ගම්පහ ප‍්‍රදේශයට අයත් ගමෙක තරුණයන් පිරිසක් එක්ව පසුගිය දිනෙක විනෝද ගමනක් ගියහ. කඳුකර පෙදෙසක කැලෑබද ස්ථානයක් බලා රථය මොහොතකට නතර කෙරිණි.
එයින් බැසගත් එක්තරා තරුණයන් දෙදෙනක් අසල තිබූ නිවෙසක් දෙසට හොරෙන් හොරෙන් ඇදුනේ ඒ නිවෙස ඉදිරියේ මිදුල අමදිමින් සිටි තරුණියක් නෙත ගැටුණු බැවිනි.
නිවෙස කිට්ටුවටම ඇදුණු මේ දෙදෙනාට ඇය හා වචනයක් දෙකක් කතා කිරීමට දැඩි ආශාවක් ඇති වූයේය. එහෙයින් වටපිට හොඳින් බැලූ එකෙක් ”මේ නංගි... අපි මේ නුවර පොලිසියෙන්... පොඩි රාජකාරියකට යන ගමන්.. බැරිද වතුර ටිකක් බොන්ඩ...” කියමින් ලොකු බොරුවක් ගොතා කීවේය.
තරුණිය වැඩි කලබලයකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මඳ සිනාවක් පෑ ඇය ”ආ...පෝ.... පුළුවන්” කියමින් ඇය ගෙය දෙසට දිව ගියාය. ඒ යන ගමන් ඇය ”අයියේ... ඉක්මනට එන්නකෝ... මෙන්න ඔයාලගේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත්. ඉක්මනට ඇවිත් යන්ඩකෝ...” කියා කෑ ගැසුවාය.
ඇය එසේ කෑගැසුවේ නුවර පොලිසියේ වැඩකරන, නිවාඩු ගෙන නිවෙසට පැමිණ සිටි තම සොහොයුරෙකුට විය යුතුය. නුවර පොලිසියේ අය තබා ඒ පොලිසිය ඇත්තේ කොහේදවත් නොදන්නා මේ දෙදෙනා වැඬේ වැරදී ගිය තැන වටපිට බලා පණ එපා කියමින් ආපසු වාහනය දෙසට දිව ආවේ එය ඉක්මනින් පණගන්වා ගෙන එතැනින් මාරුවෙන්නටය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් වෙසින් තරුණිය මුළා කරද්දී මාට්ටු
පාලිත Saturday, 30 March 2013 12:30 PM
අද නම් දෙයියෝ සාක්කිය නියමටම දාල තියෙනවා (අ)
චන්ද්‍රා Thursday, 04 April 2013 03:06 PM
මෙය දැන් හැදෙන අක්කල නංගිලා කාටත් ඉගෙන ගන්න හොද පාඩමක්. (ස)
රොෂාන් Wednesday, 03 April 2013 03:13 PM
ශා නියම කතාව.(නදී)
පුතුම් Wednesday, 03 April 2013 04:00 AM
වතුර බීලම යන්න තිබුන නේ අපරාදේ.(නදී)
අජිත් Tuesday, 02 April 2013 12:13 PM
ෂා හොඳ නිර්මාණයක් හිනා යනවා.. (ස)
නිසන්සලා Monday, 01 April 2013 09:21 AM
කොල්ලන්ගේ අවශ්‍යතා සපුරාගන්න නීතියෙන් ඉඩ දුන්නානම් කොල්ලො අහිංසක කෙල්ලන්ට කරදර කරන්නෙ නැහැනෙ (නි)
ජූඩ් Monday, 01 April 2013 09:04 AM
අයියා ගෙදර නොහිටින්න නංගිට මොනවා වෙයිද? (නි)
සුරංග Sunday, 31 March 2013 02:17 PM
අයියෝ! (නි)
මනෝජ් Sunday, 31 March 2013 08:30 AM
