වැදගත් පෙනුමැති මහතෙක් මාර්ගයේ ධාවනයවූ ත්‍රිරෝද රථයක් නැවැත්වීය. “කඳානට ගිහිල්ලා එන්න ඕනේ” ඔහු පැවසීය. රියැදුරා සතුටින් ගමන් ඇරඹුවේ ගාස්තුව රුපියල් දහසක්වත් ලබාගත හැකි බැවිනි. පෑලියගොඩ ඉන්ධනහල පසුකළ විට “ෂෙඞ් එකට දාන්නැයි” අමුත්තා කීය. “දැන් රිවර්ස් කළොත් පොලිසියෙන් ලියනවා.” රියැදුරා පැවසීය. “රිවර්ස් කරන්න, මම පොලිසියේ” අමුත්තාගේ බසට රියැදුරා අවනත විය.
ඉන්ධනහල තුළ කිසිවෙකු නොදුටු බව දුටු අමුත්තා පොම්පකරුවෙකු අමතා “මට මැනේජර් මහත්තයාගේ ෆෝන් නොම්මරේ දෙන්නැයි පැවසීය.” “එහෙම දෙන්න බැහැනේ” පොම්පකරු කීය. “මම බුද්ධි අංශයේ එස්.අයි.”
පොම්පකරු දුරකථන අංකය ලබාදුන් විට අංකය රියැදුරාගේ ජංගම දුරකථනයේ සටහන් කරගන්නා මෙන් අමුත්තා පැවසීය. “හරි සර්” යනුවෙන් පැවසූ රියැදුරා අංකය තම දුරකථනයට ඇතුළු කළේය. “යමු” කී අමුත්තා රියැදුරාගේ ජංගම දුරකථනය ගෙන පෙරකී අංකයට කතා කරන අතරතුර රියැදුරා ත්‍රිරෝද රථය ධාවනය කළේය.
වත්තල පරණ පාරට හරවන ලෙසට උපදෙස් ලැබූ රියැදුරා රථය හැරවූ විට, ඉන් බැසගත් අමුත්තා “ටිකක් ඉන්නැයි” පවසා දුරකථනයද කණේ තබාගෙන පාර හරහා ගමන් කළේය. බොහෝ වේලාවක් ගතවිය. අමුත්තා පැමිණියේ නැත. වත්තල පොලිසියේ පැමිණිල්ලක් දැමූ රියැදුරා කළකිරුණු සිතින් ආපසු පැමිණියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිසියෙන් කියා ත්‍රීරෝද රියක ගිහින් දුරකථනයටත් විදලා
අබය Tuesday, 20 September 2016 03:04 AM
පොලිසියේ නෙවෙයි ත්‍රිවිධ හමුදාවේ ලොක්කා කියා කිවුවත් සිහිබුද්ධියෙන් වැඩකරන්න පුරුදු වෙන්න. (නි)
මාලක Tuesday, 20 September 2016 06:50 AM
හොර කප්පිත්තෙක් වගේ. (ර)
අසෝකා Tuesday, 20 September 2016 09:50 AM
කරනකම් හොදයි . අහුවුණු දවසට පොලියත් එක්ක ගෙවන්න වෙයි. මහත්තයෝ; මේ ස්වභාව ධර්මය එයට නිසි තීන්දුවක් ලබාදේවි.(හේ)
රූපවතී Tuesday, 20 September 2016 11:59 AM
ඊයා..මේවගේ දේවල් දකිද්දී ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප ගැන ..හරිම කළ කිරීමක් ඇති වෙන්නේ ...?(හේ)
නුමන්ත Wednesday, 21 September 2016 03:19 AM
හයර් එක නොදුන්න එකට කමක් නැහැ කියමුකෝ. මොනදේකටද තුන් රෝද රථ රියදුරාගේ ජංගම දුරකථනය නාඳුනන කෙනෙකුට දෙන්නේ. ජංගම දුරකථනය කියන්නේ පෞද්ගලික දෙයක්. මෝඩ රියදුරෙක්. (නි)
හිමාල් Wednesday, 21 September 2016 04:11 AM
ජංගම දුරකථනය තියෙන තැන අදාළ සමාගමෙන් පොලීසියට ලබාගන්න පුළුවන්, සංඥා අනුව. ඉන්ධනහලේ කැමරා පරීක්ෂාවෙනුත් තොරතුරු ගන්න පුළුවන්. (නි)
පද්මිණී Wednesday, 21 September 2016 05:30 AM
පොලිසියේ කියපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කියන දේ කරන විදියට ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප හැඩ ගැහුණු විදියයි මෙතන මට පෙනෙන ලොකුම වැරැද්ද.(බ)
රොකී Wednesday, 21 September 2016 07:24 AM
අනේ මන්දා, තමනුත් බුද්ධිමත් වෙන්න ඕනෑ මෙහෙම අයගෙන් බේරෙන්න (නි)
යසපාල Wednesday, 21 September 2016 07:30 AM
අපේ මිනිස්සුත් පොලිසිය කිවුව ගමන් දෙකට තුනට නැමෙනවනේ (නි)
තරිඳු Thursday, 22 September 2016 01:57 AM
පොලිසියේ නම විකුණන මේ වගේ අයට එල්ලලා ගහන්න ඕනෑ (නි)