X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


බසයේ සීනුව වැඩ නොකළැයි කොන්දොස්තරගේ කනට ගහලා

(වියලූව වාර්තාකරු)
තමා ගමන් ගත් බසයේ සීනුව නාද නොවුනේ යැයි උරණ වූ තරුණයකු බස් කොන්දොස්තරගේ කනට ගැසූ බව කියැවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ ප‍්‍රධාන මාර්ගයක ගමන් ගත් බසයකි. බස් රථය මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. බසයේ සිටි තරුණයකු තම බසින ස්ථානය ළඟා වීමත් සමගම එහි සීනුව නාද කරන්නට වූයේ බසයෙන් ඉක්මනින් බැස ගන්නටය. සීනුවට සම්බන්ධ ලණුව කීප විටක් ඇද්දද බසයේ සීනුව නාද නොවූ අතර බසයද වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.


තමා බසින ස්ථානය පසුවූ තරුණයාගේද ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු ඉදිරියට පැමිණ කොන්දොස්තර සමග කතාවකට පැටලූණේ ඔහුට තම අයිතිවාසිකම් ගැනද කියා දෙමිනි. වචන දෙක තුන මාරුවෙද්දී තරුණයාගේ අත කොන්දොස්තරගේ කන හරහාද එහා මෙහා ගියේ තරුණයාගේ ඉවසීමේ සීමාව ඉක්මවූ නිසාය.


පරදීමෙන් පසු ඉබේම නතරවූ බසයෙන් තරුණයා බැස ගියේ හිතේ කේන්තියෙන් පුපුරා යමිනි. තමාට පහරදුන් තරුණයාට පාඩමක් ඉගැන්වීමට සිතූ කොන්දොස්තරවරයාද බසයෙන් බැසගොස් රෝහල් ගතවූයේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇති බව එහි සිටි අයට පවසමිනි.



අදහස් (0)

බසයේ සීනුව වැඩ නොකළැයි කොන්දොස්තරගේ කනට ගහලා

ධනුක Tuesday, 04 November 2014 04:16 AM

වැඩේ තියෙන්නේ සමහර බස් වල සෙනග හිර වුනාම ලණුව ඇදගන්නවත් විදියක් නැහැ. (හේ)

:       0       0

සිරිසේන Thursday, 06 November 2014 05:28 PM

සියලුම බස් කොන්දොස්තර මහත්වරු "සීනුව මගේ කන නොවේ" කියා දැන්වීම් පුවරුවක් නිල ඇඳුමේ පැළඳගත යුතු බව කියමි. (නි)

:       0       0

කලීල් Thursday, 06 November 2014 05:25 AM

මට මේ කතා අහලා පිස්සු වගෙයි (නි)

:       0       0

වසන්ත Wednesday, 05 November 2014 08:14 PM

බොහෝ දෙනා අදහස් දක්වන්නේ මාතෘකාවට පටහැනිවයි (නි)

:       0       0

අජිත් Wednesday, 05 November 2014 02:57 PM

කොන්දලාට ගහලා මදි.(හේ)

:       0       0

චමිලා Wednesday, 05 November 2014 01:25 PM

සමහර රියදුරෝ සීනුව ඇහුනත් නවත්වන්නේ නැහැ, පිටුපසින් තව බස් එකක් එනවා නම්. මට ඕක වෙලා තිබෙනවා. (නි)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 05 November 2014 10:57 AM

ජෙහාන් ඔබ දුන් තොරතුරට ස්තුතියි. මම ආසයි සෙනග පිරුනු බස්වල යන්න(අ)

:       0       0

ජෙහාන් Wednesday, 05 November 2014 06:02 AM

මෙතන බොරැල්ල තලවතුගොඩ බස් මාර්ගයේ යන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් කරුණාකර බස් එකට නැග්ග ගමන් අත් ඔසවා ගන්න. අත් දෙක පහල දැම්මොත් සෙනග පැටෙව්වාට පසුව ලනුව අදින්න අත් උස්සනවා බොරු. (බ)

:       0       0

දිලාන් Wednesday, 05 November 2014 05:23 AM

හොඳ වැඩේ කොන්දොස්තරට (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 November 2014 06:26 PM

අපේ කාලයේ වීරයෙක් (නි)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 04:02 PM

අපි ඉස්සර ගමන් ගියේ ටැක්සි කාර්වල. දැන් යන්නේ තෙමි නොතෙමි ත්‍රිවීල්වල. අපි යන්නේ පස්සටද ? (ර)

:       0       0

කටුගස්තොට අග්ගදස්සී හිමි Tuesday, 04 November 2014 01:24 PM

පුද්ගලික බස්වල සමහර කොන්දොස්තරවරු කියන වචන අපිට ඇහිලා තියනවා. එම තරුණයාගේ ඉවසීමේ සීමාව පැන්නද දන්නැ. හැම දේටම වාද විවාද වලට යාමෙන් තමයි මේවැනි දේ සිදුවන්නේ. කාත් කව්රුත් ඉවසීම පුරුදු කරගන්නවානම් මේවැනි දේ සිදුවන්නේ නැහැ. (ර)

