X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බසයේ අසුන ඉල්ලා ගත් ගැබිනිය සැමියාත් වාඩි කරගෙන

කොළඹ බලා ධාවනය වූ බසයකි. සෑම අසුනක්ම මගීන්ගෙන් පිරී තිබිණි. බසය බස් නැවතුමේ නැවැත් වූ විට ගැබිනි කාන්තාවක් ඇයගේ සැමියා සමඟ එයට ගොඩවූවාය. ආසනවල සිටි සමහරු ගැබිනි කාන්තාව දුටු විට නිදි කිරන්නටත්, තවත් සමහරු බසයෙන් පිටත බලන්නටත් වූහ.


තරුණියක් තම ජංගම දුරකතනයේ හෑන්ඞ්ස්ෆී (Hands Free) උපකරණය කන්දෙකෙහි රඳවාගෙන සංගීතයට සවන් දෙමින් සිටි අතර ගැබිනි කාන්තාව දුටු ඇය ද දෑස් පියා ගත්තාය. කිසිවකු අසුනක් නොදෙන බව පෙනී ගියෙන් මැදි වයසේ මහත්මයෙක් තම අසුන ගැබිනි මව වෙත දීමට කටයුතු කළේය. පසුව තම ගමන් බෑගය ද අතින් එල්ලාගත් ඔහු සිටගෙන ගමන් කරන්නට විය. පැය භාගයක් ගත විය. ගැබිනි කාන්තාව අසල වාඩි වී සිටි කාන්තාව අසුනින් නැඟිට බසයෙන් බැසීම සඳහා දොරටුව අසලට ගමන් කරන්නට වූවාය. ගැබිනි කාන්තාව වහා එම අසුනමත තම බෑගය තබාගත් අතර එතැනට අසුන පිරිනැමූ මගියා වාඩිවීමට පැමිණියත්, තම සැමියාට කතා කළ ඇය ”මෙතනට ඇවිත් වාඩි වෙන්න” යැයි පැවසුවාය. සැමියා එතැනට පැමිණි පසු අසුන දීමට ඇය කටයුතු කළාය.

දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප‍්‍රීතියෙන් ගමන් කරන්නට වූහ. ගැබිනි කාන්තාවට අසුන පිරිනැමූ මගියා තම බරැති ගමන් බෑගයත් අතේ රඳවාගෙන ඉතාමත් අපහසුවෙන් සිටගෙනම කොළඹට පැමිණියේය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුරය)



අදහස් (0)

බසයේ අසුන ඉල්ලා ගත් ගැබිනිය සැමියාත් වාඩි කරගෙන

උද්දික Wednesday, 08 April 2015 06:49 PM

අපෝ! මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා. මම නම් සීට් දෙන්නේ නැහැ දැන්. තව ඇවිදින්න පුළුවන් කකුල් දණහිස ළඟට ගෑවෙන ළමයි අරන් එනවා සීට් ගන්න. ඔවුන්ට දෙන්නෙත් නැහැ. මම සීට් දෙන්නේ වයසක උදවිය නැග්ගොත් සහ පුජ්‍ය පක්ෂය නැග්ගොත් විතරයි. (නි)

:       0       0

හර්ෂ Thursday, 09 April 2015 07:20 AM

ඉතින් කොහොමද ළමයා හොඳට හැදෙන්නේ? (නි)

:       0       0

කමල් Thursday, 09 April 2015 07:20 AM

මේ නිසා තමයි මෙයාලට අසුනක් දෙන්න මිනිස්සු අකමැති (නි)

:       0       0

සමිර Thursday, 09 April 2015 07:02 AM

ගැබිනි කාන්තාවක් ඔය කාලයට කොහොමත් සතුටින් ඉන්න එපැයි. (බ)

:       0       0

අතුකෝරල Thursday, 09 April 2015 05:14 AM

වැඩිය විස්තර ඕන නැහැ. ගර්භණි මාතාවට අයිති අසුන ඕනෑම බස් රථයක වම්පස දෙවන හෝ තෙවන අසුන් පේලියේ තියනවා .තමන්ට අසුනේ දිගටම වාඩිවී යාමට අවශ්‍යනම් ඒ අසුනේ වාඩි නොවී යන්න පුලුවන් හැබැයි ගැභිණි මවක් නැගපු ගමන් එම අසුනේ හිමිකරුවා අනිවාර්යෙන්ම අසුන එම මවට පිරිනමන්න ඕන.(බ)

:       0       0

නිලන්ත Thursday, 09 April 2015 03:24 AM

කතාවහරි.අපි දීලා සීට් එකේ අත හරිමු . එවිට බැඳීම සමග එන ප්‍රශ්න නැත. (ම)

:       0       0

සෙලනිකස් Thursday, 09 April 2015 02:38 AM

සීට් එක දුන් මහතාට තිබුනේ කාන්තාව කළ වැරදි වැඩේ ඒ වෙලාවේම පැහැදිලි කරලා දෙන්න. (නි)

