X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


පොරපිටියට ගිය කුකුළා ගංජා දුමට මත්වී පරාදවෙලා

කුකුළන් කෙටවීම නීතිවිරෝධී ක‍්‍රියාවක් වුවද ඉඳහිට මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීම රහසිගතව සිදුවන බව නොරහසකි. පසුගිය දිනෙක, අයෙක් තම පොර කුකුළාවද රැගෙන මිතුරන් සමගින් එක්තරා ස්ථානයකට ගියේ ත‍්‍රීරෝද රථයකිනි. අනෙක් පොර කුකුළා හිමි තැනැත්තා හදිසි අවශ්‍යතාවක් සඳහා පිටව ගොස් සිටි අතර, පැය භාගයකින් පැමිණෙන බව ඔහු තම දුරකථනයෙන් ඔවුනට දැන්වීය.


ඔහු පැමිණෙන තුරු ත‍්‍රිරෝද රථයට වී සිටි පොර කුකුළා රැුගෙන ආ පිරිස අහළ පහළ අයට හොරෙන් ගංජා සුරුට්ටුවක් උරන්නට වූහ. පැය භාගයකින් පැමිණි අනෙක් පොර කුකුළාගේ හිමිකරු, ‘‘එහෙනම් වැඬේ පටන් ගමුයි’’ පැවැසීය. 


පොර කුකුළන් පිටියට මුදාහල විට දහ දොළොස් දෙනා ඔට්ටු අල්ලන්ට වූයේ රුපියල් දහසේ දෙදහසේ නෝට්ටු වලිනි. ති‍්‍රරෝද රථයෙන් සටනට පැමිණි පොර කුකුළා මීට පෙර පැවැති සටන්වලදී ජයග‍්‍රහණ ලැබූ එකෙකි.


‘‘අපේ එකා දෙයි අරූට නිල් වෙන්න’’ අයෙක් පැවසුවේ ගංජා සුරුට්ටුවෙන් මත්වී හඬනගා සිනාසෙමිනි.


නමුත් අවාසනාවකි. සටන් නොකළ එම පොර කුකුළා නිදිමත ගතියෙන් වැනෙන්නට වූයේ, අවට සිටියවුන්, මවිතයට පත්කරමිනි. අනෙකාගේ පහරින් ඌ බිම ඇද වැටුණි. ත‍්‍රිරෝද රථයෙන් පැමිණි පොර කුකුළා පරාජියට පත්විය. පසුව කාරනය වැටහිණි. ඔවුන් ගංජා සුරුට්ටුව පානය කර තිබුණේ පොර කුකුළාවද ළඟ තබා ගෙනය. පොර කුකුළාට ගංජා දුම ආඝ‍්‍රහණය වීමෙන් ඌ මත්වී ඇති බව කරුණු කාරණා දන්නා අයෙක් පැවසීය.


‘‘අපරාදේ මගේ රුපියල් පහළොස් දාහ’’ පැරදුණු අයෙක් පැවසුවේ සුසුම් හෙලමින්. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන රෝහලක් පිහිටි නගරයකින් අසන්නට ලැබිණි.
 



අදහස් (0)

පොරපිටියට ගිය කුකුළා ගංජා දුමට මත්වී පරාදවෙලා

යසපාල Tuesday, 27 October 2015 01:16 PM

කෝ මේ රූපවති, එන්න කියන්න, මට තියෙනවා ගනුදෙනුවක් බේරගන්න. (බ)

:       0       0

පති Thursday, 29 October 2015 11:43 AM

කුකුළා හිතන්න ඇති, නිකන් අතල් කඩා ගන්නේ මොකටද ඔනතරමක් ගහපන් කියල. (අ)

:       0       0

ගුණවර්ධන Wednesday, 28 October 2015 06:36 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... වුණාට සතුන්ට හිංසා කරන්නෙත් ඉතින් මිනිසාමනේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 08:30 AM

මිනිසා තිරිසනා තෝරා ගත නොහැක. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 27 October 2015 11:08 PM

අහිංසක සතුන් බිල්ලට දීලා සූදුවට ,සුරාවට ලොල්වුණ,ආගමක් දහමක් පිළිනොපදින මිනිසුන් ගැන අපේ නම් කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 27 October 2015 07:18 PM

පව් කියලා හිතුනා මේ කුකුළට සිදුවුණ දේ අහනකොට. (නි)

:       0       0

බුලත්සිංහල Tuesday, 27 October 2015 07:18 PM

දැන් කුකුළා හැමදාම මේ දුම ඉල්ලයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සාගර Tuesday, 27 October 2015 03:35 PM

මොකක්ද මේ වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

යස Tuesday, 27 October 2015 02:43 PM

මට නම් පේන විදිහට ඉහත කොමන්ටු දෙකම අපේ පිවිතුරු යහපාලගේ නොවෙයි. ඩුප්ලිකට් යසපාල කෙනෙකුගේ වාගෙයි පෙනෙන්නේ.යහපාලගේ කොමෙන්ටු නිතරම කියවන කෙනෙක් වශයෙන් මට මෙය දැනුන නිසා ලීවේ. (බ)

