X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්

පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප‍්‍රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම. රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” දුම්රියට බොහෝ පිරිසක් ගොඩවූ අතර ස්වල්ප වේලාවකින් දුම්රිය හලාවත බලා පිටත්විය. මරදානට ළඟාවූ එය පසුව දෙමටගොඩට පැමිණ වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. 

දුම්රිය කැලණියට ළංවන විට අසුන්වලින් නැගිට ගත් කිහිප දෙනෙක් බැසීමට සූදානම්වී සිටියත් දුම්රිය කැලණියේ නොනවත්වමින් ඉදිරියටම ගමන් කරන්නට විය. මෙය දුටු දුම්රියෙන් බැසීමට සිටි මඟීන් සහ දුම්රියට ගොඩවීමට බලාපොරොත්තුවෙන් වේදිකාවේ සිටි මඟීන් කෑ ගසන්නට වූහ. දුම්රිය ඈතට ගොස් නවත්වන ලද අතර මඟීන් දුම්රියෙන් බැස ගත්තේ ඉතාමත් අසීරුවෙනි. සාරියකින් සැරසුණ තරබාරු කාන්තාවක් පිරිමියකු විසින් ඔසවා අපහසුවෙන් බිම තැබුවත් දෙදෙනාම බිම ඇද වැටුණි. කාන්තාව දුම්රිය රියදුරාගේ මව මතක් කරමින් බෙරිහන් දෙන්නට වූවාය. විනාඩි කිහිපයකින් දුම්රිය පසුපසට ධාවනය වී කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වු විට මඟීහු දෙස් දෙවොල් තබමින් එයට ගොඩවූහ. මඟීන් පුදුමයට පත්වූයේ සැමදාම නවත්වන දුම්රිය එදින නොනැවත්වීම පිළිබඳවය. පොලී කාරයෙක් ඩ‍්‍රයිවර් මහත්තයා එනකන් ස්ටේෂමේ ඉඳලා තියනවා කව්දෝ පවසනු ඇසිණි. දුම්රිය නැවතත් ධාවනය වන්නට විය.
 



අදහස් (0)

පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්

රුක්ෂාන් Monday, 20 May 2013 10:12 PM

ඔහොම බය තිබ්බොත් ඇති

:       0       0

තිලංක Sunday, 19 May 2013 03:29 PM

එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය.(නදී)

:       0       0

හේරත් Monday, 20 May 2013 08:32 AM

යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් .........හාල් මල්ල නොබලාම විසිකරන්න වෙනවා නේද? (නි)

:       0       0

නාලක Monday, 20 May 2013 09:22 AM

වැ%

:       0       0

සේන Monday, 20 May 2013 10:41 AM

සමීර, ඔයා පොලීකාරයා සහ පොලිස්කාරයා පටලවාගෙන. අපේ කට්ටිය පටලවගන්න හරි රුසියෝ (නි)

:       0       0

යසෝදා Monday, 20 May 2013 11:42 AM

පව් කියලත් හිතෙනවා

:       0       0

අමල් Monday, 20 May 2013 12:36 PM

එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය.(ස)

:       0       0

සෑම් Monday, 20 May 2013 06:14 PM

දෙයියො සාක්කි උඩ කතාවට නෙමෙයි, සමීරගේ කතාවට. ඇත්තටම මට එයාගේ කතාවට හිනා ගියා (නි)

:       0       0

රුබේරු Monday, 20 May 2013 07:16 PM

අයියෝ සල්ලි

:       0       0

ලලිත්-එල්.එස් Sunday, 19 May 2013 02:39 PM

කව්දෝ එහෙම කීවත් ඇත්ත එකම නොවේනේ. නිකන් කට කතා හදලා නින්දේ ගිය රියදුරු මහතාට අපහස කරනවා.(නදී)

:       0       0

රුක්මල් Monday, 20 May 2013 10:14 PM

මේ තරම් බයක්

:       0       0

යසස් Tuesday, 21 May 2013 09:00 AM

මටත් කොච්චියක් තිබ්බා නම්.(නදී)

:       0       0

ලංකා Tuesday, 21 May 2013 10:24 AM

බ්‍රේක් නෑ..... (ස)

:       0       0

කපිල Tuesday, 21 May 2013 05:01 PM

ඉස්ටේෂමෙන් පිට නවතපු එක වැරදියි. (නි)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 06:40 PM

මේ අයට රජයෙන් පඩි දෙනවා නේද? පොලිකාරයට අහුවුනා නම් නවත්තපු ස්ටේෂන් වලවත් ආයේ නවත්තන්නේ නැතිවෙයි (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 21 May 2013 09:18 PM

පොලී කාරයෙක් නිසා රියදුරෙක් රැකියාව නැති කරගන් නෑ, අනික නියමිත පරිදි දුම්රිය නවත්තගන්න බැරි උනොත් ඒක දුම්රිය රියදුරන් දෙදෙනා සහ නියාමක වරුන් දෙදෙනාගේම වැරැද්දක් ලෙස සලකනවා(අ)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 22 May 2013 02:15 AM