:       0       0

ජෙහාන් Thursday, 09 April 2015 02:22 AM

පියල් , වැඩේ තියෙන්නේ අපි මේ පොල් පටවපු වගේ බස් වල එල්ලිලා උදේ හවස යන වැඩට ගමන් ධර්මය මෙනෙහි කරන්න හරිම අමාරුයි. අපහසුවෙන් ඉඳගත්ත තැනත් කිසිම මනුස්ස ගතියක් නොපෙන්වන අයිතිවාසිකම විතරක් ඔලුවට ගහපු ගැබිනියකට දෙන්න වුණොත් නම් ඔන්න එයාගේ මුතුන්මිත්තන් මෙනෙහි වෙනවා. (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 09 April 2015 02:21 AM

සැමියාටවත් මොළයක් කියලා එකක් නැද්ද? (නි)

:       0       0

තිවංක Thursday, 09 April 2015 02:22 AM

බලනකොට දෙන්නම එකයි (නි)

:       0       0

පියල් Wednesday, 08 April 2015 07:33 PM

චිත්‍රා, අරුනිකා කියූ දේවල් හරි. ධර්මය හරියටම දැනගන්න. ඔබගේ පරිත්‍යාගය නිරවුල් සිතින් කරන්න. ඔබ ඒ වෙනුවෙන් නැවත පරිත්‍යාගයක් බලාපොරොත්තු වෙන්න එපා (නි)

:       0       0

නිමල් Thursday, 09 April 2015 07:20 AM

බිරියට හපන් සැමියා! (නි)

:       0       0

කොඩිකාර Wednesday, 08 April 2015 06:49 PM

මටත් තිබෙනවා මේ අත්දැකීම (නි)

:       0       0

ඇසළ Wednesday, 08 April 2015 04:09 PM

දොස් කියන්නත් බැහැ ඔය දේ සිද්ධ උනේ ඒ මනුස්සයාගේ පිහිටෙන් නිසා එයාටත් අමාරු ඇති හිටගෙන යන්න. 50 හට 50 කියන්නේ ඔය වගේ වැඩ වලට තමයි. මිට පස්සෙවත් ආසනය දෙන කොට අහන්න මහත්තයත් එක්කද අාවේ නැත්නම් කියන්න හිස් වුනාම මටම ඉදගන්න දෙන්න කියල. ප්‍රශ්නේ ගොඩින් බේරෙනවා. (බ)

:       0       0

සිතාර Wednesday, 08 April 2015 03:43 PM

ඔය ටිකම තමා මහින්දටත් වුනේ (බ)

:       0       0

අජිත් Wednesday, 08 April 2015 02:42 PM

ඇත්තටම මම නම් දකින විදියට මේකට වගකියන්න ඕනේ ජේ ආර් උන්නැහේ. එතුමනේ කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගත යුතුයි කියල. එතන තමයි මුල. (දී)

:       0       0

සමන්ති Wednesday, 08 April 2015 02:27 PM

මෙය නිතරම සිදුවන දෙයක්. (දී)

:       0       0

ජීවන්ත Wednesday, 08 April 2015 02:04 PM

මේකෙන් වෙන්නේ දෙන අසුනත් නැති වෙන එක (දී)

:       0       0

අතුල Wednesday, 08 April 2015 12:57 PM

මටත් මේ දෙයම වෙලා තියනවා. කිලෝමීටර් 12 ක් හිටගෙන ගියා ආබාධිත වෙලා ඉන්න මම. කිලෝමීටර් 2 කින් ළඟ හිටපු කෙනා බැස්ස. අර ගෑනු කෙනා මනුස්සය වාඩි කරගත්ත මම දිහා බලන්නේවත් නැතුව. මමත් ඇවිදිනකොට තමයි මගේ අමාරුව පේන්නේ. එහෙම ඉඳගෙනත් නිරෝගී අය අහක බලා ඉඳිද්දී මම ඕන තරම් සීට් එක දීල තියනවා. (බ)

:       0       0

දිසානායක Wednesday, 08 April 2015 12:48 PM

අපේ රටේ සිදුවෙන දේවල් අනුව ඕව සුළු දේවල් (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 08 April 2015 12:28 PM

එම සීට් එක ගැබිණි මව් වරුන්ට වෙන්කරපු එකක් වෙන්න ඇති ...එත් අර ඉදගත්ත ....ගැබ්බර මිනිසාට හිතන්න තිබුනා ...ආසනය පුදකරපු මිනිසා ගැනත් .... (අ)

:       0       0

කුමුදුනී Wednesday, 08 April 2015 09:40 AM

අනිත් එක තමයි බොහෝ බවලත්තු කිසිම අනුකම්පාවක් ඇති වෙන විදියට හැසිරෙන්නේ නැහැනේ. හිනාවක් මූනෙ ගෑවිලාවත් නැහැ. ස්තුතියි කියන වචනය දන්නෙ නැහැ. අයිතිවාසිකම් විතරනේ දන්නේ . ගුණයහපතක් කම් දන්නෙ නැහැ. දෙන්නම හිතෙන්නෙ නැහැ සිට් එකක්.(බ)

