X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


පේ‍්‍රමයෙන් මත්වී සෝස් සමඟ අළුවා කාලා

තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝටල් සේවකයෙකු පිළිබඳ අපූරු සිද්ධියක් මාලදිවයිනේ සංචාරක නිකේතනයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.

මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. සේවය කරනුයේ මාල දිවයිනේ සංචාරක නිකේතනයකය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් වෙනමම ආහාර පාන සකසා ඒ අය වෙනුවෙන් වෙන් කළ ස්ථානයක එම ආහාර පාන ලබා දෙන මෙම සංචාරක නිකේතනයේ සෑම දිනකම සවස් වරුවේද තේ පානය සඳහා සැනඞ්විච්, රෝල්ස්, කට්ලට් වැනි දෑ සපයනු ලබයි. පසුගිය දිනෙක සවස තේ පානය සඳහා මෙම ස්ථානයට ගිය ඉහත කී සේවකයා දුටුවේ එම හෝටලයේම සේවය කරන සුරූපී තරුණියකද තේ පානය සඳහා පැමිණ ඇති බවයි. 

ඇය සමග කුළුපග වීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතූ මෙකී තරුණ සේවකයා ඇය අසලින්ම වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. තේ මේසයේ තිබෙන්නේ මොනවාදැයි වත් ඔහුට අමතක විය. ඇය සමග සතුටු සාමිචියේ යෙදෙන ගමන්ම කුඩා පිඟානක් අතට ගත් ඔහු තක්කාලි සෝස් එහි දාගෙන තේ පානය සඳහා සූදානම් කර තිබූ කැවිලි වර්ගයක්ද රැගෙන තරුණිය අසලින්ම වාඩි වී තමන් ගත් කැවිලි සෝස්ද සමගින් කන්නට විය. තරුණිය ළඟ සිටි නිසා තමන් කන්නට ගෙන ඇත්තේ මොනවාදැයි යන්නවත් තේරුම් ගෙන නැති මෙම තරුණ සේවකයා සෝස් සමග කා ඇත්තේ ඊට පෙර දිනයේ නිවාඩු ගොස් පැමිණි තවත් ශ්‍රී ලාංකිකයකු විසින් ගෙනැවිත් තිබූ අළුවායි. 



අදහස් (0)

පේ‍්‍රමයෙන් මත්වී සෝස් සමඟ අළුවා කාලා

සොපී Friday, 18 December 2015 03:38 AM

ඇයි යෝගට් එක්ක වඩේ කන අයත් ඉන්නේ (නි)

:       0       0

රූපවතී Sunday, 20 December 2015 07:53 PM

කෙසෙල් මුවක් හීනියට ලියලා ලුණු වතුරෙන් මිරිකලා පැහෙන තෙලෙන් රන්වන් පාටවෙන්න බැඳලා, ඒකට අමුමිරිස්, රතුලූණු, හීන් මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ එකතුකර කටට රස සම්බෝලයක් සාදාගන්න පුළුවන්. කැකුළු බතුයි කරවල බැදුමකුයි කටට රස බේරෙනවා ..! (නි)

:       0       0

චන්දි Sunday, 20 December 2015 10:50 AM

තව, බිත්තර ඔම්ලට් ගොඩාක් ළුණු දාලා, රොස්ට් කරපු එළු මස් කෑල්ලක් එක්ක කාලා බලන්න (බ)

:       0       0

චන්දි Sunday, 20 December 2015 05:43 AM

රාධා, අඹ විතරක් නෙවි තැඹිලි පාට දොඩම් ගෙඩියක් කෑලි කෑලි කපල ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් පොඩ්ඩකුයි දාගෙන කාල බලන්නකෝ රස කොහොමද කියල (බ)

:       0       0

සමන්ති Sunday, 20 December 2015 12:39 AM

කොහොම වුණත් ප්‍රේමයෙන් මනරන්ජිත වේ කියලා තියෙනවානේ (නි)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 01:52 PM

රාධා, ඔයා ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයිද?? (නි)

:       0       0

සොපී Friday, 18 December 2015 03:43 PM

බෙන්තර මහේෂ්, ඇයි අනේ ඔයා දන්නේ නැද්ද සව්හාලුයි - සම්බෝලයි කන අයත් ඉන්නවා . (නි)

:       0       0

අබේසිංහ Friday, 18 December 2015 02:44 PM

මේවා මොනවද අනේ ප්‍රේමයෙන් මත්වුණාම? (නි)

:       0       0

දුල්මි Friday, 18 December 2015 01:56 PM

ප්‍රේමයෙන් මත්වුණා කියලා අහපු ගමන් පිටබැද්දර ජයාට හෝ ගාලා කිවිසුම් යනවා වගේ (නි)

:       0       0

ගුණවර්ධන Friday, 18 December 2015 01:50 PM

ඔයාලා මොනවා කිව්වත් ප්‍රේමයෙන් මුසපත් වුණ වෙලාවක මොනවද නොකා ඉන්නේ? කන්නම්කො ලුණුමිරිසක් එක්ක කේක් වුණත් (නි)

