(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
මාරවිල ප්‍රදේශයේ නිවෙසක් අසල සුරතලේට ඇතිකරන බල්ලකු සිදුකළ පැහැරීමක් හේතුවෙන් එම නිවැසියන් අතර වූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව එක් පාර්ශ්වයක කතකගේ ගෙල බැඳ සිටි වටිනා රන්මාලයක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මෙම ආරවුල් හටගෙන ඇත්තේ අසල්වාසී නිවෙස් දෙකක් අතරය. එක් නිවෙසක සිය මව සහ පුතාත් අනෙක් නිවසේ බිරිය සහ සැමියත් මෙම ආරවුලේදී ගුටිබැට හුවමාරුව සිදුකරගෙන ඇත.
සිද්ධියට හේතුවී ඇත්තේ එක් නිවසක සුරතලේට ඇතිකරන්නා වූ බල්ලෙකු අනෙක් නිවසට පැමිණ මළපහ කිරීමක් බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බහින්බස්වීමකින් අනතුරුව ගුටිබැට හුවාමරුව දක්වා එය වර්ධනය වී ඇත. දෙපාර්ශ්වයම සුළු තුවාල ලබා ඇති අතර ස්වාමියා බිරිය පාර්ශ්වයේ බිරිය ගෙලබැඳි 150000 වටිනා රන්මාලයක් අතුරුදන් වී ඇති බව එම පාර්ශ්වය විසින් පොලිසියට කරන ලරද පැමිණිල්ලකට අනුව මව්පුතු පාර්ශ්වයෙන් පොලිසිය සිදුකළ තතු විමසීමේදී එම පාර්ශ්වය චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර දෙපාර්ශ්වයම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කලහකාරීන් දෙපාර්ශ්වයම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රංජිත්, උපපොලිස් පරීක්ෂක සේමසිංහ යන පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බල්ලකුගේ වැඩකට දෙපිරිසක් ගහගෙන
KRISHA Monday, 21 May 2018 03:28 PM
දැන් මෙතන ඇත්තටම බල්ලා කව්ද? ගහ බැණ ගත්ත අය කව්ද.? සුනඛයෙකුට නිදහසේ පැහැරීමක් වත් කරන්නට බැරි හැටියක්.. (සුනඛයාගේ අපවිත්‍ර දෑ පිරිසිදු කිරීම හිමිකරුගේ යුතුකම වේ.)