X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


පෝයදා බිරිය මල් දන්සලක් පවත්වද්දී සැමියා හොර අරක්කු විකුණලා

පොසොන් පොහොයදා වන්දනාවේ යන අයට සිය නිවෙස ඉදිරිපිට  සිටි බිරිය මල් දන්සලක් පවත්වද්දී ඒ අසලම අරක්කු විකිණීමේ යෙදුණු සැමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කඩා පැනීමේ සිද්ධියක් නොච්චියාගම, සිංහාරගම ප‍්‍රදේශයෙන්  වාර්තාවේ. පොලීසිය කඩා පනිද්දී අරක්කු විකුණමින් සිටි බව කියන සැමියා නොසිටි අතර මේ නිසා ඔහුගේ නිවෙස හා ගෙවත්ත සෝදිසි කළ නොච්චියාගම පොලිසියේ නිලධාරීන්ට ගෙවත්තේ  සඟවා තිබූ අරක්කු බෝතල් පහක් සොයාගැනීමට හැකිවී ඇත. ඊට අමතරව ඔහුගේ ගෙවත්තේ සඟවා තිබූ අනවසරයෙන් කපා ඉරනලද මී දැව ලෑලි තිහක්ද පොලීසිය  මගින් සොයාගනු ලැබිණි. මොහු මීට පෙරද නීති විරෝධි ලෙස අරක්කු විකුණා පොලීසියට හසුවූ අයකු බව පවසන නොචිචියාගම පොලීසිය, අධිකරණයෙන් ඔහුට  අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙන බවද පවසයි. දැනට සැඟවී සිටින මෙම පුද්ගලයා ප‍්‍රදේශයේ  දේශපාලන බලවතුන් කිහිප දෙනකු ලවා පොලිස් පරීක්‍ෂණවලට බලපෑම් කිරීමට  උත්සාහ දරා ඇතත් එම දේශපාලනඥයන් ඔහුගේ එම ඉල්ලීම ප‍්‍රතික්ක්‍ෂේප කර ඇතැයි පොලීසිය කියයි. මේ නිසා දැන් ඔහු මානව හිමිකම් නිලධාරින් හරහා පොලීසියට බලපෑම් කිරීමට උත්සාහ කරන බව දැනගැනීමට ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

පෝයදා බිරිය මල් දන්සලක් පවත්වද්දී සැමියා හොර අරක්කු විකුණලා

ඉතාලි බුවා Friday, 08 June 2012 08:13 PM

කටුනායක මෙහෙම ලියන්න " හක්කේ දඩ මස් මූණේ බුදු රැස් ""

:       0       0

චන්දිම Tuesday, 19 June 2012 05:21 PM

බිරිඳ වික්කේ මල් කිවිවෙ තනමල්විල ඒවද දන්නෙ නැහැ .....

:       0       0

චමින්ද Tuesday, 19 June 2012 04:41 PM

බිරිඳ වික්කේ මල් කිවිවෙ තනමල්විල ඒවද දන්නෙ නැහැ .....

:       0       0

චානක Tuesday, 12 June 2012 09:57 AM

බිරිඳ වික්කේ මොන මල්ද?

:       0       0

ජයන්ත Tuesday, 12 June 2012 01:05 AM

සමහර මිනිසුන් තම තමන්ගේ වැරදි වසා ගන්න නොකරන දෙයක් නෑ.සමහර අසාධාරනයෙන් හම්බකරන මුදලාලීලා දන්සැල තොරණට මුවාවෙලා කරන්නෙත් මේකමයි.වෙනස තියෙන්නේ කරන පිලිවෙල සහ පරිමානයයි.කව්රූ රැවටුවත් තමාගේ හෘද සාක්ෂිය දන්නවානම් තමන් කරනදේ රැවටෙන්නේ ලෝකයා නොව තමාමය.

