X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බඩු අරන් එනකම් නෝනා තවමත් මග බලන්

වේලාව දහවල් එකොළහට පමණ ඇත. අක්මීමන ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට පුද්ගලයෙක් ගොඩවිය. එම අවස්ථාවේ එහි සිටියේ එම ආයතනය හිමි කාන්තාව පමණි. තමා ප‍්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයකු බව ඔහු ඇයට පැවසුවේය. 

මිස් අප ළඟ අයිටම්ස් අටක් තියෙනවා. මේවා ගත්තම අපි මිස්ට නොමිලේ ෂෝරූම් එකක් දෙනවා. කියමින් ඔහු තමාගේ අතේ තිබු රූපලාවන්‍ය උපකරණ ලැයිස්තුවක් කියවා ගෙන ගියාය.

එහෙත් ඇය කීවේ තමාට ඒ සඳහා වැය කිරීමට එතරම් මුදලක් නොමැති බවය. ඔහුද තම උත්සාහය අතහැරියේ නැත.

මේක ගත්තොත් මිස්ගේ බිස්නස් එකට ලොකු හයියක්. එහෙනම් අයිටම් දෙක තුනක්වත් ගන්න.

අවසානයේ ඇය ඔහුගේ පෙරෙත්ත කිරීම නිසා එකක් මිලදී ගැනීමට තීරණය කළාය. එහි මිල රුපියල් තුන්දහස් හයසීයකි. ඔහු එම අවස්ථාවේම මුදල් ඉල්ලූවේය. එහෙත් ඇය කීවේ පසුව දෙන බවය.

අයියෝ මිස් අපි අවිශ්වාසද? එහෙනම් ඉතිං ඕඩරය කැන්සල් කරන්න වෙනවා. දැන් සල්ලි දුන්නොත් පැය දෙකකින් බඩු එවනවා. අවසානයේ ඇය තමා සන්තකයේ තිබූ රුපියල් තුන්දාස් හය සීයක් එකතු කර දුන්නාය. පැය දෙකක් ඇතුලත බඩු එවන බව කියා ඔහු වහාම පිටත්ව ගියේය.

එහෙත් දින දෙකක් යනතුරුත් ඇයගේ ඇනවුම ලැබුණේ නැත. තමා හොරෙකුට අසුවී ඇති බව ඇය පැවසුවාය.

 



අදහස් (0)

බඩු අරන් එනකම් නෝනා තවමත් මග බලන්

මනෝරි Monday, 22 June 2015 04:21 AM

ඔය රුපලාවන්‍ය කරන්නෙත් හොඳට අනෙක් අයව අන්දන්න පුළුවන් අය. එයාගෙත් කනෙන් රිංගලා වගේ.(ම)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 22 June 2015 04:36 AM

මේ නෝනා එතරම් මෝඩද අනේ. කියන්න තිබුණේ මේ අය විශ්වාස කරන්න බැ.ඉස්සල්ලාම සමාගමේ හැඳුනුම් පතයි,බඩු ටිකයි ගේනවා.එහෙම නැත්නම් ඕඩරය කැන්සල් කරනවා කියලා (ම)

:       0       0

නෙලුම් Monday, 22 June 2015 04:54 AM

රුපලාවන්‍ය තැනකට ගියා කියන්නේ ඉතින් කාන්තාවකගේ මාසේ පඩියම ඉවරයි. බැංකුවක වගේ වැඩ කරනවා කිව්වොත් ගාස්තුව දෙගුණයි. මගේ මිතුරියකට ඒ වැඩේ වුණා. (ම)

:       0       0

ධනුක Monday, 22 June 2015 05:43 AM

අපේ නෝනා ලඟදි මගුල් ඥාතියෙකුගේ මගුල් ගෙදරකට යන්න කොණ්ඩේ දමා ගන්න ගියේ කොතැනට කොහොම ඇඳගෙන ගියත් නෑදෑයන්ගේ මගුල් ගෙදර නම් ජැන්ඩියට අඳින්නේ නැති ව බැහැ කියලා. (ම)

:       0       0

දුල්මි Monday, 22 June 2015 06:04 AM

මේ රූපලාවන්‍ය ශිල්පිනියන් කොච්චර සල්ලි ගරා ගන්නවාද ? මගේ ඥාති අක්කා කෙනෙක් විවාහයට අන්දවා ගන්න ගිහින් එයාව බංකොලොත් වුනේ නැති ටික විතරයි. රූපලාවන්‍ය ශිල්පිනිය කියන තැනින් ඇඳුම් මහන්න ඕන, එයාගේ මිතුරියගේ මල් බිස්නස් එකෙන් මල් ගන්න ඕන. ඡායාරූප ශිල්පියා එයාගේ සැමියා. පෝරුවේ අෂ්ටක කිව්වෙත් එයාගේ නෑදෑයෙක් වන බාප්පා කෙනෙක් කියල අපිට පසුව ආරංචි වුනා. තව බෙර වාදකයන් නැට්ටුවන් එතැනින්ම ගන්න වුනා. මේ ඔක්කොම කරන්න වුනේ ඒ අක්කා පිටරට යන්න කලින් විවාහ වෙන්න ඕන නිසා ඇති වුන හදිසියෙන් මේ කාන්තාව හොඳටම ප්‍රයෝජනය ගත්තා. (ස)

:       0       0

අබරන් Monday, 22 June 2015 09:17 AM

අන්දන්නෝ ඇන්දෙති.... (ර)

:       0       0

චතුරි Monday, 22 June 2015 11:46 AM

දියුණුවෙන ලෝකයේ අපේ රට ඉදිරියෙන් කියන්නේ මේ හින්දා වෙන්න ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 June 2015 01:10 PM

නිකමටද අනේ කියන්නේ හැඳි මිටේ දිග කියලා ? නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. (ර)

:       0       0

සුජි Monday, 22 June 2015 02:15 PM

හැඳි මිටේ නුවනින් හරි මේ කාන්තාවට මෙහෙම ආදායම් මාර්ගයකට යොමු වුනේ සැමියා මෙලෝ ආදායමක් නැති නිකමෙකු නිසා වෙන්න පුළුවන්. (ර)

:       0       0

කුමාර Monday, 22 June 2015 04:05 PM

මෙය අනිත් අයව අන්දලා අසාධාරණ ලෙස හම්බ කරලා ඇති .ඒවා තමයි ඔය යන්නේ.,(හේ)

:       0       0

අප්සරා Monday, 22 June 2015 08:48 PM

මේගොල්ලන්ගෙන් වරක් සාරිය අන්දන්න ගන්න ගානෙන් සාරි 10ක්වත් ගන්න පුළුවන්. (නි)

:       0       0

සරසි Tuesday, 23 June 2015 01:08 AM

මේගොල්ලන්ට කියල බැරිම වෙලාවක යන්තම් චාම් කොණ්ඩ මෝස්තරයක් දමා ගන්න ගියොත් මනමාලියෙකුගේ කොණ්ඩ මෝස්තරයට වැඩි ගානක් ගන්නවා. (නදී)

:       0       0

රුෂාන් Tuesday, 23 June 2015 03:45 AM

දුල්මිගේ අක්කට විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් තරුණියන්ව හූරලා ගන්නවා මේ කට්ටිය... (නි)

:       0       0

සඳුන් Tuesday, 23 June 2015 04:26 PM

දුල්මි,ඔය කියලා තියන කෙනා මොන පැත්තේ කෙනෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site