විවාහ මංගල්‍ය උත්සවයකදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට යාමේදී මනාලිය දැක්වූ අප්‍රසන්න ක්‍රියාකාරකම් නිසා කලකිරුණු මනාලයකු ඇය අතහැර යාමට තැත්කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. යෝජිත විවාහයක මේ මනාලයා ඉතා තැන්පත් ගුණයෙන් යුත් තැනැත්තකු වූ අතර මනාලිය කෙළිලොල් රූමතියක් වූවාය. පැමිණ සිටි ඥාතීන් පිළිගැනීමේ දී ඇය ස්ත්‍රී පුරුෂ භේදයක් හෝ වයස් භේදයක් නැතිව සිප වැළඳගැනීම ගැන උරණව සිටි මනාලයාගේ රතු ඉර පැන්නේ ඇය සංගීත රාවයට අනුව යහළු යෙහෙළියන් සමග ආලිංගන නැටුමක යෙදීම නිසාය. තමාට ද ඊට ආරාධනා කළත් එය දැඩිව ප්‍රතික්ෂේප කළ මනාලයාට ඇගෙන් සරදම් වචනද එල්ල විය.
මේ පිළිබඳව මනාලයා මවුපියන්ට කරුණු කීවත් ඔවුන්ගේ බලවත් ඉල්ලීම පරිදි අවසන් මොහොතේ මධුසමය ගත කිරීම සඳහා හෝටලයකට යාමට වාහනයට නැග්ගත් අතරමගදී ඇතිවූ වචන හුවමාරුවක් නිසා රියැදුරුට කියා වාහනය නැවැත්වූ ඔහු වෙනත් වාහනයකින් ගෙදර ගියේ මනාලියට ඕන ”තූත්තුකුඩියක යන්නැ”යි කියමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෝරුවේදී මනාලියගේ හැසිරීම දැක මනාලයාට මඟුල එපාවෙලා
ටෙනිසන් Friday, 26 December 2014 06:54 AM
රීටා සම්බාහන ආයතනයක හිමිකාරියක් වගේ. රැකියාවක් දෙන්න වගෙයි අදහස. හොඳයි, හොඳයි.(නදී)
ප්‍රනාන්දු Thursday, 25 December 2014 10:36 AM
කවුද දන්නේ මනමාල මහත්තයට වුනේ අර අඬන්න හිටපු එකාට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩක්ද කියල. අපි නොදන්නවද පිරිමින්ගේ හැටි. (බ)
ගංගා Thursday, 25 December 2014 11:24 AM
වැඩ බැරි මානමාලයෙක්ද කොහෙද ? (නදී)
මොහොමඩ් ඛාන් Thursday, 25 December 2014 11:58 AM
මනමාලය හරි (නදී)
ඇසිලින් නෝනා Thursday, 25 December 2014 12:37 PM
චන්ද කතා අහලා දැකල මනමාලයටත් එහෙම හිතෙන්න ඇති නාස්තිය දුෂණය...වංචාව, (අ)
චාන්දනී කළුපෙරුම Thursday, 25 December 2014 05:40 PM
මේක මෙහෙම මදු සමයට කලින් ඉවර වූන එක ලොකු දෙයක් , මදු සමයට ගියානම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නේ , මේ කාන්තාවගේ හැසිරිමට , නොගැලපෙන දෙන්නෙක් ඔහොම ඉවරවූ එක හොඳයි , පස්සේ ජිවිත විනාශ කර නොගෙන.(හේ)
තිලක් Thursday, 25 December 2014 06:14 PM
මෙලනිගේ ප්‍රකාශයට මමත් එකඟයි.(හේ)
ජිලාන් Friday, 26 December 2014 12:27 AM
මේ මනමාලිය ඊළඟ ජනාධිපති තරඟයට පුරුදුවෙනවා වෙන්න ඇති. දකින දකින හැමෝම බදාගෙන සිපගන්න උදවිය මේ දවස් වල ඉන්නේ අර අතළොස්සේ විතරනේ. (නි)
නාලක Friday, 26 December 2014 02:55 AM
මෙන්න මේ මනමාලිව එවන්න ඊළඟ පළාත් සභා මැතිවරණයට. (නි)
චින්තක Friday, 26 December 2014 06:39 AM
නියම මනමාලයෙක්. (ර)
ජෙහාන් Thursday, 25 December 2014 08:36 AM
මේක පත්තරෙන් ආපු යෝජනාවක් වෙන්න ඇති. නැතිනම් කපුවාගේ දත් සෙට් එක බඩට යැව්වා කියලත් මේකේ ලියවන්න ඉඩ තිබුනා. (ර)
අනුර Friday, 26 December 2014 07:34 AM