:       0       0

කමනි Friday, 10 April 2015 08:30 AM

කාන්තාවක් උන මමත් දැකල තියෙනවා මෙහෙම දේවල් . අඩුම තරමින් අසුන දීපු කෙනාට ස්තුති කරන පුරුද්දක් වත් අපේ ගැබිණි අම්මලා ලඟ නැහැ . (ම)

:       0       0

රූපිකා Wednesday, 22 April 2015 06:41 AM

කට්ටිය නොදැක්කට මහත්තයටත් බබෙක් හම්බ වෙන්න හිටියද දන්නේ නැනේ (බ)

:       0       0

නිශාන්ත Saturday, 11 April 2015 05:01 AM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

රනිල් Saturday, 11 April 2015 12:21 AM

මිනිසුන් ඇයි මේ තරම් කුහක? දැන් ඉන්න හුඟක් මිනිසු ඔහොමයි. කෙළෙහිගුණ දන්නේ නැහැ. පුදුම ලෝකයක්. තමන් ගැන විතරක් හිතන කාලයක් මේක. තිරිසන් වෙලා.මිනිසා කියන වචනයේ තේරුමවත් නොදන්නා අය දැන් ඉන්නෙ (නි)

:       0       0

සජානා Friday, 10 April 2015 09:18 PM

මම ගිහිල්ලා තිබෙනවා මෙල්බර්න් නගරයට ඕස්ට්‍රේලියාවේ. එහෙ බස් කොච්චි ට්‍රෑම් වල වෙනම අසුනක් වෙන්කරලා තියනවා විශේෂ අවශ්‍යතා තියන අයට. ඒක එහෙම කෙනෙක් ආවහම දෙන්න ඕනෑ. නමුත් අනිත් සීට් දෙන්න ඕනෑ නැහැ එහෙම කෙනෙක් ආවට. හැබැයි අර වෙන්කළ අසුන දුන්නේ නැත්නම් දඩ ගහන්න පුළුවන් ලොකු ගානක්. (නි)

:       0       0

උදිත් Friday, 10 April 2015 07:57 PM

නැහැ ඉතින්, තමන්ගේ මනුස්සයට සළකන්න එපැයි. (නි)

:       0       0

නාලක Friday, 10 April 2015 11:47 AM

තමන්ගේ බිරියට සීට් එක දීපු මිනිහට කෙලෙහිගුනයක් පෙන්වන්නේ නැතුව අනිත් සීට් එකේ ඉඳගෙන ගියාට...(අ)

:       0       0

අප්සරා Friday, 10 April 2015 10:08 AM

අම්මෝ අනන්තවත් ඔය දේවල් වලට මූනදීල තියෙනවා. සමාජය අමනුස්ස කමින් පිරිලා. මොනවා කරන්නද? (ස)

:       0       0

කපිල Friday, 10 April 2015 09:03 AM

මේ සිද්ධිය සම්පුර්ණ ඇත්ත මම ඕනෑතරම් දැකල තියෙනවා මේවගේ දේවල් ශීට් එකක් දුන්න කෙනාට අාපහු දෙනකෙනෙක් ඉන්නේ කලාතුරකින් තමන්ගන විතරයි හිතන්නේ උදව් කලකෙනා දිහා බලන්නෙත් නෑ මටත් ඔහොම වෙලා තියෙනවා...(ම)

:       0       0

බුද්දික Friday, 10 April 2015 08:54 AM

මටත් ඔය වැඩේ වෙලා තියනව කීප සැරයක්ම..මමනම් ඒව ගනන් ගන්නේ නෑ...හෙටත් අසුන ලබා දෙන්න මම සූදානම්..එයාලා කරන දේවල් එයාලාම අරන් යයි නේ. (ම)

:       0       0

අශාන් Friday, 10 April 2015 08:38 AM

මටත් ඔය වැඩේ වෙලා තියනවා. කිසිම හැගීමක් නෑ අපි උදව්වක් කලාට. යනකොට ඔරවගෙනත් යන්නේ සමහරු. (ම)

:       0       0

සරසි Wednesday, 08 April 2015 09:35 AM

දුර ගමන් බස් පෝලිම් වල ගැබිණි කතුන් පෝලිම පාස් කරගෙන ඇවිත් පවුල් පිටින් ඇවිල්ල පෝලිමේ මුලින්ම හිට ගන්නවා. ඊළඟට අර කාන්තාව ඉස්සර කරගෙන මුළු පවුලම බස් එකට නගිනවා. පෝලිමේ හිටිය මිනිස්සුන්ට සීට් නැහැ. අපිට මේ වැඩේ සිද්ධ වෙලා තිබෙනවා. (ම)

:       0       0

ගාමිණී Friday, 10 April 2015 02:38 AM

අද සමාජයේ ගුණදහම් පිරිහිලා. ඒකට අද අධ්‍යාපන ක්‍රමයත් වගකිවයුතුයි කියලා හිතෙනවා. පොතපතේ දැනුම පමණක් ලබාදීලා මදි. යහගුණ ගැනත් ළමයින්ට කියාදිය යුතුයි. බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවිය යුතුයි. (නි)

