බස්නාහිර පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක් කරා දෛනිකව ගමන් ගන්නා බසයකි.
බසය නගරයේ සිට කිලෝමීටර් හතරක තරම් දුරක් ධාවනය වූ පසු අලූතෙන් බසයට නැගගත් මගියකු ටිකට්පත ගැනීමට කොන්දොස්තර සෙවුවත් ඔහු බසයේ නොවීය.
මගීන්ගේ කසුකුසුව අතරේ මේ ආරංචිය රියැදුරුගේ කනට ද ගියේය.
ඔහු බසය පසෙකට ගෙන වහා නැවැත්වීය. මොහොතකට පසු බසය පසුපස වේගයෙන් ආ ත්‍රිරෝද රථයක් නැවතිණ.
ඒ තුළ ආ කොන්දොස්තර ” මම හන්දියේදි පස්සෙන් බැහැල ඉස්සරහට දොරට එන්න හදද්දි බස් එක ඇද්දුවා” කීවේ හතිලමිනි.
”එතකොට කවුද රයිට් කියල බෙල් එක ගැහුවේ” කී රියැදුරු වේගයෙන් බසය ඇද්දුවේ ඉදිරිපස කණ්ණාඩියෙන් මගීන් දෙස කෝපයෙන් බලමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බසයේ පිටුපසින් බැහැලා ඉස්සරහා දොරෙන් එන්න හදලා
රෝයි Thursday, 29 May 2014 01:51 PM
නියම වැඩේ හා...හා... (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 02 June 2014 08:00 PM
නුවන් බස් එකේ ගිහින් නැතුව වගේ.නගින්නකො වෙලාවක බස් එකකට තිත්ත ඇත්ත බලන්න. වයසක අය,ගැබිණි මව්වරු, ආබාධිතයින් නොදැක්ක වගේ තරුණ ජෝඩු හුරතල් වෙන හැටි බලන්න. කොන්දාස්තර හෝ රියදුරු කියනකම් ආසනයක් දෙන්නේ නැහැ. නොදැක්ක වගේ ඉන්න ලස්සන බලන්න.පිරිහිලාද,නැද්ද කියා ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් ඔබට.(නදී)
විහඟ Monday, 02 June 2014 07:15 PM
සමන්තිත් මාර වැඩ තම කරන්නේ. සමන්ති කියපු විදියට බස් එකේ ඉස්සරහටයි පස්සටයි යන්න ගිහින් අන්න 'අචිර' ඉස්පිරිතාලේ ලු...(නදී)
නුවන් Monday, 02 June 2014 05:56 PM
එතකොට සමන්ති කියන්නේ තමිල්නාඩුවේ ඉන්න කල්ලතෝනියන්ට වඩා අපේ විනය පිරිහිලා කියලද? (නදී)
ලලිත් -එස්.එල් Monday, 02 June 2014 02:19 PM
චි කැතයි හොදේ. (නදී)
අශෝක Sunday, 01 June 2014 03:36 PM
සමන්ති කියන දේ හරි (නි)
ගුණපාල Friday, 30 May 2014 11:39 PM
අනේ සමන්ති ළමයෝ මොනවද මේ කියන්නේ? (ස)
සමන්ති Friday, 30 May 2014 06:36 AM
අචිර, පළමුව බස්රථයක ගොස් බලන්න. (නි)
අචිර Thursday, 29 May 2014 09:42 PM
සමන්ති, බොරු කියන්න එපා (නි)
සමන්ති Thursday, 29 May 2014 07:27 PM
තමිල්නාඩු වල බස්වල කාන්තාවන්ට සීට් වෙන්කර ඇති අතර ඒවා හිස්ව තිබුණත් පිරිමින්ට ඉඳගනීම තහනම්ය . එම සීට් අසල සිටගෙන සිටීමත් තහනම්ය .එසේ තහනම් බවට දැන්වීම් අලවා නැත .නමුත් නීතිය කඩන්නේ නැත (අ).