දෙන්නෙක් ජීවත් වෙද්දී අදහස් තමයි වැදගත්. එහෙම උන එක හොඳයි (නදී)
බණ්ඩා Friday, 26 December 2014 09:27 AM
මධු සමයේ සතුට විදින්න හිටපු මනමාලිට කරපු ලොකු අසාදාරනයක්. (නදී)
බුද්ධික Saturday, 27 December 2014 04:51 AM
ඉතා තැන්පත් ගුණයෙන් යුතු නම් යන්ඩ එපායැ මහණ වෙන්ඩ. ඇයි මීට කලින් මගුල් ගෙවල් වල ඩාන්ස් කරනවා දැකල නැද්ද? (නදී)
බමුණු Saturday, 27 December 2014 08:35 AM
අපේ ලංකාවේද, පුදුම හිතෙනවා. (නදී)
ජෝන් Saturday, 27 December 2014 10:04 AM
ඔයින් ගියා ඇති. (නි)
චමිල Sunday, 28 December 2014 06:49 AM
කොච්චර විසේකාර කෙල්ලෝ උනත් මගුල් දවසේදී විනීතව හැසිරෙනවා මොකද මුළු නෑදෑ පරපුරම එදාට ඇවිත් ඉන්න නිසා , මේ මනමාලිට එහෙම ලජ්ජාවක්වත් තිබිල නැහැ , මට පෙනෙන්නෙත් පනින්න පුළුවන් ඔක්කොම පිනුම් පැනපු එක්කෙනක් ද කොහෙද (බ)
ලක්මිණි Sunday, 28 December 2014 10:22 AM
ඉහත සඳහන් බහුතරයම පිරිමි පක්ෂයේ අය. මේ හැම කෙනාම මනාලියට තමා දොස් කියල තියෙන්නේ. මේකෙන් තේරෙනවා ලංකාවේ පිරිමින්ගේ මානසිකත්වය. හුඟක් පිරිමි හොඳට ගණිකාවෝ ඇසුරු කරලා පස්සේ ළඳ බොලඳ වැඩකාරකම් කරන්න පුළුවන් කෙල්ලෙක් හොයනවා මේක තමයි ආසියාවේ පිරිමින්ගේ හැටි (බ)
කඩුවෙල බන්දු Sunday, 28 December 2014 10:36 AM
දැන් ලංකාවේ හැමතැනම ඩාන්ස්. පසුගිය අවුරුදු 20 තුළ කිසිම චාරයක් නැහැ (බ)
උදය Sunday, 28 December 2014 03:16 PM
අනේ මන්දා.? (ර)
රීටා Thursday, 25 December 2014 03:15 AM
අනේ මනමාලි මට ගෙනත් දෙන්න. හණමිටි කාරයෝ (නදී)
මෙලනි Wednesday, 24 December 2014 11:20 PM
යෝජිත විවාහයකදී වුනත් කඩිමුඩියේ පෝරුවට නගින්න යනවාට වැඩිය අඩු වශයෙන් මාස කිහිපයක්වත් එකිනෙකා හඳුනාගන්න ගත කිරීම උචිතයි කියල තමයි මගේ පුද්ගලික අදහස. මේ තැනැත්තිය කෙළිලොල් වුන එක නෙවෙයි වැරැද්ද. ඇගේ ගති ගුණ කලින් දැන ගැනීමට මනාලයාට උවමනාවක් හෝ අවස්ථාවක් නැති වෙන්න ඇති. කෙළිලොල් වීම මේ මනාලයාට හොඳ නැති වුනාට තව කෙනෙකුට ඒක අගය කල යුතු දෙයක් වෙන් පුළුවන්. සමහරු බලාපොරොත්තු වෙන්නේ සමාජශීලි භාර්යාවන්. ඒ නිසා මෙතන මනමාලියට විතරක් දොස් කියන්න බැහැ. කලින් කතා බහ කර දැන් අඳුන ගත්ත නම් ඇගේ මේ ගති ගුණය තමන් අකමැති බව දැන ගෙන අයින් වෙන්න තිබුනා. (නදී)
සරත් Thursday, 25 December 2014 01:18 AM
මල්ලි වැඩේ ගොඩින් බේරාගෙන වගේ. හොද මොළ කාරයෙක්. (නදී)
සරත් Thursday, 25 December 2014 01:20 AM
මනමාලි සිතිය යුතියි " ගමකට මනමාලියක් නොවන වග" (නදී)
සරත් Thursday, 25 December 2014 01:22 AM
අපේ කාලේ නම් වචන හුවමාරු ඇතිවෙන්නේ අවරුදු 10 විතර ගියාට පස්සේ. දැන් පොරුවේදීම. "අනේ කාලේ වනේ වාසේ කිව්වලු" (නදී)
භානු Thursday, 25 December 2014 01:24 AM
ඇයි මනමාලිගේ මේ ගති ගුණ කලින් වටහා නොගත්තේ. ලඟින් යන යන උදවිය සිප වැලඳ ගන්න පුරුද්ද තියනවා නම් බඳින්න කලින් බලන්න ආපු දවසේ ඉඳල මනමාලයා ගැලවිලා හිටපු එක පුදුමයිනේ. එහෙම නොවුන කියල කොහොමද කියන්නේ. බුලත් හෙප්පුව අතට දීල සිප වැළඳ ගන්නත් ඇති. දැන් ඉතින් බොරුවට තරහා ගන්නවා. (නදී)