:       0       0

ජෙහාන් Friday, 10 April 2015 12:58 AM

පියල් මහතා, මම ඔබේ අදහසට ගරුකරනවා. නමුත් මම නම් දැනට උපරිමයෙන් පංච ශීලය ඇරෙන්න වෙනත් ශීලයක් ගැන හිතන්නේ නැහැ. ඒ මොකද අද ලංකාවේ මඟී ජනයාගේ තිබෙන්නේ තමන්ගේ අයිතිවාසිකම මිසක් සිරිතක් විරිතක් ගැනවත් සිතන තත්වයක් නෙමෙයි. පෝළිම පැන ආසන ගැනීමේ සිට ආසනය පිරිනැමූ කෙනාට ස්තුතියි කියන්නවත් දිව නොනැමෙන සමාජයක්. (නි)

:       0       0

විදූෂ Friday, 10 April 2015 12:58 AM

සැමියාත් බිරියට දෙවැනි නැත (නි)

:       0       0

පියල් Thursday, 09 April 2015 07:11 PM

ජෙහාන් මහත්මයාණෙනි, ධර්මය ඇතිවී තිබෙන්නේ මිනිසාගේ යහපතට බව මගේ වැටහීමයි. සියලුම ආගමික නායකයින් මිනිසුන්ය.මිනිසුන් වන අපි සැවොම,එම ආගමික නායකයින් දෙසනලද ධර්මය, අප නැණ පමණින් වටහාගනිමු. (නි)

:       0       0

කිරි මුදියන්සේ Thursday, 09 April 2015 04:31 PM

ගෑනුත් එකයි මිනිස්සුත් එකයි .......රට අපායට යනවා දිනෙන් දිනම මම ලගදීම යනවා වෙනරටකට . මුනුත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද තව දුරටත් (ස)

:       0       0

මැක්සි ලියනාරච්චි Thursday, 09 April 2015 02:03 PM

ඔය සිද්ධිය ඔය විදියටම මටත් වුණා කල්පිටියට යනකොට (නි)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Thursday, 09 April 2015 11:50 AM

මමත් දෙවන පන්තියේ ටිකට් එකක් අරගෙන කොටුවේ ඉඳලා කඩුගන්නාවට හිටගෙන ගියා (නි)

:       0       0

අරුණිකා Thursday, 09 April 2015 09:48 AM

පියල් අය්යාට මම කිවූ දේ පැහැදිලිවිම සතුටකි.(බ)

:       0       0

ශලිනි Thursday, 09 April 2015 07:20 AM

සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ ගැබිනියට අමතරව එයා සමග යන උදවියත් බසයේ අසුනක්, වාඩිවී සිටි කට්ටියව නැගිටුවා හෝ බලාපොරොත්තුවීමයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 08 April 2015 03:10 AM

මේක තමයි ඇත්ත හේතුව. මම නම් අසුන දෙන්නෙම නැහැ. දැන් මොකද දුර යනකොට පෝලිම් වල ඉඳලා අසුනක් අල්ලාගන්නේ? තමන්ගේ ගැබිනි බව ඇපයට තියන්න බලාගෙන මඟීන් බස් වලට නඟිනවා (නි)

:       0       0

පහන් Wednesday, 08 April 2015 03:57 AM

දවසක් ආච්චි කෙනෙක් ගැබිණි මාතාවන්ගේ ආසනයේ වාඩි වෙලා හිටිය .ඔන්න ටික වෙලාවකින් ගැබිණි මාතාවක් බස් එකට නැග්ග. අාසන ඔක්කොම පිරිලා. ගැබිණි මාතාවට ආසනයක් නැහැ. කොන්දොස්තර ළමය ආච්චිට කිව්වා ආච්චියෙ ඔය ආසනය තියෙන්නේ ගැබිණි මාතාවන්ට ඒ නිසා සීට් එක දෙන්න කියල. මෙන්න ආච්චිට හොදටම කේන්ති ගිහින් කියනවා මටත් ළමයෙක් හම්බවෙන්න තමයි ඉන්නේ කියල . (ස)

:       0       0

කල්්‍යාන Wednesday, 08 April 2015 03:47 AM

චේතන හරියටම හරි. සල්ලි තියෙන මිනිස්සු බැඳගත්තු කාන්තාවෝ දික්කසාද වෙන එක අද බිස්නස් එකක් කරගෙන තියෙන්නේ ලංකාවේ. හොඳට ප්ලෑන් කරලා කල් යල් බලලා නඩුවක් දානවා හත්මුතු පරම්පරාවම ගොඩයන්න තරම් වන්දියක් ඉල්ලලා. (නදී)

:       0       0

අජිත් Wednesday, 08 April 2015 03:43 AM

ඇය දකුණේ කාන්තාවක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

දීපිකා Wednesday, 08 April 2015 03:42 AM

අනේ සමන්, මේ කාන්තාව තොත්ත බබෙක්නේ. තමන්ට අසුන දුන් මනුස්සයාට ආපසු එය දියයුතු බව නොතේරෙනවා නම් මන්දබුද්ධික කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

