මෙම සිදුවීම වාර්තා වූයේ ස්වභාවික සම්පත් බහුල පැත්තකිනි. තරුණයකුට මනාලියක් ජෝඩු කළ මහතෙක් මුණගැසීමට එම තරුණයා මිතුරකු සමග ගියේ යතුරුපැදියෙනි. ”මනමාලිය බැලීමට අපි වාහනයකින් යමු දැයි” තරුණයා විමසූ විට මඟුල් කපු මහතාගේ මුහුණේ දිස්වූයේ කලකිරුණු පෙනුමකි. ”මගේ මෝටර් සයිකලෙත් තියනවානේ. ඒවාවල යමු” ඔහු පැවසීය. ඔහුගේ හැසිරීම තරුණයන් හට ප‍්‍රහේළිකාවක් වුවත්, කිසිවක් නොදොඩා පිටත් වූහ. පාර අසල නිවෙසකට ආ කපු මහතා, ”මහත්තයලා ටිකක් ඉන්නකෝ” කියමින් එතුළට ගියේය. ටික වේලාවකින් ඔහු පැමිණියේ හොඳින් හැඳ පැළඳගත් කාන්තාවක් ද සමඟය. එහෙනම් අපි යමු” කී ඔහු කාන්තාව ද යතුරුපැදියේ වාඩිකරගත්තේය. පැය භාගයක ගමනකින් පසු පිරිස නිවෙසක් ඉදිරිපිටට පැමිණි අතර, ”මහත්තයලා එළියෙන් ඉන්න” යැයි පැවසූ කාන්තාව නිවෙසට පිවිසියාය. එම නිවසේ මනාලයකු පිළිගැනීමට තරම් සූදානමක් නොතිබිණි. ගෙතුළින් උස් හඬින් කතා බහ ඇසුණි. ”මොනාද මේ වෙන්නේ?” තරුණයා කපු මහතාගෙන් විමසීය. ”මහත්තයාට බලන්න එන්න කියාපු මනමාලි යාළුවෙලා හිටපු ළමයාත් එක්ක යන්න ගිහිල්ලා. ඒ නිසා මම හඳුනන කපු නෝනා කෙනෙක්ව තමයි එක්කරගෙන ආවේ. එයා කීවා මේ ගෙදරත් මනමාලියක් ඉන්නවා කියලා” ඔහු කාරණය පැහැදිලි කළේය. ”කට්ටිය ඇතුළට ආවා නම්” ඒ මඟුල් කපු මහත්මියගේ ඇරියුමකි. තරුණයන් තේ පැන් සංග‍්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව තරුණයාට සහ තරුණියට තනිවම කතා කිරීමට අවසර ලැබිණි. තරුණයාට ඇය ගැන පැහැදීමක් ඇති වූ අතර, ඇයට ද ඔහු ගැන ඇල්මක් ඇති විය. මවුපියන් සමග නැවත පැමිණෙන බව පැවසූ තරුණයා අන් අය සමග නිවසෙන් පිට වූයේ ඉතාමත් සතුටිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බලන්න ගිය මනමාලිය පෙම්වතා එක්ක පැනගිහින්
සකල බුජන් Monday, 28 May 2012 09:06 PM
මූදේ මාලු ඉන්නේ එකාද?
දිනුෂී නවරත්න Saturday, 02 June 2012 10:40 AM
මෙහි කමෙන්ට්ස් දැමීම නිශ්චිත පිරිසකට සීමා කළහොත් කමෙන්ට්ස්වල ප්‍රමිතියක් ඇතිකරගත හැකිය.එසේම අදාළ ප්‍රවෘත්තියට කිසිදු අදාළත්වයක් නොමැති පුද්ගල මඩ ගැසීම් බඳු ඊර්ෂ්‍යා සහගත නිසරු සම්මඵලාප බැහැර කිරීමට අවශ්‍යයි සිතමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 01 June 2012 08:23 PM
විද්දෙ පඳුරට වැදුනේ හාවාට..මට නම් හොඳ බිරිඳක් ඉන්නවා..
හිත හොද රාල Thursday, 31 May 2012 02:28 PM
ඔයින් ගියා මදැයි නේද...
ඇලඩින් Thursday, 31 May 2012 09:41 AM
පිස්සු කතා, ඔය වාගේ කතාවලින් අපිට වැඩක් නෑ.
බන්ගලියා Wednesday, 30 May 2012 11:12 AM
ආචාර්‍ය තුමාට කපුනෝනව හදුන්වා දුන්නනම් හරි..!!!
ලාල් Wednesday, 30 May 2012 10:40 AM
මෙහෙමත් කපුවලා ඉන්නවනේ
බන්දුල Wednesday, 30 May 2012 11:02 AM
කපුවා බැදලද දන්නේ නෑ
නිලාන් Wednesday, 30 May 2012 09:29 AM
තරුණයාගෙ අවාසනාව...
සකලබුජන් Tuesday, 29 May 2012 08:16 AM
මෙලෝ රහක් නෑ...
ශෙරිෆ් Tuesday, 29 May 2012 01:19 AM
උපතින්ම කපටිකම රැගෙන එන අය පසු කාලෙකදි මගුල් කපොවෝ වෙති.
කරෝලිස් Monday, 28 May 2012 10:26 AM
ඒකනම් බොහොම හොද කතාවක් මමත් ඒ කපු නෝනව මුණ ගැහෙන්න ඕන....
රජිත් මංජුල, Monday, 28 May 2012 02:53 PM
ගිය යාඵවගෙයි,අනිත් කෙනාගෙයි දෙන්නගෙම කේන්දර දෙක බලව ගත්තනම් හොඳයි..
පොතේගුරා Monday, 28 May 2012 02:52 PM
"කපුවා" දැන් හොඳ චරිතයක් වෙලානේ.
දුලිප් Monday, 28 May 2012 01:52 PM
වැල් බයිලා
අසෝක Monday, 28 May 2012 12:56 PM
මේ කපුවනම් නියමෙට මොලේ පාවිච්චි කරල හොඳට වැඩේ කරල තියෙනවා....
අමිල කටුනායක Monday, 28 May 2012 11:33 AM
මේ කපුවටනම් පොඩි දුවෙක් නැති පාටයි...
සුජීව Monday, 28 May 2012 10:55 AM
තව පොඩ්ඩෙන් කපුවා කපෝති !
නිලන්ත Monday, 28 May 2012 10:51 AM
සමන්ත සෑබෑ ආදරේ හදුනන්නේ නෑ වගේ ..
තරිදු Monday, 28 May 2012 10:38 AM
ඕවා සාමාන්‍ය දේවල් අනේ
සමන්ත Monday, 28 May 2012 10:28 AM
කොල්ලන්ට කදිම ආදර්ශයක්. අලුත් මනමාලයා සැබවින්ම වාසනාවන්ත කෙනෙක්. පැනගිය කොල්ලට දෙයියන්ගෙම පිහිටයි...