(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)
විවාහ අපේක්ෂාවෙන් මංගල සේවාවක ලියාපදිංචි වී සිටි 47 හැවිරිදි කාන්තවකගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඇය උතුරු කළුතරට ගෙන්වාගෙන ඇය පැළඳ සිටි රන් මාලය කඩාගෙන ගිය බව කියන පුද්ගලයකු පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලි ලැබී ඇත.
බෙන්තොට ප‍්‍රදේශයේ කාන්තාවක මීට ගොදුරු වී ඇත්තේ ඉකුත් පෙබරවාරි දහවල් 12.55ට පමණය.
විවාහ වීම සඳහා අපේක්ෂා කරන තරුණ තරුණියන් හඳුන්වා දෙන මංගල සේවාවක තමා ලියාපදිංචිවී සිටි බවත් ඊට අදාළව තමාට ඇමතුමක් දුන් පුද්ගලයෙකු උතුරු කළුතර සතොස වෙළෙඳසැල අසලට පැමිණෙන ලෙස දැන්වූ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඔහුගේ ඉල්ලීම මත තමා උතුරු කළුතරට පැමිණි බවත් එවිට යතුරුපැදියකින් එහි පැමිණ සිට ඔහු තමා හඳුන්වා දී ගෙල බැදි රන් මාලය කඩා ගත් බවත් ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
ඔහු තමාට මරණ තර්ජන කළ බැවින් එම දිනයේ පොලිසියට පැමිණිලි නොකළ බවත් මිරිහාන පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත් බවට ලද තොරතුරු අනුව පැමිණ පැමිණිලි කරන බවත් ඇය පොලිසියට වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඳීන කතාවකට ඇවිත් මාලය කඩාගෙන ගිහින්