බලපුහාම මෙතන කියන්න තරම් දෙයක් වෙලා නෑ පත්තර කාරයොනෙ ගස්ලබු ඈට ගම්මිරිස් කරල දෙන්නෙ.(නදී)

:       0       0

යොහාන් Friday, 17 May 2013 11:02 AM

මගේ දෙයියනේ. අපි මෙපමණ කලක් බැන්නේ දුම්රිය හරස් පාරේ යන වාහන හැප්පුනහම වාහන එලවන රියදුරන්ට. දැන් බලාගෙන ගියාම දුම්රිය රියදුරොත් මේ විදියට එල්ලපුවම ඒ රියදුරන්ගේත් වරදනේ පෙනෙන්නේ.මේවට ඉතින් උණ බම්බු නෙමෙයි යකඩ ගේට්ටු දැම්මත් වැඩක් නැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 19 May 2013 10:57 AM

අද ලංකාවේ ජිවත්වන හැමකෙනාම වාගෙ පොලි මුදලාලිගේ පිහිට පතනවාමයි. හැබැයි මැති ඇමතිවරු ඇරෙන්න..... (නි)

:       0       0

කපිල Sunday, 19 May 2013 10:56 AM

තව හොද කථා අපිට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට. (නි)

:       0       0

සරසි Sunday, 19 May 2013 10:17 AM

මෙච්චාර ලොකු වැටුපක් ගන්න දුම්රිය රියදුරන්ටත් පොලියට සල්ලි අරන් ජීවත්වෙන්න වෙලා තියෙන එකේ, අනිත් මිනිස්සු ගැන මොන කතාද? (නි)

:       0       0

නදීක Sunday, 19 May 2013 09:33 AM

හොද කථාවක්. (නි)

:       0       0

උපාලි Sunday, 19 May 2013 06:51 AM

අපොයි ඔහොම සැරෙන් කතා කරන්න එපා රියදුරු මහත්තයා ගැන. වර්ජනයක් ඕනැ වෙලාද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 06:14 PM

පොලී කාරයෙක්ද? පොලිටිකල් කාරයෙක්ද? කියන්න අම්මා කියන්න... (නි)

:       0       0

සමීර Friday, 17 May 2013 04:34 PM

කෝච්චියේ රියදුරු මහතාගේ බිරිද අලුත් විදුලිබිල පැමිණි බව දුරකතනයෙන් දන්වා ඇත .එවිට ඔහුට උන් හිටි තැන් අමතකවී ඇත .කැළණි යනවා කියන්නේ යාල කොටි නරබනවා වගේනේ.(ස)

:       0       0

කමල් Friday, 17 May 2013 02:37 PM

අනිවාර්යයෙන්ම එතන ඉන්න ඇත්තේ පොලීකාරයෙක් තමයි. දැන් අපේ අළුත් පොලිස් ලොකු මහත්තයා නිසා කප්පම්කාරයෝ කැළණියෙන් ගිහිල්ලලු නේද? ඒක එහෙමද? (නි)

:       0       0

කපිල Friday, 17 May 2013 02:04 PM

සල්මියාට වැඩ පැටලිලා වගෙයි. මේක පොලීකාරෙයක් ගෙ කථාවක්. මේක අපට ආදර්ශයක් ගන්න පුලුවන් එකක්. මීට පස්සෙ දුම්රිය නවත්තන්න අපිට අත්දිගු කරලා අවශ්‍ය විදියට නවත්තගන්න. (නි)

:       0       0

සංජීව Friday, 17 May 2013 01:52 PM

සමීර සල්මිය සිංහල කියවන්න දන්නේ නැද්ද මල්ලි (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:45 PM

හසිත, ඔව් ඒක හරි. (නි)

:       0       0

සමීර _ සල්මියා Friday, 17 May 2013 12:13 PM

පොලිස් කාරයෙක් හිටියොත් කොඩිය වගේ මොණර කොලයක් වැනුවා නම් වැඩේ ෂේප්නේ. එමෙන්ම දුම්රිය ස්ථානවල ඉවත දමන අපද්‍රව්‍ය වලින් පොලිස්කාරයෙක් අඹා පින්තාරු කලොත් කුණු ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා (මෙම උපහාසය නීති ගරුක උතුම් නිලදාරින්ට අපහාසයක් නොවේ.) (නි).

:       0       0

රංජනී Friday, 17 May 2013 11:55 AM

අනේ ඇත්තම නේද මේ? (නි)

:       0       0

හසිත Friday, 17 May 2013 11:44 AM

අපි කකුලට රෝද දමා ගෙන පීලි දිගේ යමු. (නි)

:       0       0

කසුන් Friday, 17 May 2013 11:26 AM

හලාවත කොහොමත් කැලණියේ නවත්වන්නේ නැහැ. දෙමටගොඩින් පස්සේ නවත්වන්නේ රාගම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site