:       0       0

අන්ජන Tuesday, 27 October 2015 02:07 PM

අප්පේ මේක පොර පිටියක් නම් කරන්න එපා ආපහු..අපි මෙතනට එන්නෙ, මනසට සැහැල්ලුවක් ගන්න. ඒක නැති කරන්න හදන්න එපා ඔයගොල්ලො (බ)

:       0       0

ජෙහාන් Tuesday, 27 October 2015 01:29 PM

මට නම් ඔය කොයි පාලනය ආවත් ඒක ප්‍රතිචාර ලියන්න කාරනාවක් වෙන්නේ නැහැ. ඒ මොකද මම සාමාන්‍යයෙන් ඔය දේශපාලන පොර පිටියෙන් හරි හම්බ කර ගන්න කෙනෙක් නොවන නිසා. (බ)

:       0       0

සෑම් Tuesday, 27 October 2015 06:43 AM

වසර 30 කට පමණ පෙර ලංගම ඩිපෝවක ගංජා බීමට විරුද්ධව නිතරම කතා කරන අයෙක් රාත්‍රී වැඩමුරයෙදී බසයක් තුල නිදා ගත්තා .මොහුගෙන් නිතරම දොස් අසන ගංජා කාරයෝ සුරුට්ටු කිහිපයක් එකවර පත්තු කර මේ බසය තුලට ගංජා දුම් යවා සෑහෙන වෙලාවක් මුළු බසයම දුමින් පුරවා තැබුවා . ඊට පසු ආරක්ෂක අංශයට(විහිලුවට ) මොහ ගංජා බී වෙරි වී බසයේ නිදා ඉන්නවා කියා ඔත්තුව දුන්නා. ඔවුන් පැමිණ මොහුව අවදි කල විට මොහුට ආසනයේ ඉඳගෙන ඉන්නවත් බැරි තරමට වෙරි ඉන් පසු මොහු ගංජා බොන අයට දොස් කීම නැවැත්තුවා (බ)

:       0       0

යසපාල Tuesday, 27 October 2015 01:09 PM

ජෙහාන්ට දැන් සනීප ඇතිනේ මම පාඨක සභාවට එන්නේ නැති නිසා. අපේ ආණ්ඩුවක් ආපු ගමන් නැවත මම එනවා. එතෙක් ඔබල ප්‍රවේශමෙන් ඉන්න. යහපාලනයට ජයවේවා (බ)

:       0       0

අජිත් Tuesday, 27 October 2015 12:50 PM

එකත් එකටම ඌ ගංජා ගහලා පුරුදු කුකුළෙක් වෙන්න ඇති. ඒක තමයි දුම හොඳට ආඝ්‍රාණය කරලා ඉන්න ඇත්තේ (නි)

:       0       0

ඉන්දු Tuesday, 27 October 2015 12:48 PM

පේනවා නේද සතුන්ට පවා මෙහි අහිතකර බලපෑම දැනෙන හැටි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 October 2015 10:11 AM

ගංජා ගහපු කුකුලෝ හිටපු ගමන් මෙහෙනුත් මතු වෙනවා . හැබැයි ඉතින් කොටන කුකුලට කොහෙත් එකලු නේද ! (ර)

:       0       0

ජෙහාන් Tuesday, 27 October 2015 09:04 AM

ඉස්සර පාඨක සභාවේ නියම පොර කුකුලෙක් හිටියා. දේශපාලන සංවාද වලදී එයාගේ පක්ෂයට විරුද්ධව ලියන හැමෝගෙම නම කිය කියා පස්සෙන් ඇවිත් කොටනවා. මෙතන හිටියා නම් අපේ රුපවතිට එහෙම බේරිල්ලක් නැති වේවි. (ර)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ Tuesday, 27 October 2015 08:48 AM

පව් අහිංසක සත්තු. කුකුලට තරම්වත් මොලයක් තිබුනා නම් ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ නෑනේ. (ර)

:       0       0

ඉන්දික ගම්පහ Tuesday, 27 October 2015 08:12 AM

නෑ චන්දි , එයා එයින් පස්සේ ගංජා පාවිච්චි කරන්න අරගත්තා. (බ)

:       0       0

ඉනෝකා Tuesday, 27 October 2015 08:12 AM

සිගරට් බොන අය අවට ඉන්න අය, එම දුම ආග්‍රහනය කිරීමෙන් වැඩියෙන්ම ලෙඩ වෙන්නේ අහල පහල ඉන්න අයයි. කුකුල් පෝතකයාටත් වෙලා තියෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත දෙයක්.ඔය අහිංසක සතුන්, මැරෙන කම්ම විඳවන්නේ පුදුම දුකක්නේ.....! (බ)

:       0       0

ඉෂාර Tuesday, 27 October 2015 06:57 AM

පවු අහිංසක සතා! (නි)

:       0       0

චන්දි Tuesday, 27 October 2015 06:52 AM

ඒ කියන්නේ සෑම් එදා ඉඳලා අද වෙනතුරුත් බොරුව රජවෙනවා කියන එක නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site