අගනුවරින් මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය බලා දිවයන රාත්‍රි බස්රථයක ගමන් ගත් බීමත් පුද්ගලයකුට සිදුවූ අපුරු සිදුවීමකි මේ.
හොඳින් හැඳ පැළඳගත් තරුණ වියේ අයෙක් ගමන් මල්ලක් රැගෙන පිටකොටුව බස්පොළෙන් දිවුලපිටිය බලා දිවනෙ බස්රථයකට ඉකුත් සිකුරාදා රාත්‍රියේ නැග ගත්තේය.
බසය තුළ ඒ මේ අතට හැරෙමින් මගීනට හිරිහැරයක්වූ ඔහු කොන්දොස්තරවරයා සමගද බහින්බස් වුයේය.
ඔහු විටෙක ඒ අතටත් විටෙක අනෙක් අතටත් ඇඹරෙමින්ද අසුන්වල එල්ලෙමින්ද ගමන් කිරීම මගීන්ට මහත් හිරිහැරයක් විය.
මේ තත්ත්වය නිසා ඔහු අතර මගින් බස්සවන්නැයි මගීහු කෑ ගැසූහ.
එවිට බසය පාරේ අයිනකට කර නැවැත්වූ රියැදුරු “බසයේ මගීන්ට අවහිරයක් නොවන ලෙස යාමට නොහැකි නම් බසයෙන් එළියට ඇද දමනවා හැර වෙනත් කළ හැකි කිසිවක් නැතැ”යි තදින් පැවසීය.
බීමත් මගියා නිසොල්මන්ව සිටියේය. එවිට බසය යළි ගමන ආරම්භ කළේය.
බසය කලබලයකින් තොරව ඉදිරියට යද්දි එක්වර මහා ගෝසාවක් ඇති විය.
“බසය ඇතුළේ වතුර හලලා පෑගෙයි... පෑගෙයි.” වැඩිදෙනා කෑ ගසන්නට වූහ
බසය ඇතුළේ වතුර ගලන්නට විය. විපරම් කර බලද්දී බීමත් පුද්ගලයාට කරදරයක්වී ඇති බව කාටත් වැටහුණි.
බසය නතර විණි. එහි සිටි තරුණයෝ කිහිප දෙනෙක් බීමත් අය නැගිටුවා බෑගයද අතට දී අයුරු බස් නැවතුමක් අසල බැස්ස වූහ.
බීමත් පුද්ගලයා “ආ....මේ. .. මේ අපේ ගේ ළඟ නේද.... හොඳයි මල්ලිලා බොහොම ස්තුතියි.....” කියා බස් නැවතුම් පොළේ අසුනකට බර වුයේය.
ඉන්පසු දිවුලපිටිය බස්රථය යළි ගමන් ආරම්භ කළේය.
(දූනගහ බටේපොල විජයසිරි)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බසය ඇතුළේ ගඟක් ගලලා