෙම්වතා හැට්ට කට්ටෙන් නම පච්ච කොටාගෙන
vernon Thursday, 25 June 2020 03:57 PM
දැන් මේක ප්‍රචාරය දෙන්න තරම් වීරක්‍රියාවක්ද?
narda Thursday, 25 June 2020 05:20 PM
අපේ ගෙදර තියෙන කරත්තේ බඳින්න හොඳයි.
Pathum Friday, 26 June 2020 09:39 AM
දියවන්නාවට යවන්න හොඳ පොරක්...