ගමේ තරුණ පිරිසක් සමග ඡන්ද පෝස්ටර් අලවන්නට ගිය ප‍්‍රධාන පක්‍ෂයක ආධාරකරුවකු පෝස්ටර් මිටිය හිසට තබාගෙන කිතුල් ගසක් පාමුල මරනිින්දේ පසුවූ බව කියන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
මේ වන විට ඌව පළාත් සභා මැතිවරණය සඳහා දින නියම කොට ඇති අතර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයෝ ගම් නියම්ගම් පීරමින් මනාප සටනේ නිරතවී සිටිති.
ඇතැමෙක් සිය ආධාරකරුවන් ලවා තම ඡායාරූපය, අංකය හා පක්‍ෂ ලාංඡුනය රැුගත් පෝස්ටර් ගහක් ගලක් ගානේ අලවති. මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක එක්තරා අපේක්‍ෂකයකුගේ ආධාරකරුවෝ පිරිසක්ද පසුගියදා තම හිතවතාගේ ඡන්ද පෝස්ටර් ඇලවීම සඳහා ඉදිරිපත් වූයේ ඔහුට උදවු කිරීමෙන් අනාගතයේදී යම් සේවාවක් කර ගැනීමේ අටියෙනි. පාප්ප බාල්දියත් පෝස්ටර් මිටි කිහිපයකුත් රැගෙන මහ මග දිගේ යන තරුණ පිරිස දුටු ප‍්‍රදේශයේ වයස්ගත පුද්ගලයකුද මෙම තරුණ පිරිසට එක්වූයේ තමා කලෙක සිටම අදාළ පක්‍ෂයට මෙන්ම එම ඡුන්ද අපේක්‍ෂකයාට ද තමා තුළ ඇති ලෙන්ගතුකම ගැන තරුණ පිරිසට පවසමිනි.
තරුණයන්ගෙන් පෝස්ටර් මිටියක් උදුරාගත් ඔහුද තරුණ පිරිස හා කරට කර සිටිමින් ඔවුන්ට උදවු උපකාර කළේ අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණයෙන් පසු තමාට ද උදව්වක් ලබා දෙන්නැයි තරුණ පිරිසගෙන් ඉල්ලීමක් ද කරමිනි.
ගතවූයේ සුළු මොහොතකි. පෝස්්ටර් මිටියක් රැුගෙන පිටුපසින් ආ මේ වැඩි මහල් පුද්ගලයා අතුරුදන්ව ඇති බව තරුණ පිරිසට දැක ගන්නට ලැබිණි. ඒ වන විටත් හතර වටින්ම අඳුර වැටෙමින් තිබූ නිසා ඔහු එනතුරු නොසිටි තරුණ පිරිස තවත් පැය කීපයක් සිය කටයුත්ත සඳහා වැයකොට එකිනෙකාගෙන් සමුගත්තේ නිවෙස්වලට යාමේ අටියෙනි.
මේ කණ්ඩායමේ එක් තරුණයකුගෙන් නිවෙසට යන මාර්ගය වැටී තිබුණේ දිය කඳුරක් ඔස්සේය. හුදෙකලාව යමින් සිටි ඔහුට එක්වරම සිහින් කෙඳිරිලි හඬක් ඇසිණි. විපරම් කර බලත්ම ඔහුට දැන ගන්නට ලැබුණේ පැය කීපයකට පෙර තමන් සමග එක්ව පෝස්ටර් ඇලවූ වැඩිහිටියා පෝස්ටර් මිටියත් හිසට තබා මර නින්දේ පසුවන ආකාරයයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොස්ටර් අලවන්න ගිහින් කිතුල් ගහ පාමුල නිදාගෙන
කුමාරි Thursday, 21 August 2014 06:55 AM
දැන් ඒ පුද්ගලයාට කියන්න නම් ගොඩක් හේතු ඇති (නි)
අසෝකා Thursday, 21 August 2014 09:21 AM
නුඹ ඇමතියෙක් වී ලැබගෙන මුල් පුටුව. සීහිනෙන් දුටුවාද ඉන්නා ගරු සරුව. පෝස්ටරය හිස යට කොට්ටය කෙරුවා. නුඹ නම් අගෙයි රටකරවන්නට මැලිවා (නදී)
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:36 PM
ලොක්කට බත් පාර්සලයක් එක්ක බෝතලයක් ලැබුනාවද්ද? (නි)
අජිත් Thursday, 21 August 2014 12:37 PM
ආයේ දෙකක් නැහැ, කිතුලකට නගින්න ඇති තණකොළ ටිකක් කපාගන්න. (නි)
ශාන්ති Thursday, 21 August 2014 01:42 PM
තන කොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න // තන කොළ නැහැ ගහ මුදුනේ // එ්කයි මෙතන ඇල උනේ (නදී)
පහන්දී Thursday, 21 August 2014 07:04 PM
නින්ද ගිය එකම හොදයි .., මොකද මම අකමැතිම මාතෘකාවක් තමයි ''ඡන්දය '' (ස)
වරුණ Friday, 22 August 2014 03:50 AM
පවු. නිදිමතක් එන්න ඇති (නි)
සුමින්ද Friday, 22 August 2014 06:01 AM
ඔය නින්ද හොදයි. දින්නට පස්සේ මුකුත්ම හබ්බෙවෙන්නේ නැහැනේ. (නදී)
හේසා Friday, 22 August 2014 01:21 PM
දැන් අලුත්ම ලෙඩේ තමයි හොර කමේ ගියාම "ගස් යට නින්ද යෑම "මහා පරිමාණයෙන් හොර කම් කරන හොරුන්ටත් නින්ද යනවා නම්, පොලිසියට කොයි තරම් පහසුද. (නදී)
හේවාවිතාරණ Friday, 22 August 2014 07:30 PM
කිතුල් ගහ මුල නිදා ගත්තු මිනිසාටද කියන්න පිළිතුරක් ඇත (නදී)
ඉසුරන්දි Saturday, 23 August 2014 10:43 AM
ලොක්කා කොහෙන්හරි හොදට පදම්වෙන්න ඇති ඔච්චර මර නින්දක් යන්න තරම්.(අ)
සිසිර Monday, 25 August 2014 10:44 AM
දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද? මොකක්ද දන්නවා නම් කියන්න (නි)
සිසිර Monday, 25 August 2014 10:42 AM
දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද මොකක්ද දන්නවා නම් කියන්න (නදී)