:       0       0

විරාජ් Tuesday, 04 November 2014 08:27 AM

ගුටි කලා බේරුණ එක හොදයි.(හේ)

:       0       0

සමාධි Tuesday, 04 November 2014 08:03 AM

ලණුව තව හොඳයි. ඕක වෙනුවට බොත්තම් ඔබන්න තිබුණනම් අපේ අයියලා තියන බාලම වර්ගයේ බොත්තමක් අරන් හයි කරයි. (හේ)

:       0       0

ප්‍රනීත් Monday, 03 November 2014 07:54 PM

මම නම් මඟියා කළ වැඩේ අනුමත කරනවා. මොකද කොන්දොස්තරලා හැමෝම ඔහොමයි. සමහර බස්, මඟියෙක් බාගෙට බහිනකොට බස් එක අද්දනවා. (නි)

:       0       0

සමන්ත Tuesday, 04 November 2014 04:04 AM

පවු අහිංසක කොන්දොස්තර.(හේ)

:       0       0

චින්තක Tuesday, 04 November 2014 03:51 AM

එම ක්‍රියාව අනුමත කිරීමට බැහැ.බෙල් එක වැඩ කරේ නෑ කියලා කොන්දොස්තර මහත්තයා පලිද?(හේ)

:       0       0

ගයන් Tuesday, 04 November 2014 03:44 AM

ඇත්තටම ලංගමයෙන් හොඳ සේවාවක් සිදුවෙනවා. පෞද්ගලික අංශයට හොද තරගයක් දෙන්න පුළුවන් තත්වයේ. මමත් උදේට කාර්යාලයට e එන්නේ ලංගම බුස් එකක. තරුණ වයසට ටිකක් තරහ යනවා තමයි. එ්ක වැඩිහිටියෝ තේරුම් ගත යුතුයි. එ්ත් පහර දීම අනුමත කල නොහැක. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 04 November 2014 03:25 AM

සීනුව නාද උනේ නැත්නම් ඒ තරුණයාට තිබුනේ "බහිනවා" කියල හයියෙන් කෑගහල කියන්න. පව් අහිංසක කොන්දොස්තර. (නදී)

:       0       0

බිහල් Tuesday, 04 November 2014 03:03 AM

මම ඉපදුනේ 60 දශකයේ අග භාගයේ. මතක තිබෙන්නේ අර ඩබල් ඩෙකර් බස් විතරයි. ගාල්ලේ ආච්චි අම්මලාගේ ගෙදර ගියෙත් පැද්දී පැද්දී යන ලංගම බස් වල. හැමදාම මම බස් එකේ වමනේ දානවාලු. (නදී)

:       0       0

ජිලෝ Tuesday, 04 November 2014 02:52 AM

චන්ද්‍රා කියපු කතාව ඔන්න බන්දුල පෙරේරාවත් කිව්වා නම් අපිට විස්වාශ කරන්න තිබුනා. එතුමාගේ වයසේ සහ අදහස් වල හැටියට 60 දශකයේදී වායු සමනය කල බස් වල ගිහින් මොලය අක්‍රිය වෙලා කියල වත් හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

නාලා Tuesday, 04 November 2014 02:33 AM

මේක සියලුම බස්රථ සේවාවටම ගහපු කනේ පාරක්. මේ වගේ අඩුපාඩු තියෙන ලංගම බස් පමණක් නොවෙයි අර්ධ සුඛෝපභෝගී කියාගන්නා පුද්ගලික බස්රථ හැමතැනම දුවනවා. අපි වගේ මහජනයා යන්නේ ඉතින් බස්වලනේ. ඒවා දන්නේ අපිම තමයි. කතා කරන්න බැහැ. ජීවිත අනතුරේ. වායුසමීකරණ බස්වල ගිය අය කොයි ලෝකේ ඉඳන් කතා කරනවද අපි දන්නේ නැහැ. අපි ඉන්නේ මේ දුපතේ පොලවේ අඩිය තියල. මේ ලංකාදීප සංවාද මණ්ඩපය ඉතා වටිනා තැනක්. ආවාට ගියාට හිතුන හිතුන දේ ලියන්නේ ඇයි ? ඉඳ හිට පුංචි විහිළුවක් කලාට කමක් නැහැ කාන්සියට. සංගදාස සොහොයුරත් , සමන්ති සොහොයුරියත් නිවැරිදියි මගේ පියා අවුරුදු තිස් ගණනක් රැකියාව කලේ ලංගමයේ. මම තාමත් ගමන් යන්ට කැමති බස් රියේ. මේ සිදුවීම ඉතා හොඳ පාඩමක් වගේම තවත් මේ වගේ තරුණයින්ට පුර්වාදර්ශයක්. ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව සියයට අසූවකට වඩා තාමත් ගමන්යන්නේ බස්වල. සුෆෝපඛභෝගී , අර්ධසුඛෝපභෝගී සාමාන්‍ය ගාස්තු , ලංගම බස් , ආදී වශයෙන් පෝලිම් කීපයක් මම ඇහින් දැක්කා . සති අන්තය ගතකොට නැවත රස්සාවලට යන්න ඉන්න අයගෙන් සාමාන්‍ය ගාස්තු පෝලිමේ දිග දැක්කහම , වරු ගණන් තෙරපෙන අසරණයන් දැක්කම අපේ ඇස්වලට කඳුළු එනවා. මේ අසරණ නිර්ධනයන්ට වෙන අසාධාරණකම් එමටයි. අපි ඒවාට පිළිතුරු සොයමු. " සිහින ලොවින් ඔබ බිමට බසිනු මැන. නැඹුරුව මේ මවු බිම සිප ගනු මැන " (නදී)

