කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සම්මත ජාතික කිව්.ආර්. කේතයට දෙන සීමිත ඉන්ධන ප්‍රමාණය වෙනුවට පොම්පකරුට අලි ගැටයක් ගසා සිය යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මුළුමනින්ම පුරවා ගත් අයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
කිව්.ආර්. කේතයට අනුව සීමිත තෙල් ප්‍රමාණය අසීමිතව ගසන මේ පොම්පකරු පිළිබඳව ඔහුට දැනගන්න ලැබෙන්නේ හිතවතුන්ගේ මාර්ගයෙනි. අත යට ගාණක් දෙන්නේ නම් මේ පොම්පකරු කිව්.ආර්. කේතයේ සීමිත තෙල් ප්‍රමාණයට වඩා ලබාදෙන බවද ඔහුට සැලවිය.
එදා ඔහු සිය යතුරුපැදියට තෙල් ගසා ගැනීමට ගියේ ඔහු ළඟටය. ඒ සිය ජංගම දුරකතනයේ ගබඩා කර ඇති කිව්.ආර්. කේතය ඉන්ධන පිරවුම් පොළේ ජංගම දුරකතනයකින් සටහන් කිරීමෙන් අනතුරුවය.
මද සිනහවකින් ඔහු පිළිගත් පොම්පකරු මහත්තයා ඕන නම් ඉතින් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා දෙන්නම්, දන්නැද්ද ඉතින් මේවා අපේ වැඩනේ ඉතින් කීවේය. මේ සඳහා තමාට කීයක් හරි දෙන්න යයි නොකියා පොම්පකරු ඔහුගෙන් ඉල්ලුවේය.
හා ඒක කොච්චර හොඳ දැයි ඔහු කීවේ පොම්පකරුගේ යටි අදහස තේරුණා සේ හැසිරෙමිනි. පොම්පකරු ඔහුගේ යතුරු පැදියේ ටැංකිය පිරෙව්වේ ඔන්න වැඩේ හරි මහත්තයා කියමිනි.
ඉන්ධන ගසා ගත් ඔහු රුපියල් 5000 නෝට්ටුව දික් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල ගෙවීමටය. ඉතුරු මුදලෙන් රුපියල් පන්සීයක් අඩු බව දුටු ඔහු පොම්පකරුගෙන් මේ පිළිබඳව විමසුවේය.
ඇයි මහත්තයා ටැංකිය පුල් කළානේ ඉතින්. අපටත් කීයක් හරි ඕනනේ, ඒකයි එහෙම කළේ යයි පොම්පකරු කීවේය.
ඒක හරියන්නේ නැහැ, මට මගේ ඉතුරු සල්ලි ටික දෙනවා. මගේ ටැංකියට ගහපු වැඩි තෙල් ටික තමුසේ ගන්නවා යයි ඔහු කීවිට පොම්පකරුට හීන් දහඩිය දැම්මේ වෙන කෙනකුට ටැංකිය පුරවා ගාණක් හොයාගන්න තිබූ අවස්ථාව මේ යකා නැති කළා යයි සිතමිනි.
වැඩිය කතා කළොත් පෝලිමේ ඉන්න අයට ඇසේ යයි සිතූ පොම්පකරු ඔහුට ඉතුරු සල්ලි හරියටම දුන්නේ මේ වගේ අමාරුකාරයකුට අහුවුණාමයි සිතමින්ලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොම්පකරුට කොකා පෙන්වා පැදිකරු ෆුල් ටෑන්ක් ගහගෙන