:       0       0

සමන් මාලදිවයින Friday, 18 December 2015 08:22 AM

කොහොමද උණු උණු පරාට එක්ක ඉදුණු කෙසෙල් ගෙඩි ....(ම)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 18 December 2015 04:02 AM

අනේ සොපියෝ නිකම් බොරු නොකිය ඉන්න (බ)

:       0       0

සෑම් Thursday, 17 December 2015 06:22 AM

අපේ නෝනා කේක් හදපු හැමදාකම මම කේක් කෑල්ලක් අතට ගන්නේ 'පරිප්පු හොද්දක් හරි කලටි පොල් සම්බෝලයක් හරි තිබුනානම් මරු " කියලයි . (ම)

:       0       0

සරසි Friday, 18 December 2015 12:29 AM

මේ පිරිමියාගේ සිහිකල්පනාව නැතිකමටත් සමහරු වහෙන්ඔරෝ දොස් කියලා තියෙන්නේ කාන්තා සංහතියටනේ? (නි)

:       0       0

චාරු Friday, 18 December 2015 12:29 AM

නියඟලා අල කන්න වෙන්නේ ජයා වගේ උදවිය කිට්ටු කරගත් බවලතුන්ට තමයි. කොයිවෙලෙත් නහයෙන් අඬාගත් ගමන්! (නි)

:       0       0

මලික් Friday, 18 December 2015 12:19 AM

පිටබැද්දර ජයාට ගිහිගෙය කළකිරිලා වගෙයි. හපොයි! හොඳ වෙලාවට මේ පුවත් තීරුව අලුත බැඳපු ජෝඩු කියවන්නේ නැද්ද කොහෙද? නැත්නම් ඒ මිනිසුන්ට සංසාරේ එපාවෙනවා ජයාගේ පඬි වදන් දැක්කහම. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 17 December 2015 11:06 PM

නියඟලා අල කන්න වෙන්නේ පස්සේ. (නි)

:       0       0

හිමාෂි Thursday, 17 December 2015 05:37 PM

ජයා කොයි වෙලාවේ බැලුවත් නහයෙන් අඬන ගමන් (නි)

:       0       0

රාධා Thursday, 17 December 2015 04:02 PM

ලංකාවේ මිනිස්සු ඉදුණු අඹ කනකොට ලුණු කුඩුයි මිරිස් කුඩුයි දාගෙන කන්නේ. වෙළෙන්දෝ විකුණන්නෙත් ලුණු කුඩුයි මිරිස් කුඩුයි සමඟනේ. බත් කනකොට වතුර වෙනුවට කෝලා බීම බොන්නේ. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 17 December 2015 01:24 PM

සියනෑ කෝරලයෙන් පැමිණි .ඔහු සමුර්දි නියාමකයෙක්. රජයේ සේවකයන්ට දෙන දෙවසරේ නිවාඩුවට මෙහි පැමිණියේ.ඇඳුම් මැසීමේ කාර්යයට.කාලයාගේ අවෑමෙන්.ලොව පුරාවිසිරී සිටිනා පිලිපීන ජාතික සේවකයන් මෙහිද සුලබව සිටින නිසා. එවන් කාන්තාවක් වෙනුවෙන් වැඩිකාලයක්.වෙහෙසුන මොහු.දිනක් ඔවුන්ගේ සාදයකදී.කිරි හෝ මීපැණි සමග.අමුම අමු කෙසෙල් වළඳා එහි ආදීනව තවත් ශ්‍රී ලාංකිකයෙක් හා පැවසුවාලු වසර 5ක් පමණ මෙහිසිට නැවත මව්බිමට නික්මගොස් ඇතත්. අමු කෙසෙල් කාපු. වගේ කියල තවමත් කට්ටිය මතක් කරනවා ...ටේලර් මහත්තයව.(අ)

:       0       0

රංග Thursday, 17 December 2015 01:11 PM

මේ වැඩේ පිටබැද්දර ජයාගේ කාටවත් වුන දෙයක්ද මන්දා මේ බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. (බ)

:       0       0

ජෙනි Thursday, 17 December 2015 01:03 PM

පිටබැද්දර ජයාට බවලතුන් සම්බන්ධයෙන් පුදුම අමනාපයක්නේ තියෙන්නේ. ගෙදර තියා අහල පහල පිරිමියෙකුටත් කාන්තාවක් ලඟින් ගියත් උදැල්ල දික් කරන පාටයි. (අ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Thursday, 17 December 2015 10:21 AM

සමහර පිරිමින්ට ගැහැණු පුළුටක් ළඟ හිටියොත් වහ උනත් මී පැණි කියාලා කනවා , හෙමෝම නොවේ. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 09:11 AM

ප්‍රේමයෙන් මුසපත් උන නුඹ සෝස් සමග අලුවා කාල බේරුනා ඇති මලේ නියඟලා නොකා ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site