(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
“හොර පොල් ගෙනියන්න ගෙහිමි කතකගෙන් ගෝනියක් ඉල්ලා ගෙන” යන හිසින් ඉකුත් දිනෙක දෙයියෝ සාක්කි හි පළවූ පුවතින් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් එම ගෝනිය සමග රුපියල් පන්දහසක මුදලක් ලබාදීමට හොරපොල් ගෙනගිය පුද්ගලයා සානුකම්පිත වී ඇති පුවතක් වාර්තාවිය.
විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු තම සැමියා සුපුරුදු පරිදි සිය මෝටර් රථයෙන් උදෑසන රැකියාව සඳහා පිටත්ව යන මොහොත බලා සිට නිවසට පැමිණ ඇති පුද්ගලයා ඇගේ සැමියා ගෙවත්තේ ඇති පොල් කඩා දෙන ලෙස ඉල්ලා ඒ සඳහා කැඩුම් කුලියද ලබාදුන් බව පවසා පොල් එකතු කිරීමට ඇගෙන් ගෝනියක් ලබාගෙන පසුව එම පුද්ගලයා කැඩූ පොල් සමග පලා ගොස් ඇති පුවත වාර්තාවූයේ කටුගස්තොටට නුදුරු ගම්මානයකිනි.
කෙසේ නමුත් ඉකුත් සතියේ එම නිවසේ ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියේ රුපියල් 5000 සහිත ලිපියක සඳහන් කර ඇත්තේ තමාට ලොතරැයි දිනුමක් ලැබීම හේතුවෙන් සොරකමින් බැහැරව යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිටීමට තීරණය කළ බවත් කැඩූ පොල්වලට අදාළ මුදල ලබාගන්නා ලෙසත් ගෙන ගිය ගෝනියද ඒ ආසන්නයේ තබා ඇති බවත්ය.
අදාළ ලියුම දැකීමෙන් අන්දමන්ද වූ එම නිවැසියන් එහි වූ රුපියල් පන්දහසේ මුදල පුණ්‍ය කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කර පොල් හොරා යහපත් මිනිසෙකු වීම පිළිබඳව සතුටු වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් හොරා ගෝනියකුත් එක්ක වතු අයිතිකාරයාට රු.5000ක් එවලා
theshan Wednesday, 28 November 2018 06:27 AM
එක මිනිහෙක් හරි මේ විදිහට හිතනවානම් කොච්ච්චර හොඳද?? හැබැයි හොරකම් කරන්න පෙලෙබෙන්න එපා, ඉක්මන් සල්ලි වුනත්, පැවැත්ම තවකලිකයි.