මේ දිනවල පුවක් මිල ඉහළ යාම නිසා අපූරු පොල්, පුවක් වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුවක් පිළිබඳව මාතලේ ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පොල් ගෙඩියක් ගැනීමට මුදල් නොමැති වූ එක්තරා පුද්ගලයකු දස අතේ කල්පනා කළේ පොල් ගෙඩියක් මිලට ගන්නේ කෙසේද කියාය. ඔහුට හොඳ නුවණක් පහළ විය. මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 35ත් 50ත් අතරය. පුවක් මිල ද ඉතා ඉහළ වුණත් පුවක් ගෙඩියක් දෙකක් කඩයට විකිණීමත් ලජ්ජා සහගතය.
මෙකී පුද්ගලයා කෙසේ හෝ පුවක් ගෙඩි දහයක් අහුලාගෙන කාටත් නොපෙනෙන පරිදි වෙළෙඳසල් හිමියා අත තබා පොල් ගෙඩියක් ඉල්ලා සිටියේය. පුවක් මිලත් පොල් මිලත් ගැන දන්නා මුදලාලි පොල් ගෙඩි දෙකක්ම දී එම පුද්ගලයා පිටත් කර හැරියේය.
බුලත්විට කෑමට රුසියෙකු වූ කඩ පිලේ සිටි තවත් පුද්ගලයකු මේ වැඩවසම් යුගයේ මෙන් පැවති භාණ්ඩ හුවමාරුව බලා සිටියේය. විට කෑමට පුවක් ගෙඩියක් මිලට ගැනීමට ඔහු අත මුදලක් ද නොවීය. දෙයියෝ දුන්නා වගේ එහා වත්තේ ගසක පොල් ගෙඩියක් ‘‘දඩිං’’ ගාගෙන බිම වැටුණි. විට රුසියාට ගණදෙවි නුවණක් පහළ විය. වහ වහා දුවගොස් පොල් ගෙඩිය අහුලාගත් ඔහු ගෙඩිය ලෙලි හැර මුදලාලිට දෙමින් විට කෑමට පුවක් ඉල්ලා සිටියේය.
මිලට ගැනීමේ දී පොල් ගෙඩි දෙකක මිල පුවක් ගෙඩි දහයයි. මුදලාලි කල්පනා කළේය. එතකොට පොල් ගෙඩියක වටිනාකම පුවක්ගෙඩි පහයි. දැන් මෙයා පොල් ගෙඩියක් දෙමින් පුවක් ඉල්ලනවා. ගෙඩි පහක් දෙන්න බෑ. ඒක ගත් මිල නිසා මටත් ගෙඩි දෙකක්වත් ලාභයක් තියෙන්ට ඕන. එසේ සිතූ මුදලාලි විට රුසියාගේ පොල්ගෙඩියට පුවක්ගෙඩි තුනක් දුන්නේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් - පුවක් අපූරු ගනුදෙනුවක්
ඉමේෂ් Thursday, 15 October 2015 06:55 AM
එ්කටනම් ඇත්තටම හිනා ගියා (බ)
චන්දි Thursday, 15 October 2015 11:55 AM
මරු කතාව ඇත්තටම හිනාවෙන්න පුළුවන් රසයක් ගැබ්වෙලා තියෙනවා. (ර)
චන්ද්‍රසිරි Thursday, 15 October 2015 02:06 PM
මම ඉස්සර මුදලාලිට පොල්ගෙඩි 5ක් දීලා මිහිර. බුදුසරන සහ සතුට පත්තර ගන්නව. (අ)
දයා නන්දසිරි Thursday, 15 October 2015 03:06 PM
මොලකාරයො එහෙම තමයි.(අ)
ජයනාත් Thursday, 15 October 2015 05:25 PM
රූපවති අක්කට, ගමේ අපිව මතක් වෙලා, පුවක් ගණන් ගියා කියල දැනගෙන...මට පණිවිඩයක් එවල, "මලේ අපෙ වත්තෙ පුවක් ටික හොරුන්ට කඩන්ට දෙන්න එපා..කඩේට ගිහින් විකුනලා සල්ලි පොතට දාන්න කියලා.." (බ)
සරත් Thursday, 15 October 2015 10:28 PM
දැනට වසර දෙකකට කලින් 'කරුංකා පුවක්' විකුණලා කාර් එකක් ගත්ත කෙනෙකුත් මෙහෙ හිටියා. (නි)
රෙජි-සිඩ්නි Friday, 16 October 2015 12:33 AM
මට මේ කතාව අහලා මතක්වුණේ ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය " වැඩසටහන. (නි)
ඩෙස්මන් Friday, 16 October 2015 01:19 AM
නියම කතාව (නි)
මහේල Friday, 16 October 2015 04:32 AM
ජයනාත්, රූපවති එච්චර ලෝබයි කියලා මම හිතුවේ නැහැ (නි)
ඉමාක් Friday, 16 October 2015 04:55 AM
ඉස්සර කාලය මතක්වුණා මට (නි)
චන්දි Friday, 16 October 2015 03:18 PM
වැඩේ කියන්නේ අපේ රූපා ඒ පණිවිඩේ ජයනාත්ටම කියපු එකනේ., පුදුමයි නේ... (ර)
රූපවතී Saturday, 17 October 2015 03:09 PM
කවුද? සරත් මල්ලි මට මතක හැටියට නම් ඒ අපේ චන්දි නේද? (නි)
අජිත් Sunday, 18 October 2015 01:51 PM
අන්න එක නම් ඇත්තටම නියම කතාව. වැඩ වසම් යුගයේ නැවත ආරම්භය. (අ)
රූපවතී Sunday, 18 October 2015 02:37 PM
ඔය විදිහට සරලව, මොලේ පාවිච්චි කරල වැඩ කළොත්, ඩොලර් එක බස්සන එක මහ අමාරු කාරියක් නොවෙයි ළමයිනේ..ඕන් මන් කිව්වා.. (බ)
මැක්සි ලියනාරච්චි Sunday, 18 October 2015 08:27 PM
ඩොලරය ශත 10යේ හැඩයට හදලා තමයි පාකරන්න වෙන්නේ මේ යන විදිහට (නි)
කුමාර Monday, 19 October 2015 03:33 AM
ඔයා හරි රූපවති ආච්චි අම්මේ (නි)