(අම්බලන්තොට සනත් ගමගේ)
පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඇතැම් වෛද්‍යවරුන් රෝගියා ඈතින් තබාගෙන රෝග ලක්ෂණ විමසා බලා බෙහෙත් නියම කිරීමෙන් අමාරුවේ වැටෙන්න ගිය රෝගියකුගේ ජීවිතය අනූනවයෙන් බේරීමේ පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
නවය පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් බඩේ කැක්කුමක් සෑදීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍යවරුන් කිහිප දෙනකු ළඟට ගොස් ප්‍රතිකාර ගෙන ඇත. පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ සෑම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලම වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කරනු ලබන්නේ වෛද්‍යවරයා රෝගියාගෙන් මීටරයක් පමණ ඈතින් සිටය. රෝගියාගේ රෝගී තත්ත්වය විමසා බැලීමෙන් පසුව මෙම රෝගියාට ද බඩේ අමාරුවට බෙහෙත් නියම කර ඇත. ලබා දී ඇති බෙහෙත්වලින් බඩේ අමාරුව සුව අතට පත් නොවූ හෙයින් මිල මුදල් පවා අගහිඟ මේ දරුවාගේ මව්පියෝ ගෙදර තිබුණු බයිසිකලය පවා උගසට තබා තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ළඟට ගොස් ප්‍රතිකාර ලබාගත්තද ඒ කිසිවෙක් දරුවාගේ බඩ පරීක්ෂා නොකර බෙහෙත් දී ඇත.
දරුවාගේ තත්ත්වය තරමක් නරක පැත්තට හැරෙන බව දැනගත් මව්පියෝ ප්‍රදේශයේ දන්නා හඳුනන හෙද නිලධාරි මහතකුට මේ බව පවසා ඇත. නිවසට පැමිණි හෙද නිලධාරි මහතා දරුවාගේ බඩ පරීක්ෂා කිරීමෙන් පසු වේදනා නාශක ලබා දී සුව කළ හැකි බඩ රුදාවක් නොව ඇපැන්ඩිසයිටීස් වැඩි වී ඇති හෙයින් දරුවා ඉතා ඉක්මනින් රෝහල් ගත කරන ලෙසට මව්පියන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉදිමුමට ලක් වී තිබූ ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයෙන් ඉවත් කර දරුවා බේරා ගැනීමට හැකි වී ඇත.
බඩේ අමාරුවට වේදනා නාශක බෙහෙත් දිගින් දිගටම ගෙන සිටියේ නම් දරුවාගේ ජීවිතය අනතුරට පත්වීමට ඉඩ තිබූ බව රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඩේ ලෙඩේ දුරින් බලා වැඩේ වැරදිලා