ස. බණ්ඩාර Thursday, 29 May 2014 04:08 PM
ගන්නට මුදල් යන බසයෙහි හැටට හැටේ. ගැරහුම් මැදින් ගැවසෙන්නෙමි හතර වටේ. අතැගිලි ලිහුණු දා පා පුවරුවෙන් වැටේ. රැකියාවක්ය 'කොන්දොස්තර' මකර කටේ.(දිල්)
ශාන්ති Thursday, 29 May 2014 01:38 AM
කව්රු හරි කරල තියෙන්නෙ කැත වැඩක් නේද ?කොන්දොස්තර මහත්තයා (අ)
රුවන් Thursday, 29 May 2014 12:33 PM
අදනම් ටිකක් හිනා ගියා.(දිල්)
කාන්ති Thursday, 29 May 2014 12:18 PM
කොන්දොස්තරල හරිම කැමතියි බවලත් මගින් අතරින් ඇඟේ හැප්පෙමින් බස් රථයේ එහා මෙහා යන්න. අපරාදේ ගමනාන්තය දක්වාම හැටට හැටේ ගියා නම් හොඳයි. (ස)
කුමාරි Thursday, 29 May 2014 10:46 AM
සාමාන්‍යයෙන් ග්‍රාමිය ප්‍රදේශ වල ඒ පාරේ දුවන්නේ එක බස් එකයි. ඒ වෙලාවට පාරේ ඉන්න සෙනඟ ගත්තේ නැතිනම් ඒ බැනුනුත් ඔය මහත්තයටම තමයි.නිකන් හරි ඒ මහත්තයා ඒ වෙලාවේ බස් එකට ගොඩවෙද්දීම අැද්දුව නම් එයාගේ ජිවිතේ ගැන මොකද වෙන්නේ?හැම කෙනෙක්ම තමන් කරන දේ ගැන දෙසැරයක් නැවතිල්ලේ සිතිය යුතුයි. (ස)
පද්මේන් Thursday, 29 May 2014 09:58 AM
කොන්දොස්තරගේ රැකියාව හරිම අමිහිරියි.එක තැන ඉන්න බැහැ.කෑගහන්න ඕන.අපේ මගීනුත් කොන්දොස්තර හොයන් ගිහිල්ලා ටිකට් ගන්න අය නෙවෙයි.දෙගොල්ලන්ගේම විනය හැදෙන කන් මේක මෙහෙම්මම තමයි. (දිල්)
අසාදි Thursday, 29 May 2014 08:56 AM
හොඳ වැඩේ ඕනවට වැඩිය පටවනවට. (ස)
අසංක Thursday, 29 May 2014 08:48 AM
අපි ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා ! දවසක් අපි රියදුරු මහත්තයත් එක්ක කතා කරලම ඔය දෙය කොන්දොස්තරට කලා. අපේ ඉස්කෝලේ ගාව ස්කුල් බස් එක නතර කලාට පස්සේ වෙන බස් එකකින් කොන්දොස්තර ඇවිත් ඔක්කොමටම බැන බැන බැස්ස ! (ස)
කෝකිලා Thursday, 29 May 2014 04:18 AM
දැන් රයිට් කියාලා බෙල් ගහන දෙකම කරන්නේ නැහැ. "හරි යං" කියනවා විතරයි. මේ කතාව තව හොයලා බලන්න ඕනේ (අ)
සමන්ති Thursday, 29 May 2014 04:05 AM
පුද්ගලික බස් රථවල බොහෝවිට බස්රථයේ කොන්දොස්තර සෙනඟ තදකරමින් ඉස්සරහට ගොස් බසයෙන් බැස නැවතත් පසුපසින් ගොඩවී බසයේ සෙනඟ අතරින් තදවී ඉස්සරහට යනවා (නි)
රූපවතී Thursday, 29 May 2014 01:49 AM
ඒ මඟියා පරණ තරහක් පිරිමහගන්න කරපු වැඩක්ද කොහෙද? (නි)