(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
පොල් වත්තක මුරකරුවෙකු රාත්‍රී වත්තේ මුරය පසෙකලා සිය අනියම් බිරියට තනි රැකීමට ගොස් රැකියාවද අහිමි කර ගත් පුවතකි මේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ සිද්ධිය සැකවින් මෙසේයි.
ඔහු අක්කර 20ක පමණ පොල්වත්තක හිමිකරුවෙකි. පොල් වත්තේ රාත්‍රී මුරය සඳහා යොදවා සිටියේ යාබද ගමක මැදිවියේ පුද්ගලයෙකි. දෙදරු පියෙකු වූ ඔහු එම වත්තේ මුර සේවයේ යෙදී සිටින්නේ වසර දෙකක පමණ කාලයක සිටය. සිය හාම්පුතාගේ හොඳ හිත. දිනාගෙන සිටි ඔහු සිය කාර්ය මැනවින් ඉටුකරන අවංක අයෙකි.
මීට සති කිහිපයකට පෙර පොල් වත්තේ හිමිකරුට එම වත්ත පිහිටි ගමේ පදිංචි ඔහුගේ සමීප මිතුරෙකුගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණේ මුරකරු පොල්වත්ත කිට්ටුව නිවසක පදිංචි රූමත් වැන්දඹු කාන්තාවකගේ නිවසට රාත්‍රී කාලයේ යන එන බවය. ඇය දෙදරු මවකි.
එය කනවැටීමත් සමඟ ඉඩමේ හිමිකරු සිටියේ මුරකරු පිළිබද දැඩි විමසිල්ලකිනි. රාත්‍රී කාලයේ කිහිපවරක්ම මුරකරුට දුරකතනයෙන් ඇමතුම් දීමටත් ඔහු අමතක කළේ නැත.
පසුගිය දිනක රාත්‍රී 8.00 පමණ ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනේ කලින් මුරකරු පිළිබඳව තොරතුරක් සැපයූ මිතුරාගෙනි.
අර මුරකරු යන එන ගෙදර කාන්තාවගේ දරුවෝ දෙන්නා අද උදේම හොඳට ඇඳ පැළඳගෙන කොහෙද ගියා. මං හිතන්නේ දුර ගමනක් ගියේ. අද ගෙදර එන එකක් නෑ. ඒ කාන්තාව අද රෑ ඉන්නේ තනියම. මුරකාරයා අද රෑ එහෙ යනවා. අයෙ දෙකක් නෑ. ටිකක් හොයලා බලන්න. මුරකාරයා වත්තේ නැති බව දැන ගත්තම හොරු වත්තට ඇවිත් පොල් කඩනවා.
පණිවිඩය ලද සැණින්ම ඔහු මිතුරෙකුද සමග යතුරු පැදියෙන් ගියේ මුරකරු යන එන නිවස වෙතය. නිවස ආසන්නයේ යතුරුපැදිය නවතා ඔවුන් නිවෙස වෙත පියමැන්නේ පයින්මය. මිතුරාගේ අනුමාන කිරීම හරිය. කාන්තාව නිවස ඉදිරිපිට අඹ ගස යට වාඩිවී ගෙනය. වත්ත මුරකරන මුරකරු කාන්තාව අසලය. මුරකරුගේ අතේ කුඩා කුප්පියකි. ඔහු කාන්තාවගේ බෙල්ල ප්‍රදේශයේ තෙල් ආලේප කරමින්ය. තම හාම්පුතා සමීපයට එන තෙක් මුරකරු වත් කාන්තාව වත් දුටුවේ නැත.
ඈ මිනිහෝ මෙහෙමද වත්ත මුරකරන්නේ. මං පඩි ගෙවන්නේ උඹට ගෑනුන්ට තනි රකිනවාටද. හෙට ඉඳන් වැඩට නාවට කමක් නෑ. ඉඩම් හිමිකරු මිතුරා සමග ආපසු පැමිණි අතර පසුදිනම වත්තේ රාත්‍රී මුරයට වෙනත් අයෙකු යෙදවීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල්වත්තේ මුරකරු මහ රෑ කතකට තනි රකින්න ඇවිත්
analyzer Wednesday, 22 August 2018 10:05 AM
දැන් දෙයියෝ සාක්කි එකේ අනියම් සම්බන්ධතා හැර දාන්න පුවත් එන්නේ නැද්ද? එක පේළියට දාන්නේ මේවා. ඇයි මිනිහෙක් කරපු හොඳ දෙයක් ගැන දාන්නේ නැද්ද?
tikiri Saturday, 25 August 2018 02:15 AM
රැකියාවක් කරන ගමන් සමාජ සේවයක් කරන්න ගිහිල්ලා.