(හක්මන විශේෂ- දෙනගම යසන්ත ආරියසේන)
අම්මාගේ බැංකු කාඩ් පත සොරකම්කර අසනීපයට බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස පෙම්වතාට ලබා දී ඇති අතර කාඩ් පතෙන් මුදල් ලබාගෙන බෙහෙත් වෙනුවට බීර සහ බයිට් මිලදීගෙන රැගෙන එද්දී ආරක්ෂක අංශවලට කොටු වූ අපූරු පෙම්වතෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ.
පෙම්වතිය දහනව හැවිරිදි වියේ පසුවන වන අතර පෙම්වතාගේ වයස අවුරුදු දහසයකි. දෙදෙනාම එකම පාසලේ ඉගෙනුම ලබති. මේ ප්‍රේමයට වසරක් පමණ කාලයක් ගෙවී ගොස් ඇති අතර දෙදෙනා නිවෙස්වලට හොර රහසේ අතර මගදී හමුවීම ද සිදු කළහ.
අසනීපයකට බෙහෙත් ගැනීමට මුදල් නොමැති බව පෙම්වතා සිය පෙම්වතියට පැවසීම නිසා අම්මාගේ බැංකු කාඩ් පත හොරෙන් ලබාගෙන රුපියල් එක්දහස් පන්සියක් ලබාගන්නා ලෙස පෙම්වතිය පැවසුවාය.
පෙම්වතා බැංකු කාඩ් පත ද රැගෙන ත්‍රිරෝද රථයකට නැගී යහළුවකු සමගින් නගරයට ගොස් බැංකුවෙන් රුපියල් හය දහසක් ලබාගෙන දෙදෙනා රට බීමහලෙන් බීර කෑන් කිහිපයක් සහ අසල කඩයකින් බයිට් පැකට් කිහිපයක් ද මිලදී ගෙන තිබේ.
ආපසු පැමිණෙමින් සිටියදී දෙදෙනාම ආරක්ෂක අංශවල පරීක්ෂාවට ලක්වූ අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පෙම්වතා සහ මිතුරා සියල්ල වමාරන්නට වූහ. පරීක්ෂා කිරීම් සිදු කළ ස්ථානය අවට සැරිසරමින් සිටි තරුණියක් කෙරෙහි සැක සිතූ ආරක්ෂක අංශ ඇයගෙන් ද ප්‍රශ්න කළේය.
මවගේ බැංකු කාඩ් පත සොරකම් කර පෙම්වතාට ලබාදුන් බවත් අසනීප බව පවසමින් පෙම්වතියගෙන් මුදල් ලබාගත් බවටත් එහිදී අනාවරණය විය. පෙර අවස්ථාවකදී පෙම්වතියගේ පෙන්ඩනයක් ද මෙලෙසම ලබාදී ඇති බවත් එය ද උගස්කර තිබියදී සොයාගෙන ඇති අතර දෙදෙනාගේම වැඩිහිටියන් කැඳවා ඔවුනට විස්තරය පැවසීමෙන් පසු පාසල් වයසේ පසුවන ළමයි දෙදෙනාට අවවාද කර මුදාහරින ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
සිද්ධිය සමතයකට පත් වුව ද කතාව ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම්වතියගේ සොරාගත් බැංකු කාඩ්පතෙන් පෙම්වතා උගුලක