අනෝජා Wednesday, 08 April 2015 03:40 AM

ආත්මාර්ථකාමි කම ප්‍රශ්න බොහොමයකට මුලයි. ගෙදරක වුනත් වැඩකරන ස්ථානයක වුනත් රටක වුනත් දියුණුව වලකන එකක් තමයි ඔය ආත්මාර්ථය කියන එක. (ස)

:       0       0

සමන් Wednesday, 08 April 2015 03:36 AM

සීට් එක දෙද්දීම කිව්වා නම් හරිනේ, ආපහු මටම සීට් එක දෙන්න ඕනෑ කියලා (නි)

:       0       0

චේතන Wednesday, 08 April 2015 03:33 AM

කාන්තා සංවිධාන කියලා ටිකක් හදාගෙන එන්ජීඕ හරහා සල්ලි ගන්න කණ්ඩායම් තමයි මෙ විනය රටට කළේ. සැමියක් එක්ක රණ්ඩුවුණ ගමන් යනවා කාන්තා පිහිට සොයාගෙන. නිකන් නීතිඥ සහය දෙනවා. ඉතින් නඩත්තු නඩුයි. දික්කසාද නඩුයි උසාවි වල ගොඩගැහෙනවා. ඇත්තටම මේවා කාටවත් නොපෙනෙන සමාජ ප්‍රශ්න. අද ඉන්න කාන්තාවන්ගෙ ඉවසීම බින්දුවයි. (නි)

:       0       0

නිමල් Wednesday, 08 April 2015 03:29 AM

අද ඉන්න කාන්තාවෝ බොහොමයක් දන්නේ රුපලාවන්‍ය කරගන්නයි, ෂොපින් යන්නයි විතරයි. කිසිම දැනුමක් ලබන්න උත්සාහයක් නැහැ. හැදියාවක් නැහැ. කලිසමක් ඇඳගන්නවා. පාට ටිකක් තවර ගන්නවා. දවසෙම පාරෙ තමයි. (ස)

:       0       0

ප්‍රියංකර Wednesday, 08 April 2015 03:27 AM

තමන්ගෙ වාසිය ලේසිය තමයි කවුරුත් බලන්නේ. හැදියාව බල්ලට ගිහින් තියෙන්නේ. මේ විතරක් නෙමෙයි දැන් අළුත් සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා පොඩි මෝටර් සයිකල් වල යන මැදිවියේ කාන්තාවන්ගේ. කිසිම ච‍ාරයක් නැහැ වාහන පදවන ආකාරය. මහා චන්ඩි අක්කලා කියලා හිතාගෙන තමයි වාහන පදවන්නේ. වැරැද්ද තමන්ගෙ වුනත් අසැබි වචනත් කියාගෙන තමයි බයිසිකලයෙන් බහින්නේ. (ස)

:       0       0

සංජීව Wednesday, 08 April 2015 03:20 AM

අපේ රට දැන් අන්තයටම පිරිහිලා. ගැහැණු පිරිමි, තරුණ තරුණියො කියලා වෙනසක් නැහැ.හැමෝම බලන්නේ තමන්ගෙ පහසුව වාසිය විතරයි. ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි හොඳ කෙනෙක් හම්බ වෙන්නේ. මේවා අහලා දැකලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ජගත් Wednesday, 08 April 2015 03:57 AM

බහුතර වත්මන් කාන්තාවන්ගේ කාන්තා ලාලිත්‍යයක් ඇත්තේම නැහැ. කතාව හරි රළුයි. අහිංසකකම ගෑවිලාවත් නැහැ. වැඩ කිසිකමකට නැහැ. පිරිමි වගේ ඉන්නයි උත්සාහ කරන්නේ. හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ රණ්ඩුවටමයි එන්නේ. මේවා කියන්නේ තරහට නෙමෙයි වැරදි තියෙන අයට හදාගන්නයි. පිරිමියෙක් කැමති ගැහැනුකම තියෙන ගැහැණියකට මිසක් තවත් පිරිමියෙක් වගේ කෙනෙකුට නොවන බව කියන්නයි මට උවමනා. (නි)

:       0       0

දිලිනි Wednesday, 08 April 2015 03:05 AM

අම්මා මෙහෙම නම් දරුවො හදාගන්නෙ කොහොමද? ඔය වගේ අය තමන්ගේ දරුවන්ටත් උගන්වන්නේ කොහොමහරි තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. රට පිරිහෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

දිල්හානි Wednesday, 08 April 2015 03:01 AM

මේවා ඇහුවහම අසුනක් දෙන්නම හිතෙන්නෙ නැහැ (නි)

:       0       0

කපිල Wednesday, 08 April 2015 03:00 AM

අපේ රටේ වත්මන් බොහෝ ගැහැණු තමන්ගෙ අයිතිවාසිකම් විතරයි හිතන්නේ. ඒක නිසා තමයි දික්කසාද පවා වැඩිවෙලා තියෙන්නේ. හිතන්න එපා හැම තිස්සෙම කාන්තාව හරි කියලා. කරන්න ඕනෑ සෙල්ලම් ඔක්කොම දාලා අන්තිමේ සැමියගේ පිටට වරදත් පටවලා ලක්ෂ ගණන් වන්දිත් ගන්න අක්කලා තමයි වැඩිපුර ඉන්නේ. (නි)

