අලූතින් ඉදිවන ගොඩනැගිල්ලක සේවය කරන තරුණයන් කිහිප දෙනෙකි. ඔවුනට ආහාර සැපයුම්කරුවකු විසින් ආහාර සපයනු ලැබිණි. ඔහු නිරතුරුවම පැවසුවේ තමා අන් අයට වඩා පිරිසුදුවට ආහාර සපයන බවයි. එසේ වුවත් පසුගිය දිනෙක ආහාර පැකට්ටුවක පණුවෙක් දක්නට ලැබිණි. වහාම ඔහුට ඇමතුමක් දුන් තරුණයෙක් ‘‘බලන්න අන්කල් බත් එකේ පණුවෙක්නේ කොහොමද මේවා කන්නේ? යනුවෙන් විමසීය. ”ඒක වෙන්න බැහැ මල්ලී මම දවසකට කෑම තුන්සීයකට වැඩියෙන් බෙදනවා. කිසිම කෙනෙක් දොසක් කියලා නැහැ’’ ඔහු පිළිතුරු දෙමින් කීය.
”එන්නකෝ පෙන්වන්න” තරුණයා පැවසූ විට සැපයුම්කරු එතැනට පැමිණි අතර තරුණයා බත් පතේ සිටි පණුවා පෙන්වීය. පණුවා අතට ගත් සැපයුම්කරු පණුවා පොඩිකර ‘මේක බත් ඇටයක්’’ යැයි පවසමින් විසිකර දැමීය. පසුව හෙතෙම ‘‘අපේ ඇඟේ කොච්චර පණුවෝ ඉන්නවාද දැන් ලෝක සෞඛ්‍යය සංවිධානයෙනුත් කියන්නේ පණුවෝ කැරපොත්තෝ කෑවට කමක් නැහැ කියලා. බත් එකේ පණුවෙක් හිටියානම් අයින් කරලා කන්න එපායැ”. ඔහු පැවසීය. තරුණයා ද නිකන් හිටියේ නැත.
‘‘කැරපොත්තෝ, පණුවෝ ජපානේ, චීනේනම් කනවා ඇති. මේක ශ්‍රී ලංකාව. පණුවෙක්, කැරපොත්තෙක් බත් එකේ හිටියොත් උසාවි ගිහිල්ලා තමයි නවතින්නේ’’ යැයි කීය. එවිට ආහාර සැපයුම්කරු ‘‘වම්බටු ගෙඩියක, බණ්ඩක්කා කරලක පණුවෝ ඉන්නවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. අනෙක පණුවෙක් කැවුණා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහැනේ. යනුවෙන් පැවසීය. ‘හරි හරි අංකල් ආයේ කෑම එකේ මොකෙක් හරි හිටියොත් මම කෑම එක අරගෙන පොලිසියට යනවා’ තරුණයා පැවසූවිට ආහාර සැපයුම්කරු පිටව ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බත් පැකට්ටුවේ පණුවා දැක්කාම ලෝක සෞඛ්‍ය සංවිධානය මතක්වෙලා
නියාස් Monday, 15 July 2013 10:39 PM
පනුවෝ සමග කෑම කෑවට කමක් නැද්ද? මේ ගැන සොයා බලන්න ලංකාවේ කව්රුත් නැද්ද?(නදී)
අනිල් Friday, 19 July 2013 02:50 PM
රූපවතී අක්කේ,තරහ ගන්න එපා.වයසට යයි. (දී)
රූපවති Thursday, 18 July 2013 02:26 PM
මුන් ටික එකතුවෙලා මාව හොදට රොස්ට් කරලනේද ..? රොස්ට් කරපු කුකුළා බැදලා නෙමේ ...යෝදයිනේ කියල තියෙන්නේ ? බැදපු එකෙක් පාර්සල් කරලා කියල තියෙන්නේ, කී බෝර්ඩ් එකෙන් අකුර හරියට අවේ නැහැ .(අ)
වලස් පිටියේ මාමා Wednesday, 17 July 2013 10:47 AM
රුපවති තෙල් බේරෙන්න බැදපු ආදෙකුට කැමති නැද්ද? (නි)
දම්මික පෙරේරා Wednesday, 17 July 2013 12:56 AM
කිතුලට නැග්ග මිනිහත් කිව්වලු රා බොන්න නෙමේ නැග්ගේ තණකොළ කපන්න කියලා. කන්නේ පනුවෝ බොන්නේ වැසිකිලි වතුර. ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ වෙන දේවල්.(නදී)
ශාන් Tuesday, 16 July 2013 04:09 PM
ආහ් එහෙනම් පණුවටත් තව කීයක් හරි වැඩිපුර ගෙවන්න ඇති. (දී)
සරත් Tuesday, 16 July 2013 08:41 AM
රූපවතී අක්කගේ බත් පාර්සලය නැගලා යනවා වගෙයි! කොහොමද බිස්නස් එකක් පටන් ගත්තා නම්? "රූපා බත් පැකට්" වගේ නමක් දාලා (නි)
ආනන්ද ආර් Tuesday, 16 July 2013 08:15 AM