:       0       0

සුභාෂිණි Sunday, 10 June 2012 01:44 PM

ඡන්ද කාලෙට දෙන අරක්කු දන්සැල් පෝයට දෙන්න ඕනි නෑ.අවුරුද්දකට ඡන්ද දෙක තුනක් තිබුණම මදෑ

:       0       0

ජයා Sunday, 10 June 2012 11:50 AM

අලි බබෝ, හොද අනාගතයක් තියෙනවා

:       0       0

ලන්ඩන් ‍කොලුවා Sunday, 10 June 2012 12:51 AM

ඔහොම තමයි අපේ රටේ නීතිය... පොඩි මිනිහෙක් ජීවත්වෙන්න මොනවා හරි වැරදි වැඩක් කරහම ඒ මිනිහට අකුරටම නීතිය... අපේ රටට ගිය කළ..

:       0       0

මාතර මල්ලි Saturday, 09 June 2012 04:14 PM

පොලිසියේ පරණ තරහක් අලුත් කරනවා ‍වගේ පේන්නෙ...

:       0       0

දිනේෂ්, සෞදි Saturday, 09 June 2012 10:53 AM

අලිබබාගේ කතාව හොඳයි..

:       0       0

ගාලු කොලුවා Saturday, 09 June 2012 09:32 AM

එල කිරිනේ අලි බබා .....ඔයාගේ කතාව...පත්තරේ කතාවෙත් හරයක් තියනවා..මොකද අපේ මිනිස්සු වැඩිහරිය කරන්නේ ඕවනේ....උඩින් මල්...යටින් ගින්දර...

:       0       0

සුදු නංගා Friday, 08 June 2012 11:51 PM

අලිබබාගේ අලිකථා........ ඔහොම වැඩගෙන වැඩගෙන වැඩගෙන...යං අලි බබා. “දැන් මම දෙයියෝ සාක්කි“ පැත්තෙ එන්නෙ අලි බබාගෙ අලි කතා කියවන්න.

:       0       0

ධම්මික සුරංග Friday, 08 June 2012 08:04 PM

ලෝකෙට ගිය කලක් ....මේ රටේ ගුණ ධර්ම වලට මොකද වුණේ....

:       0       0

එස්.එෆ්.එස් Friday, 08 June 2012 07:34 PM

අඩ් ඩඩ් ඩා...........

:       0       0

කැප්පිටිපොල Friday, 08 June 2012 10:12 AM

මල් කිව්වේ ....?

:       0       0

නීල් Friday, 08 June 2012 04:39 PM

මටත් දැන් හිතෙනව මේ වැඩේ අලි බබාට පැවරුව නම් හොදයි. බබා දක්ෂයි. තවත් හොදට ලියන්න ලැබේවා.

:       0       0

අරුනි Friday, 08 June 2012 03:51 PM

වැඩ්ඩ වැඩිල්ලට සිවුරත් වෙලේ ඒ කෑල්ල අඩුයි නේ !

:       0       0

‍‍කෝර‍ලේ මහත්තයා Friday, 08 June 2012 03:02 PM

අලිබබා පරණ තැටියක් රිවයින් කරලා නොවැ...

:       0       0

අනාත Friday, 08 June 2012 02:07 PM

අලි බබාගේ කතාව නරකම නෑ..ඒත් ටිකක් පරණයි වගේ -රී මික්ස් පාරක් දැම්මනම් ලස්සනයි..

:       0       0

එස්.කේ Friday, 08 June 2012 02:28 PM

ඔහොම යන් අලි බබා ඔහොම යන්‍‍..... !!!!