:       0       0

ලසිත Wednesday, 08 April 2015 02:58 AM

අපි අමාරුවෙන් හරි බසය පටන්ගන්න තැනට ගිහින් නගිනවා අසුනක් ඕනෑ නිසා. සමහර කාන්තාවො ඕනෑකමින්ම මගින් නැඟලා තමන්ගේ අයිතිවාසිකමක් කියලා හිතාගෙන සිට් එක අරගෙන සැපට යනවා. අපි බෑග් මලු එල්ලාගෙන පැය ගානක් හිටගෙන යනවා. (නි)

:       0       0

චාන්දනී Wednesday, 08 April 2015 02:58 AM

සමහරු ඔය වගේ දේවල් කරන නිසා තමයි මිනිස්සු බස් වල ආසන දෙන්නේ නැත්තේ. අඩුගානේ ලැබුන අසුනට ස්තුතියි කියන්න තරම් ආචාරශීලි කාන්තාවෝ ඉන්නවද අද කාලේ ? හරියට රජතුමා සිංහාසනේ වාඩිවෙනවා වගේ අසුන ලැබුන ගමන් ජබෝග් ගාලා වාඩිවෙනවා. අසුන දුන් කෙනාට මුහුණ බලලා ස්තුතියි තියා සිනාවකින්වත් සංග්‍රහ කරන්නේ නැහැ. සමහරවිට ඒ අසුන දුන්න කෙනා ගැබිණි නොවුණත් තමන්ටත් වැඩිය ශාරීරික අපහසුතාවකින් පෙළමින් ඒ අසුන දුන්නා වෙන්න පුළුවන්. ආසන දෙන්නේ නැහැ කියලා මිනිසුන්ට දොස් කිව්වාට අඩුගානේ මාතෘ සායන වලදීවත් ගැබිණි කතගේ ඇවතුම් පවතුම් සමාජ කටයුතු ගැන දැනුවත් කළයුතු වෙනවා. කුසේ ඉන්න දරුවා වුණත් ආචාරශීලි මවකගෙන් හුඟක් දේවල් මව්කුසේදි ඉගෙනගන්නවා. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 08 April 2015 02:56 AM

නීතියක් චාරයක් නැති සමහර ගැහැණු නිසා සමස්ත කාන්තාවොම බැණුම් අහනවා. (නි)

:       0       0

කෙවින් Wednesday, 08 April 2015 02:55 AM

ගැහුණු බව මාතෘත්වය ඉස්සරහට දාලා අනුකම්පාව ගත්තාට අද බොහෝ කාන්තාවන්ගෙ වැඩ මහා අශීලාචාරයි. තොත්ත බබෙක් නෙමෙයිනේ තමන්ට සීට් එක දුන්න මනුස්සයාට ඒක නැවත දෙන්න ඕනෑ කියන එක නොතේරෙන. අද උසාවියකට ගියත් කාන්තාව බලන්නෙ ගැහැණුකම ඉස්සරහට දාලා අනුකම්පාව ගන්න. සමහරවිට අපි බැන්නට ස්වාමි පුරුෂයා හරි. (නි)

:       0       0

එරික් Wednesday, 08 April 2015 02:44 AM

මට හිතාගන්න බැහැ මේ මිනිස්සු මෙච්චරටම කළගුණ සළකන්න දැනගත්තේ කොහොමද කියලා.අර ඉපදෙන්න ඉන්න දරුවා ගැනවත් හිතන්න ඕනෑ මේ මිනිස්සු.ඒ වගේම ඔය ස්වාමි පුරුෂයා වුණත් බබෙක් නෙමෙයිනේ (නි)

:       0       0

කොඩිකාර Wednesday, 08 April 2015 02:42 AM

සමහර කාන්තාවන් බැසයද්දී අසුන දුන් කෙනාට එය ලබාදෙන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා තමන්ට අසුන දුන් තැනැත්තාටම එම අසුන ලබාදෙන්නේ නම් ඉතා වටිනවා. (මට කිහිප වරක්ම මේ සිදුවීම වෙලා තියෙනවා) (නි)

:       0       0

විපුල Wednesday, 08 April 2015 02:42 AM

මටත් ඔය වැඩේම වුණා දුම්රියේදී. මම හික්කඩුවේ සිට කොටුවට එනතුරු හිටගෙන. මම මොකවත් කියන්න ගියේ නැහැ. මොකද ඔය මිනිසුන්ගේ ආකල්ප කොහොමත් ඔය වයසේදී හදන්න බැහැ. කරන්න තියෙන්නේ අපේ පොඩි පැටව් ටිකට හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදන එක. නැතුව මේ රට සංවර්ධනය කරන එක හීනයක් (නි)