රූපවති, මම රෝස්ට් කරපු කුකුලෙක් අල්ලාගෙන එන්නම්.ඔය ඌව මරලා බැදලා දෙනවද? (නි)
ෂෙරිෆ් Tuesday, 16 July 2013 06:55 AM
මම මෙච්චර කල් හිතන් උන්නේ රූපවතී අක්කා වෙජිටේරියන් කියලනේ. අද නොවැ දන්නේ මස් ජාති කන විත්තිය. (නි)
ග්‍රණරත්න Tuesday, 16 July 2013 02:17 AM
රූපවතී රෝස්ට් කරපු කුකුලෙක් මොකටද ආපහු බදින්නේ. සිංහල ඉංග්ලිෂ් කලවමේ ලියන්ට ගියාම ඔහොම වෙනවා.(නදී)
ගුණරත්න Tuesday, 16 July 2013 02:13 AM
මට පේන විදයට රුපවති කන්නේ ජරාවම තමා. මෙයාට විරුපවතී කියලා නම දැම්මා කම් හරි.(නදී)
මදු Monday, 15 July 2013 11:35 AM
අර සැපයුම්කරුට කවන්න තිබ්බේ පනුවත් එක්කම බත් එක. බොරුවට රන්ඩු වෙන්නේ නැතුව ඒවගේ දඩුවම් තමා දෙන්න ඕනෑ ඔය වගේ මිනිස්සුන්ට. (නි)
ගමගේ Monday, 15 July 2013 09:42 PM
රූපවතීට නිකම් ඇඹුල් කන්න වගේ ආශාවක් නැද්ද?(නදී)
සනී Monday, 15 July 2013 08:28 PM
රුපවති අක්කේ ලුනු කපල මිරිස් කපල තුනපහ ලැස්ති කරලා තෙල් රත්කරලම වැවට පනින්න මොකද මාලු අහුවෙනෙක සුවර්නෑ (අ)
සමීර් වී . Monday, 15 July 2013 08:16 PM
රතු ඉන්දියන් චීන්නු පනුවෝ කනවා චීන්නු පනුවෝ කලා අබයාවකසයත් ජයගත්තා .පනුවට අපහාස කලාට අපි අදින ඇදුම් බොහොමයක් නිපදවන්නේ පටපනුවගෙන් අපේ රටේ අය පනුවෝ නොකන නිසා හැමතැනම පනුවෝ දේසපාලනය පනුවෝ ගහල ,පොලිසිය පනුවෝ ගහල අනෙකුත් ආයතන බොහොමයක් පනුවෝ ගහල .හෝටල් වලත් පනුවෝ බැලු බැලු අත පනුවෝ නිසා බත් එකට පණුවෙක් වැටෙන්න ඇති .අපි පාසල් යනකාලේ පණුවන්ට ඇන්ටිපා කියල බෙහෙතක් දුන්නා දැන් ලංකාවේ සතර දෙසින් වාර්තාවන අපරාද දෙස බලන විට ලංකාවේ ඉන්න සමහරු සිව්පා නිසා ඇන්ටිපා නතර කරලා .රුපයට ආදරය කරන අයගේ ආදරය මියගොස් සතියෙන් පනුවාට වෙනස් කළහැකි බව සිහි තබා ගනිමු .(අ)
සරත් Monday, 15 July 2013 05:26 PM
රූපවතී අක්කේ ඔය රෝස්ට් කුකුලට වැඩිය හොඳ නැද්ද කොරලි හබලි වගේ හොඳ වැව් මාලු කැල්ලක්. ඔයාට දිය බුන් ගහන ගමන් අල්ල ගන්නත් ලේසියි.(නදී)
ආනන්ද ආර් Monday, 15 July 2013 04:59 PM
කලින් නම් ශ්‍රී ලංකාවේ ඕවා වැරදියි. දැන් එහෙම නැහැ. දැක්කනේ ගම්පහ බැලුම්මහර වුනු සිද්ධිය.(නදී)
ගීතා Monday, 15 July 2013 02:03 PM
දැන් ඉන්න ව්‍යාපාරිකයෝ ඔහොම තමා. වැරිදි කිය කියා දැන දැන වැරැද්ද කරනවා. බොරුව සදාරනීකරණය කරනවා. ටොයිලට් පේපර්ස් ඉල්ලපුවහම සෑන්ඩ් පේපර්ස් ආදේශකයක් විදිහට දෙන රටක්. කිසිම තේරුමක් නැ එත් වැඩේ එහෙම යනවා. මුදලට නිතිය දැන් නැමෙනවා.(නදී)
රුපවති Monday, 15 July 2013 01:50 PM
ඇත්තටම .. කාටවත් බැරිද බැරිවෙලා, බත් එකට හොදට රොස්ට් කරපු කුකුලෙක් බැදල දෙන්න? අපිත් ආසයි මොකද වෙන්නේ කියල බලන්න ? (දී)
ජයන්ත Monday, 15 July 2013 01:15 PM
රූම්, ඔයා මොනවා කරන කෙනෙක්ද? (නි)
රූමි Monday, 15 July 2013 11:45 AM
වැඩේ නම් ටිකක් වැරදි තමා. නමුත් ඉඳලා හිටලා ඔයවගේ දේවල් සිද්ද වෙනවා. වැරද්දක් නොවී හැම තිස්සෙම දෙයක් හරියට කරන්න අමාරුයි. නමුත් කොහොමද වැරදිලාවත් බස් එකේ කුකුලෙක් එහෙම හිටියනම් ?(නදී)