:       0       0

අලිබබා Friday, 08 June 2012 02:18 PM

එක ගමක දුප්පත් අමිමයි තාත්තායි පුතෙකුයි ජීත්වුනා. මෙම පවුල ළගම පන්සලට නිතර යාමට පුරුදුවුනා. ඔනෑම පුශ්ණයකදී විසදුම ලබාගැනීමට යන්නේ පන්සලේ නායක හැමුදුරුවන් වෙතයි. නායක ස්වාමින්වහන්සේ දෙන ඕනෑම උපදෙසක් පිළිපැදීමට මෙම මවුපිය දෙපල පසුබට වුයේ නෑ. දරුවාට වයස දහයක් පමණ වුවා. මෙම දරුවාව පාසැලට ඇරියත් ඉගනීමට එතරමි උනන්දුවක් දැක්වුයේ නෑ. පියාටද හරි හමන් රස්සාවක්ද නොතිබුණි. මෙ සියළු කරදර මැද කාලය ගෙවී ගියා. දිනක් පන්සලේ නායක හාමුදුරුවන් බැහැදුටු මොහොතේ හාමුදුරුවන් විසින් මෙවැනි යෝජනාවක් ගෙනවා. ඔය ළමයාව පන්සලට භාරදෙන්න. අපි ළමයාව මහනකරමු. එතකොට ළමයාට හොදට උගන්වලා කරලා ගන්න පුලුවන්ය කියලා. මෙම යෝජනාවට මවුපිය දෙපල එකපයිමිම කමැත්ත පුකාශකළා. එහෙයි හාමුදුරුවනේ ඒ යෝජනාවනමි හොදයි කියා. පසුව සියල්ලන්ගේ කැමැත්ත මැද මෙම කුඩා දරුවාව පන්සලට භාරදී මහනදමිපුරා සිවුරක් අන්දවා කුඩාසාමනේර නමක් බවට පත්කළා. පංසලට පැමිණියත් සිවුරදැමුවත් පොඩිතැනගේ සෙල්ලම පෙර ලෙසම පැවතුනා. ලොකුහාමුදුරුවන්ද නිතර පොඩිතැනට උපසදස් දෙමින් යන එන තැන් ගැන ඇසගසාගෙන හිටියා. නායක හාමුදුරුවන් නිතර පොඩිතැනට දුන් උපදෙස්නමි පොඩිතැන අපි දැන් ඉස්සර වගේ කනවා කියන්නෑ. වළදනවා කියන්න. යනවා කියන්නෑ වඩිනවා කියන්න. නිදියනවා කියන්නෑ සැතපෙනවා කියන්න. මෙවැනි වදන් ඉගැන්වුවා. පොඩිතැනටද දැන් මෙම වාක්‍යයන් ටිකටික කටට හුරුයි. දිනක් පන්සල් වත්තේ සිට පොඩිතැන හතිදමමින් නායක හමුදුරුවන් ළගට පැමිණ බය වුණ ස්වරූපයෙන් සිටගත්තා. එවිට නායක හාමුදුරුවන් මෙසේ පොඩිතැනගෙන් විමසුවා. මොකද පොඩිතැන හතිදමමින් මොකටද බය වුනේ? එවිට පොඩිතැන පිළිතුරු දෙනවා හාමුදුරුවනේ බල්ලෙක් මාව වළදන්න අවා. මම වැඩගෙ වැඩගෙන වැඩගෙන පන්සලට අවා කියා. නායක ස්වාමින් වහන්සේටද මෙම කියමනට හිනාව තවතා ගැනීමට නොහැකි විය. (අලිබබාගේ අලිකථා )

:       0       0

සිසිර Friday, 08 June 2012 01:13 PM

සමහර දන්සැල් ඉවර වේගෙන යනකොට ඒවායේ තිබුණේ අරක්කුමද කියලත් සැක හිතුනා තමයි

:       0       0

සජී Friday, 08 June 2012 12:27 PM

ඔහොම යන්.ඔහොම යන්.තව ඉස්සරහට අරක්කු දන්සැලුත් දෙයි

:       0       0

Bangaliya Friday, 08 June 2012 11:54 AM

කැප්පිටිපොලගේ ප්‍රතිචාරය මල් හතයි

:       0       0

අමල් Friday, 08 June 2012 10:29 AM

මාතෘකාවට කතාව ගැලපෙන්නේ නෑ නේ....

:       0       0

වොල්ගා Friday, 08 June 2012 10:24 AM

මේක ගැන මට සැකයි, හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලද කියලා.මේ මනුස්සයාව අමාරුවේ දාන්න කවුරු හරි හිතාමතාම කරපු දෙයක්ද දන්නේ නෑ.මෙහෙම ගේම්ද නැත්නම් ලංකාවේ දෙන්නේ

:       0       0

අමිල කටුනායක Friday, 08 June 2012 09:49 AM

ඒ පවුලේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site