කොල්ලොනේ.... (නි)
ප්‍රේමන්ත Sunday, 31 March 2013 06:52 AM
අපිටත් හදිස්සියකට බොන්න වතුර නැති කරන වැඩක් (නි)
ඩෙන්සිල් - කැනඩාව Saturday, 30 March 2013 07:51 PM
ගවුමක් දැක්කම වතුර තිබහ හැදෙන අයට මේක හොද පාඩමක්.(නදී)
.සනත් Saturday, 30 March 2013 04:22 PM
අපරාදෙ හිමීට ගිහින් අයියට කිව්වා නම් බොරු පොලිස් කාරයො අල්ල ගන්නත් තිබුනනෙ. (නි)
ගුණවර්ධන Saturday, 30 March 2013 04:11 PM
ඕවට තමයි කියන්නේ නිකන් බොරු පොලිස් පාට් දාන්න එපා කියලා.(නදී)
ප්‍රියන්ත Saturday, 30 March 2013 02:57 PM
හොදයි
ප්‍රියන්ත Saturday, 30 March 2013 02:52 PM
ඔව් (අ)
වරුණ Friday, 29 March 2013 08:54 AM
කෙල්ලන්ව කතාවට අල්ලගන්න කරන වැඩ? අනේ හැබැටම? (නි)
නිෂාදි Saturday, 30 March 2013 10:22 AM
වයසේ වැරැද්ද
ප්‍රදීප් Friday, 29 March 2013 08:22 PM
ඕවා කොලුකමට හැදෙන ආසාවල්. කෙල්ලව දැක්කම කතාකරන්න හිතෙන්න ඇති.(නදී)
හේරත් Friday, 29 March 2013 08:28 PM
වතුර නැති වුනත් කාරි නැහැ ඇගිලි පහ බේරගෙන ආව එක මදැයි.(නදී)
මනොඡ් ලක්මාල් Friday, 29 March 2013 06:10 PM
තැනට සුදුසු නුවණ.(නදී)
නිමල් Friday, 29 March 2013 04:38 PM
කොච්චර කියුවත් මිනිස්සුන්ව රවට්ටන්න එපා කියලා වැඩක් නැහැ (දී)
අමිල Friday, 29 March 2013 02:45 PM
ගෑණුන්ගේ මොළෞ හැදි මිටේ කිවුවට ඉදල් මිටෙත් තිබිලා තියෙනවනේ. (නි)
ගාමිණී Friday, 29 March 2013 02:34 PM
බීමට ජලයත් කෑමට ඉදල් කොසු පහරකුත් ලැබුණා නම් බඩකට පිරෙයි. (නි)
අලහප්පෙරුම Friday, 29 March 2013 02:17 PM
ඉල්ලගෙන කනවා කියන්නේ මෙහෙම දේවල් වලට තමයි. (නි)
සද්ධා Friday, 29 March 2013 02:12 PM
මම හිතන්නේ කෙල්ලගේ මොළේ තමයි මොළේ. ගෙදර කවුරුවත්ම නොඉන්න ඇති. (නි)
පහන් Friday, 29 March 2013 01:44 PM
මේක බොරුවක් නෙමෙයි සම්යප්‍රයෝගයක්. මේ දිහා උපේක්ෂාවෙන් බලන්න. කොල්ලෝ ඔහොම තමයි. (නි)
ප්‍රගීත් Friday, 29 March 2013 01:27 PM
බොරුකාරයන්ට ඕවා හොද පාඩම්.(නදී)
ප්‍රගීත් Friday, 29 March 2013 01:20 PM
බොරුකාරයන්ට ඔවා හොද පාඩම්.(නදී)
සරත් Friday, 29 March 2013 09:58 AM
අයියා ආවානම් වතුර බීලම යන්න තිබුනා.(නදී)
වරුණ Friday, 29 March 2013 09:01 AM
කෙල්ලන්ව මුලා කරගන්න කරන මෙහෙමත් වැඩ? (නි)