ලියුම් පෙට්ටිය අසල කාඞ් බෝඞ් පෙට්ටියකි. කාඞ්බෝඞ් පෙට්ටියේ බලුපැටවුන් ගොඩකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින් අනේ මේ කිරි බොන පැටවු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරිනම් මොකටද මේ සත්තු හදන්නේ යැයි ඇතැමෙක් කී අතර ඇතැමෙක් අනේ හරි ලස්සන බලු පැටව් පොමනේරියන් වගේ මෙතැන පිරිම සත්තු ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ.
කාර්යාලයේ සේවකයන් ආහාර ආදියෙන් සංග්‍රහ කිරීම නිසා නිතර ඒ අසල සුනඛයින් බළලුන් ආදිය අඩුවක් නොවීය. එනිසාත් මෙම පැටව් පිරිසත් හොඳින් ඇති දැඩි වෙතැයි සිතා මෙතැනට ගෙනැවිත් දමන්න ඇතැයි තවත් ඇතැමෙක් කීහ.
කෙසේ නමුත් නොහොබිනා ක්රියාවක්වූ මෙම බලු පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පුද්ගලයා සොයා ගැනීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක්‍රියාවට නැංවූයේය. ඒ සඳහා බලු පැටවුන් තැපැල් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක් සාක්ෂි වශයෙන් තබාගත්තේය. තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලු පැටවුන්ගේ අයිතිකාරයින්ව කියන්නම්. බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීවේය.
දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට පැමිණියේය. යම් කිසි සේවාවක් ඉටු කරගත් ඇය පිටත් වෙන්නට හදද්දී ඉහත සේවකයා ඇයට මෙසේ කීවේය. නංගී ඔයාලගේ බලු පැටව් හොඳින් ඉන්නවා එයාලව අතරමං කළාට ස්තුතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලු.
ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. සියල්ල හෙළිවී ඇති බැව් හැඟුණි. ඇය ලජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවැසුවාය.
‘අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩනේ. අහල පහල අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනත් දාලානේ. එසේ කී ඇය තැපැල් කාර්යාලයෙන් ලජ්ජාවෙන් පිටවී ගියාය.
ඒත් සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසූහ.
කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලු පැටව් ගෙනාවේ කියලා කිව්වේ.
එවිට සේවකයා මෙසේ කීය.
මේ තියෙන්නේ එදා අර බලු පැටව් ගෙනත් දමාපු පෙට්ටියේ තිබුණු කාඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා. ඉතින් මේකට ඉල්ලුම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත්අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බලු පෙට්ටියේ පත්තර කෑල්ල රහස හෙළිකරයි
චන්ද්‍රා Saturday, 19 November 2016 12:42 PM
පවු අහිංසක සත්තු! (නි)
ජයරත්න Saturday, 19 November 2016 07:05 PM
පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු (නි)
දුමින්ද Saturday, 19 November 2016 07:15 PM
නියම බුද්ධිමතෙක් (නි)
චන්දන Sunday, 20 November 2016 10:41 AM
මේවා පිළිගන්න පුලුවන්ද?. (හේ)
සුමුදු Monday, 21 November 2016 02:53 AM
මේ වගේ මිනිස්සු අද කාලේ බොහොම සුලභයි (නි)