(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ඇඳිරි නීතිය අස්සේ පොලිසිය ගොනාට අන්දවා සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගිය තරුණයකුට සිදුවූ අපූරු සිද්ධියක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබිණ.
පොඩි පොඩි සිද්ධින්වලට ඉඳහිට පොලිසියට එන තරුණයෙකි. මුළු පොලිසියම ඔහු ගැන නොදනිතත් ටික දෙනෙක් ඔහුගේ අලකලංචි පිළිබඳව දැන සිටියහ.
කොරෝනා ඇඳිරි නීතිය නිසා ඔහුට යාමට අවශ්‍ය ස්ථානය තිබුණේ පොලිස් මාර්ග බාධකයක් හරහාය. ඔහු ඒ සඳහා අපුරු උප්පරවැට්ටියක් භාවිත කළේය.
නගරයේ විහාරස්ථානයක ලේ දන්දීමේ වැඩසටහනක් පැවැතියේ ඔහු යාමට අපේක්ෂිත ස්ථානයට මෙහාය. කොහොමින් හෝ ඔහු එම ලේ දන්දීමේ වැඩසටහන පිළිබඳව අත් පත්‍රිකාවක් සොයා ගත්තේය. එය අතට ගත් ඔහු දැඩිසේ ප්‍රීතියට පත්විය. ඒ තමාගේ අවශ්‍යතාව එයින් ඉටුකර ගැනීමට හැකිවෙතැයි සිතූ බැවිනි.
මුහුණු ආවරණයක් හා තොප්පියක් දමා ලේ දන්දිමේ අත්පත්‍රිකාව ද ගෙන ඔහු නගරයේ පොලිස් මුර පොළ හරහා යාමට ගියේ කිසිදු බියකින් සැකයකින් තොරවය. පොලිස් මුර පොළේ නිලධාරිහු ඔහු නැවැත් වූහ. කොරෝනා ඇඳිරි නීතිය අස්සේ මේ කොහේද යන්නේ යැයි පොලිස් නිලධාරීහු ඔහුගෙන් ඇසූහ. ආ සර් මේ කොරෝනා කාලේ නිසා ලේ බැංකුවල ලේ හිඟයක් තියෙනවා කියලා දැන ගත්තා අසවල් පන්සලේ තියෙන ලේ දන්දීමේ වැඩසටහනටයි මම යන්නේ, කියමින් අතෙහි වූ අත් පත්‍රිකාව ද ඔහු පොලිස් නිලධාරීන්ට පෙන්වීය. හා යන්න යන්න ගිහින් ලේ දීලා එන්නකෝ යයි ඔහුට කීවත් එහි සිටි නිලධාරීයෙක් ඔහු අඳුනා ගත්තේය. මේ යකානම් යන්නේ ලේ දන් දෙන්න නෙමේ. මෙයා කවදාවත් ලේ දන්දෙන කෙනෙක් නෙමෙයි. කෝකටත් ඔහු පස්සේ ගිහිල්ලා බලන්න ඕන කියලා ඔහු හඳුනාගත් නිලධාරියා කීවේය. පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මක විය. ඔහු හොර රහසේම තරුණයා පස්සෙන් ගියේය.
ඔහු ලේ දන්දෙන විහාරස්ථානය ද පසු කර යමින් සිටියේය. තමා ගේ අනුමානය හරි යයි පොලිස් නිලධාරියා සිතුවේය. ඒ අනුව වහාම ඔහු නතර කර ගත්තේය. හා තමුන් දැන් අපට කියලා ආවේ ලේ දන් දෙන්න යනවා කියලානේ. මේ කොහේද යන්නේ යයි පොලිස් නිලධාරියා ඔහුගෙන් ඇසුවිට දිව කට වේලී ගියේය. පැවැසීමට දෙයක්ද නොවිණි.
එනවා යන්න ලේ දන්දෙන තැනට යන්න යයි කියමින් පොලිස් නිලධාරියා ඔහු ලේ දන්දෙන තැනට යොමු කළේය. ඔහු ලේ දන් දෙන තෙක්ම පොලිස් නිලධාරියා රැඳි සිටියේ ඔහුගේ තරම දන්නා නිසාය. මේ වගේ බොරු කියා කොරෝනා ඇඳිරි නීතිය කඩ කරන අය රටට වැඩදායක ක්‍රියාවටවත් යොදවන්න ඕනෑ යයි කියමින් පොලිස් නිලධාරියා එතැනින් ගියේ මේ සිද්ධිය තමන් දන්නා හඳුනන කෙනකුට පවසමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිසිය අන්දවන්න ගියාට අමුතුම තාලේ දඬුවමක් ලැබිලා
වීරවිජේ Tuesday, 14 September 2021 08:33 AM
අන්න නියම පොලිස් නිලධාරීන්... මල් මිටක් එතුමට..
sampath Tuesday, 14 September 2021 08:18 PM
මේ කරපු වැඩේ වැරදි කරන්න තිබුනේ නිරෝධාන ඇඳිරිනීතිය කඩ කිරීම සහ රජයේ නිලධාරියකුට අසත්‍ය තොරතුරු දීම යටතේ නඩු පැවරීමයි.
vihanga Thursday, 16 September 2021 10:04 AM
නඩු දානවට වඩා මේ කරපු දේ නම් ඉතාම හොඳයි. අදාල පුද්ගලයත් පාඩමක් ඉගෙන ගත්තා.අහිංසක ජීවිතයක් බේරාගන්න ලේ ටිකකුත් ලැබුණා. මේ දේ කරපු පොලිස් නිලධාරියාට මල් මිටක්