සරත් Thursday, 25 December 2014 01:25 AM
මනමාලිට මනමාලය නැවුම් නැති උනාට, "මනමාලයට මනමාලි නැවුම් වගේ" (නදී)
පිටබැද්දර ජයා Thursday, 25 December 2014 01:30 AM
අද ඉන්න බහුතරයක් තරුණියන්ට පස්ස කැඩිච්ච කුඹ්බියගේ ලෙඩේ හැදිලා තියෙන්නේ. අනික ඉතින් දෙන්න දෙන්නව තේරුම් නොගෙන කොරන මගුල් වල අන්තිම ප්‍රතිපලය මේක තමා. මවුපියන් තවත් මෝඩ වැඩ නොකර මේ දෙන්නව වෙන් කරන එක තම නුවනට හුරු (නදී)
අබේසිංහ Thursday, 25 December 2014 02:21 AM
ඔහොම ගිය ඇති. ටිකක් හොයල බලන්න ඕනා ඉතින් තමන්ට ගැලපෙනවද කියලා. නැත්තම් ඕව පස්සට බල පාන්නේ. (නදී)
කටුගස්තොට Thursday, 25 December 2014 02:56 AM
අන්තිම මොහොතෙදි හරි දෙවියෝ අර අහිංසකයගේ මුහුණ බැලුවා. (නදී)
සමන්ති Wednesday, 24 December 2014 10:59 PM
පෙම් කැකුල පිපි එනවිට මහදේ එය පරව ගියා. මා හෙලා මේ දුක් අන්දකාරේ. (නදී)
ධනුක Thursday, 25 December 2014 03:26 AM
කලින් මේවා හොයල බලල නැද්ද ? යෝජිත විවාහයකදී හතර අතේ හොයල බලනවා නේද ? පොත්තේ පාටට හරි දෑවද්දට හරි රැවටෙන්න ඇති. (නදී)
සිදත් Thursday, 25 December 2014 03:29 AM
කේන්දර බලල නෙමේද කලේ? (නදී)
ලසිත් Thursday, 25 December 2014 03:50 AM
මට පේන්නේ මේක මනමාලයාගේ දෙමව්පියන්ගේ උවමනාවට සිද්ධ වුන දෙයක් වගේ. (නදී)
විපුල Thursday, 25 December 2014 03:55 AM
සමාජයේ සිටින මිනිසුන්ගේ සිතුම් පැතුම් විශාල පරාසයක් තුල විහිදිලා තියනවා. එය අතිශය විවිදාකාරයි. එම අන්ත දෙක අතර තම අපි කවුරුත් සිටින්නේ. එහිදී පරාසය තුල තමා සිටින ස්ථානය අවබෝද කරගෙන එම ස්ථානය අසල සිටින කෙනෙක් ජීවිතයට ලං කරගන්න එක වටිනවා. මම හිතන්නේ ජෝතිශ්‍රය ආදී යෙන් කරන්නේ මේ දේ.. අනෙක අපි සමාජයේ පුද්ගලයෙක් හනමිටිකරුවකු හෝ රැඩිකලයකු ලෙස දකින්නේ, පරාසය තුල අපි සිටින ස්ථානයට සාපේක්ෂවයි. (නදී)
චන්ද්‍රසිරි Thursday, 25 December 2014 04:35 AM
මනමාලයා හරි. එහම කරපු එක දෙන්නටම හොඳයි. (ස)
සුන්දරලිංගම් Thursday, 25 December 2014 04:53 AM
මනාලයා මමනම් මදුසමය ඉවර වෙනකන් කොහොමහරි ඉවසගෙන ඉන්නවා. අපරාදේ චාන්ස් එක. (ස)
උක්කුන් පුතා Thursday, 25 December 2014 05:37 AM
ඉස්සර මිනිස්සු කෙල්ලගේ ගෙදර පිළිකන්න පැත්තෙන් ගියේ සහ ඇගේ අම්මගේ චරිතේ බැලුවේ ඔය නිසා තමා. (ස)
රුවන් Thursday, 25 December 2014 07:24 AM
බහුතරයක් කොල්ලෝ කැමති අහිංසක ලජ්ජා,බයට හැදිච්ච කෙල්ලන්ට. මේ මනමාලයා කරපුදේ 50%ක් හරි. අපරාදේ තිබ්බ චාන්ස් එකත් නැතිකරගත්තා. (නදී)
වීරා Thursday, 25 December 2014 07:45 AM
රුවන් ඔය කියන විදියේ මහිලාවෝ දැන් මිහිපිට ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. ලජ්ජා බය කෙසේ වෙතත් අද කාලයේ බවලතුන්ටත් රස්සාවක් නොකර ඉන්න බැරි තත්වයට ඇවිල්ලනේ. ඉතින් එලි පහලියට බහින්න සිද්ධ වෙනවා. (නදී)