X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


බඩු අඩුවෙන් ගත්තාට මුදලාලිට යකා නැගලා


දකුණු පළාතේ උප නගරයක පිහිටි එළවළු වෙළෙඳ සලකි. එහි හිමිකරු ඉතා සාධාරණව වෙළෙඳාම් කරන කාගේත් සිත් දිනාගත් තැනැත්තෙකි.


ඔහුගෙන් හැමදාමත් එළවළු මිලට ගන්නා පාරිභෝගිකයකු පැමිණ ඒවායේ මිල ගණන් විමසීය. වෙනදා වැඩිපුරම ගන්නා මාළු මිරිස්, කැරට්, බෝංචි, බීට්වල මිල ඉතා ඉහළය. මුදලාලි මිල ගණන් කියන විට දෙනෙත් ලොකු කරමින් ඒ දෙස බැලූ ඔහු අඩුම මිල තිබූ රාබු පන්සියයක් ගෙන මුදලාලිට මුදල් ගෙවූ විට මුදලාලිගේ කටින් පිටවූයේ අසභ්‍ය වචන සහිත සැර පරුෂ කියමන් රැසකි. පාරිභෝගිකයාට තරු පෙනුණි.


“මං හැමදාමත් මුදලාලිගෙන් එළවළු ගන්නෙ. ඇයි අද මේ විදියට කතා කරන්නේ” ඔහු කීවේ ද තරමක් සැරෙනි.


“අනේ රත්තරං මහත්තයෝ, මං ඔහේට නෙමෙයි කිව්වෙ. මං කිව්වෙ රටේ පාලක උන්නැහේලට” කී මුදලාලි ඔහුගේ මල්ලට නොමිලයේම දෙහි ගෙඩියක් ද දැම්මේ වැරදි වටහා ගැනීම වැළැක්වීමටලු.

(තිහගොඩ - උපසේන ලියනගම)



අදහස් (11)

බඩු අඩුවෙන් ගත්තාට මුදලාලිට යකා නැගලා

බණ්ඩාර Tuesday, 05 July 2016 02:14 AM

රාබුත් සෑහෙන ගණන් අනේ. මොකුත් කන්න වෙන්නෙ නැහැ (නි)

:       0       0

හිමාල් Tuesday, 05 July 2016 03:51 AM

එළවළු මිල ඉහළ පහළ යන්නේ අතරමැදි සූරාකෑම් සහ කාලගුණ හේතු වලට. (නි)

:       0       0

සෑම් Tuesday, 05 July 2016 07:28 AM

එළවලු මිල අඩුවෙනකොට ගොවියෝ ආණ්ඩුවට බනිනවා. එළවලු මිල වැඩිවෙනකොට පාරිභෝගිකයෝ ආණ්ඩුවට බනිනවා. වෙළෙන්දෝ මේ දෙකෙන් කොයි එක වුණත් ආණ්ඩුවට බනිනවා (නි)

:       0       0

අසෝකා Tuesday, 05 July 2016 09:56 AM

ලංකාවේ බොහෝ අයට පුංචි හරි ඉඩමක් තියෙනවා. ඒත් බොහෝ අය එහි මිරිස් පැලයක්, මුකුණුවැන්න හෝ ගොටුකොල ටිකක් , බණ්ඩක්ක පැලයක්,දඹල වැලක් වත් වවා ගන්න පුරුදු වෙලා නැහැ. සම හරක්ට ඒක හරි මදි කමක් වගේ.

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 July 2016 10:05 AM

වත්තේ පිටියේ මොනවා හරි හිටවගන්න බැරි කම්මැලි ඉන්න රටක අහසට , පොළොවට, ආණ්ඩුවට බැන බැන ඉඳපල්ලා කම්මැලියෝ ! (බ)

:       0       0

රසික Tuesday, 05 July 2016 10:26 AM

දැන් එළවලු ගණන් කන්න වෙන්නේ නෑ.(හේ)

:       0       0

කුෂාන් Tuesday, 05 July 2016 01:06 PM

මැතිනිය මෙවෙනි දේවල් ඒකාලේ පටන්ගත්තා. නමුත් අපේ සමහර මිනිස්සුන්ට ඒවා ඉවසන්න බැරි වුනානේ. එය සාර්ථක වුනානම් අද කොපමණ ලස්සන රටක්ද. මේවිදියටම අපට තව දුක්වෙන්න වෙයි මහින්ද ගෙදර යැව්වට. එතකොට ඉතින් අපි ප්‍රමාද වැඩියි කියල මට හිතෙනවා. (බ)

:       0       0

ජයරත්න Wednesday, 06 July 2016 03:27 AM

හැකි අය ගෙවත්තේ එලවලු වගා කරගැනීම ඒ අයගේ ආථිකයට මෙන්ම සෞඛ්‍යයට යහපත්. නමුත් එළවළු ගොවිතැන කර්මාන්තයක් ලෙස කඩා වැටුණ හොත් ඒ තුලින් ආර්ථිකය සරිකර ගන්නා ගොවියා, තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා, හොවිපල සහ වෙලදපල සේවකයන් ඇතුළු විශාල පිරිසකට ආදායම් අහිමි වීමේ තත්වයක් උදාවනවා නේද? එවිට එය රටේ තවත් එක් අර්බුදයක් බවට පත් වේවි.(ම)

:       0       0

පරාක්‍රම Wednesday, 06 July 2016 01:18 PM

අතරමැදියෝ කියන්නේ මේ අතින් අඩු ගාණකට අරගෙන අනික් අතින් වැඩි ගාණකට දීලා මුදල් උපයන කට්ටියක්. ගොවියාට ලැබෙන්නේ පොඩි මුදලක් එම ගසාකෑම හේතුවෙන්. ඔහු ඉන්නේ අසතුටින්, දුකින් හා ණය බරින්. අවසානයේ ඉන්න සිල්ලර මුදලාලිගෙන් පාරිභෝගිකයාට මිල නියම වෙන්නේ තැලිලා පොඩිවෙලා විකුණාගන්න බැරිව කුණු බක්කියට දමන ඒවාටත් එක්ක ගණන් බලලා සෑහෙන ලාභයක් තියාගෙන නිසා පාරිභෝගිකයා ඉන්නේ අසතුටින්, දුකින් හා මුදල් අපහසුවෙන්. අතරමැදියාට මේ තුළ ඇති ක්‍රියාදාමය අනුව ගාණ කපාගන්නවා මිස කිසි ගැටළුවක්, අපහසුතාවක් නොපෙනේ. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 July 2016 02:49 PM

දැන් අර ප්ලාස්ටික් කූඩ එහෙමත් නැති නිසා එළවලු අපතේයනවා වැඩියි. (නි)

:       0       0

චමින්ද Friday, 08 July 2016 10:51 AM

ඉස්සර ගෙදරක කැකිරි වැලක්, වට්ටක්ක වැලක් තිබුනා. මිනිස්සු නිකන් කන්න පුරුදු වුණාම ඕක තමයි වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site