:       0       0

කාන්තා විමුක්ති. Wednesday, 08 April 2015 05:58 AM

බැන බැනම ඇයි සීට් දෙන්නේ. නොදී ඉන්න එතකොට වත් හරි යයි. ගැබිණි මවක් උනාම ටිකක් කලින් ඇවිත් බස් පටන් ගන්න තැනට ගිහින් සිට් එකක් ගනී එතකොට. වැඩේ කියන්නේ සිට් නොදුන්නම බනින ඒකනේ. මම නම් සිට් නොදුන්න අයට බනින්නෙ නෑ. තමන් පෝලිම් වල ඉඳලා නගින්නේ ඉඳගෙන යන්න නේ. (ස)

:       0       0

චිත්‍රා Wednesday, 08 April 2015 09:03 AM

දන් දෙන එකයි බලෙන් ගන්න එකයි දෙකක් අරුණිකා. හීනෙන් බයවෙලා වගේ අදහස් දක්වන්නේ නැතුව සම්පූර්ණයෙන් කියවලා බලලා අදහස් දක්වන්නකෝ කරුණාකරලා. (ස)

:       0       0

අරුණිකා Wednesday, 08 April 2015 08:56 AM

යමක් දුන්නට පසු ආයෙත් ඒ ගැන විමසන්න හොඳ නෑ. එය නියම දානයක්, කැපකිරීමක් වෙන්නේ එතකොට. (නදී)

:       0       0

මහේෂ් Wednesday, 08 April 2015 08:32 AM

මම දවසක් ගැබිනි වගේ පෙනෙන කාන්තාවකට මගේ අසුන දුන්නා. ඇය බසයේ සිටි සියළුම දෙනාට ඇසෙන සේ මට බැනගෙන බැනගෙන ගියා. තියෙන වනචර කමට අසුන දෙනවා කාන්තාවක් දැක්කම කියලා. එදා පටන් අද වෙනකම් මම කවදාවත් කාන්තාවන්ට සිට් දෙන්නේ නැහැ. සමහර කාන්තාවෝ හිතන්නේ හැම පිරිමියම තමන්ගේ පස්සේ එනවා කියලයි.(නදී)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 08:02 AM

මාතෘත්වයට මෙන්ම පීතෘත්වයටත් සමතැන (ම)

:       0       0

පාර්වතී Wednesday, 08 April 2015 07:39 AM

ගැබිණි මව්වරුන්ට ආසනයක් වෙන් කරලා තියෙන නිසා ඒ අසුන එයාගේ අයිතිවාසිකමකුත් වෙනවා නේද ? (නදී)

:       0       0

මැගී Wednesday, 08 April 2015 07:36 AM

දැන් කාලේ කාටවත් උදව් කරන්න බැහැ.කන්න දීපු අත හපාකන එක පුරුද්දට ගිහිල්ලා .(ම)

:       0       0

පහන් Wednesday, 08 April 2015 07:33 AM

දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වදිනවා ...හදේ නැති භක්තියක් හිතපුරා පුරවාගෙන අඩවන්ව නෙත් බරව බලනවා .. ගැබිණි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලක කවුළුවෙන් අනන්තය සොයනවා ...හිතේ නැති ප්‍රශ්නයක් හදපුර පුරවාගෙන අහස බිම ගැටලන්න හදනවා ....(ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 08 April 2015 07:14 AM

64 මායමෙන් එකක් දාලද මේ බවලතා මේ වැඩේ කරේ? (නදී)

:       0       0

සොපී Wednesday, 08 April 2015 07:00 AM

ලොකු දුව ලැබෙන්න ඉන්නකොට බස් එකකදී එක් කඩවසම් තරුණයෙක් මට අසුන දුන්නා. එයාට කකුලක අබාධයක් ඇති බව මාත් දැක්කේ එයා බස් එකෙන් බැහැල යන විටයි. (ස)

:       0       0

වනිතා බෝගලකොටුව Wednesday, 08 April 2015 06:04 AM

ඔන්න ඕක තමයි අසුනක් නොදෙන්නේ (නදී)

:       0       0

පිටිගල Wednesday, 08 April 2015 01:45 AM

ඒක නිසා වෙන්න ඇති මෙවැනි අයට කවුරුවත් අසුන පරිත්‍යාග නොකර අහක බලාගන්නේ. (නි)

:       0       0

ඡායා Wednesday, 08 April 2015 05:49 AM

අපි කතා කරන සදාචාරය එලියට පැනපු තව තැනක්. ලංකාවේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. (නදී)