:       0       0

නාලි Tuesday, 04 November 2014 01:52 AM

සංගදාස මහත්තයෝ, හැටේ දශකයේ වායු සමීකරණය කරපු ලංගම බස් වල ඉස්කෝලේ ගිය අය දැන් නාන්නේ උණුවතුර. ගනන් ගන්න එපා. (නදී)

:       0       0

පිටිගල Tuesday, 04 November 2014 01:25 AM

ලංගමේ කිව්වම මට මතක් උනේ 1983 ජුලි 23 දා රත්මලාන අපේ කර්මාන්ත ශාලාව ගිනි තියන්න අාවේ ලංගමේ වෘර්තීය සමිතියක චන්ඩි ටිකක්. ආරක්ෂක කාර්යාලයේ හිටිය වයසක මනුස්සයාගේ අත් දෙක කැඩෙන්න යකඩ පොල්ලකින් ගහලා ඇතුලට ආව කට්ටිය ඉස්සෙල්ලම වටිනා කියන දේ අරන් ගිනිතියන්න එපා කියල පින්සෙන්ඩු වෙන සේවිකාවන් එලෙවලා දමලා ගිනි තිබුවා. අපි 1100 කට රස්සා නැති උනා. මගේ මෝටර් සයිකලයත් අරන් ගියා. පැමිණිලිත් කළා ගල්කිස්ස පොලිසියට. ඒ ගැන තාම විමර්ශනය කරනවා. ලංගමයට සම්බන්ද ඒ වෘතීය සමිතියේ හිටිය චන්ඩි එදා ලංගම බස් වලින් ඇවිත් මුළු රත්මලානම භීතියෙන් අඳුරු කළා. ඒ උනාට ගිනි තිබ්බේ මොකක්ද දේශපාලන පක්ෂයක කට්ටිය කියලා ඒ පක්ෂයත් තහනම් කළා. හපොයි එහෙම කාලයක් ආයෙත් ඒවිද? (නදී)

:       0       0

සමන්ති Tuesday, 04 November 2014 12:58 AM

ලංගම අැති උනේ 1958 ජනවාරි. 60 දශකයේ ජර්මනියෙන් ගෙන්වූ "මර්සිධීස් බෙන්ස් " බස්රථවල දොර ස්වයක්‍රියව වැසෙන නමුත් වායුසමීකරණ යන්ත්‍ර නොතිබුණි. මෙම බස්රථ වල ආසන තිබුනේ තුනී ලෑලි වර්ගයකින්. එයට පෙර තිබු සමහර බස්වල පිටුපසින් දොරටුව තිබුනේ. (නදී)

:       0       0

සංගදාස Monday, 03 November 2014 11:50 PM

60 දශකයේ ලංගමයේ බස් වල වායුසමීකරණ යන්ත්‍ර තිබුනද? මම 60 දශකයේ උපන් කෙනෙක්.ලංගමයේත් අවුරුදු 15 ක් වැඩ කළා.මට මේ ගැන ඇහුවම නිකන් කරකවලා අතහැරියා වගේ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 03 November 2014 09:21 PM

අයියෝ! ලංකාවේ බස් වල දැන් සීනු ගසන්නේ ලණුවෙන් ඇදලද? දැනට අවුරුදු 50 කට පෙර නම් බොත්තම ඔබන සීනු තිබුනේ. ශ්‍රී ලංකාව ආශ්චර්යය කරා ශීඝ්‍රයෙන් ගමන් ගනී.කොළඹ නුවර පාරේ අපි 60 දශකයේ ලංගම වායු සමනය කළ බස් වල පාසල් ගියා. (නි)

:       0       0

සෑම් Monday, 03 November 2014 08:41 PM

ඇහෙන්නේ නැත්තේ මොන කනද කියලා අහලා, අනිත් කනටත් ඒ වගේ පාරක් ගැහුවා නම් ඇසීම යථා තත්වයට පත්කරගන්න තිබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site