:       0       0

සේපාලිකා Wednesday, 08 April 2015 05:40 AM

ගැබිනි අය තමා ගැන විතරක් හිතන්නේ නැතිව අනික් මගීන් ගැනත් හිතලා, හැකි සෑම විටම බසයක් පටන් ගන්නා තැනකට ගොස් අසුනක් ලබාගෙන ගමන් කරනවා නම් එය කාට කාටත් හොඳයි. එක්තරා ගැබිනි කාන්තාවක් බසය පටන් ගන්නා තැනට ඇවිත් පෝලිමේ හිටියා. එයා නගින්න කලින් බසය මගීන්ගෙන් පිරුනා. මෙයා කලේ නැග්ගා බස් එකට. අනේ අර ඉඳගෙන යන්න හිතාගෙන සිට් අල්ලා ගත්තු එක් මගියෙකුට දෙන්න වුනා එතැනදිම. ඔහු ඉතාම අප්‍රසාදයෙන් බසයෙන් බැහැලා නැවත පෝලිමට එකතු වුනා. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 08 April 2015 05:16 AM

ඒක නිසා වෙන්න ඇති මෙවැනි අයට කවුරුවත් අසුන පරිත්‍යාග නොකර අහක බලාගන්නේ. ජනතාව මෙලෙස කිරීමේ කිසිම වරදක් නැත. අද ගොඩක් දෙනා එන්නේ වැඩ කරන්නේ තමන්ගේ වාසියට. එ්ක නිසා අනාගතයේ අසාද්‍ය රෝගියෙකුටවත් ආසනයක් පිරි නොනමන තැනට ජනතාව පත්වනු නොඅනුමානය. (ස)

:       0       0

ජයනි Wednesday, 08 April 2015 05:00 AM

අපේ යෙහෙලියක් දුව පන්ති එක්ක ගිහින් ගිහින් එනකොට එක ගැබිනියක් බස් එකේ අසුන දුන්නම බැන්නලු. උදේ ඉඳල වැඩට ගිහින් එතන මහන්සි වෙලා හවස ලමයවත් ඇදගෙන එළවලු මල්ලකුත් එල්ලාගෙන ආපු මේ කාන්තාව ටිකක් ඉතින් මුණේ නොසතුටු ගතියකින් තමයි අසුන දීල තියෙන්නේ. මෙන්න අර කාන්තාව කිව්වලු ඔයත් මේ ළමය හම්බු වෙන්න මෙහෙම බස් එකේ යන්න ඇතිනේ කියලා. අපේ යෙහෙළිය කියල, "ගියා තමයි එත් සිට් එක්ක දුන්න කෙනාට බැනලා ඒකේ වාඩි වුනේ නම් නැහැ" කියලා.(නදී)

:       0       0

සමන්ති Wednesday, 08 April 2015 04:47 AM

අපේ ගමේ එක ළඟ මොන්ටිසෝරි දෙකක් තියෙනවා. ඒකේ ටිචර්ලා දෙන්නා රන්ඩු කරගන්න නිසා හැමදාම වගේ ඉන්නෙ පොලිසියේ. අපි දරුවො ගන්න ගියාම කතා කරන්නේ අනිත් ටීචරගෙ වැරදි. මම කළේ ඈත තියෙන මොන්ටිසෝරියට මගේ දරුවා දාපු එකයි. මට අපහසු වුනත් දරුවා පොඩි ක‍ාලේ ඉඳන්ම හැදෙන්න ඕනෙ හොඳ තැනක කියලයි මම හිතුවේ. (බ)

:       0       0

දුලාරි ලන්ඩන් Wednesday, 08 April 2015 04:31 AM

දුප්පත් මිනිස්සු අහිංසකයි කියලා අපි හිතුවට ඒ අය දුප්පත් වෙලා උපදින්නත් හේතුව මේ වගේ කුඩුකේඩු ගතිගුණ නිසා බවයි මට නම් හිතෙන්නේ. (නදී)

:       0       0

කෙවින් Wednesday, 08 April 2015 04:28 AM

සමහර ගැහැණු අය වඩාගන්න බැරි තරම් ලොකු ළමවයින්ව වඩාගන්නවා බස් එක ඈත එනවා පේනකොට. ළමයටත් පොඩිකාලේ ඉඳලම ක්‍රියාවෙන්ම පෙන්වනවා වංචා කරලා රවට්ටලා තමන්ගේ පහසුව සළසා ගන්නා හැටි. ඒවා අත්දැකලා ලොකු වෙන ළමයිනුත් කරන්නේ ඒකම තමයි. (නි)

:       0       0

දේවිකා Wednesday, 08 April 2015 04:22 AM

ගුණමකු ගැහැණියෙක් හා ඊටම ගැළපෙන සැමියෙක් නිසා මේ දෙන්නගේ පවුල් ප්‍රශ්න නම් ඇතිවෙන එකක් නැහැ. හොඳට කැපෙන ජෝඩුවක් වගෙයි. ඇයි දෙයියනේ සැමියට තිබුනනෙ ඒ ආසනය අර මඟියටම දෙන්න. (නි)

:       0       0

මංජුල Wednesday, 08 April 2015 04:04 AM

අපේ අම්මාත් බෙහෙත් ගන්න යන්නේ බස් එකේ. උදේ පාන්දර රෝහලට ගිහින් කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු බෙහෙත් පෝළිමේ ඉඳලා අරගෙන බස් එකට නැඟලා සිට් එකක් ලැබුනම ඒක ගැබිනි කෙනෙකුට දෙන්න කිව්වලු කොන්දොස්තර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site