බසයකදී තමා ළඟ අසුන් ගෙන සිටි පාසල් සිසුවියක සමඟ ජංගම දුරකතනයකින් සෙල්ෆි ගැසූ තරුණයකුට තවත් සිසුවියන් පිරිසකගෙන් දෝස්මුරයක් එල්ල වීමෙන් තරුණයාට තම ගමන පසෙකලා අතර මගින් බසයෙන් බැසීමට සිදුවීමේ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.
පාසල නිම වී බසයෙන් ගමන් කරමින් සිටි සිසුවිය ළඟින්ම වාඩි වී සිටි තරුණයා වරින් වර සිසුවියගේ සිරුරට ගෑවෙමින් ඇය දෙස හොරෙන් බලමින් සිටියේය.
සිසුවිය නිදි මතෙන් සිටි නිසා ඒ ගැන ඇයට එතරම් දැනීමක් නොවීය. ඒ අසල ආසන අල්ලාගෙන සිටගෙන සිටි තවත් සිසුවියෝ කීප දෙනෙක් ද මෙය දැක අවධානයෙන් සිටියහ. තරුණයා තමන් අත තිබූ ජංගම දුරකතනය ඉදිරියට අල්ලා හෙමින් සීරුවේ එය ක්‍රියාත්මක කර තමන්ගේ හා සිසුවියගේ මුහුණ වදින සේ සේයා රූ ගත්තේය.
එය දුටු ඒ අසල සිටි අනෙකුත් පාසල් සිසුවියන් කිහිප දෙනා වහාම ඉදිරිපත් වී චිකේ ලැජ්ජා නැද්ද අයියේ, කැතයි අයියේ, යනාදී වශයෙන් පවසන්නට වූහ. නිදිමතේ සිටි සිසුවිය ද අන්ද මන්ද වී බලන විට අනෙක් සිසුවියෝ ඇයට සිද්ධිය පැවසූහ. බසයේ සිටි තවත් අය ද සිසුවියන්ට සහයෝගයට ඉදිරිපත් වූහ.
එන පොට හොඳ නැති බව දැනගත් තරුණයා වහාම අසුනින් නැගිට බසයෙන් බැසයාමට තැත් කළත් සිසුවියෝ ඔහුට බාධා කරමින් ගන්නා ලද සෙල්ෆි මකන ලෙස ඔහුට බල කළහ. අසල සිටි තරුණයෙක් ද සේයා රූ ගත් තරුණයාට පහරක් ද එල්ල කර සිසුවියන් කී දේ කරන ලෙස තරුණයාට පැවසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බසයේදී සිසුවියට හොරෙන් සෙල්ෆි ගැසු තරුණයාට ගුටි
කෝකිලා රණසිංහ Friday, 25 September 2015 09:13 AM
වනචර වානර යුගයේ උන් සේ හැසිරෙන්නේ , තමන්ට ගැහැනු සහෝදරයින් සිටිනවා කියාවත් සිතන්නේ නැහැ , රටකට ගිය කලක් (අ)
සහන් Friday, 25 September 2015 09:55 AM
අභීත දියණියන්ට උපහාර (ම)
චන්දි Friday, 25 September 2015 11:02 AM
ඇත්තට පුදුමාකාර සමාජ රටාවක් නේ ලංකාවේ තියෙන්නේ.., බසයේ සිටි අනෙක් සිසුවියන් හා සියලු දෙනා නිසා අර පාසල් යුවතියට වෙන්න ගිය කරදරයකින් බේරුනා. නැත්නම් ඔය පොටෝ එක පෙන්න පෙන්න මොන කරදරයක් කරන්න පුළුවන් වෙයිද. (ම)
හිමාල් Friday, 25 September 2015 12:51 PM
ගන්න කලින් ඒ ගෑනු ළමයට ඇහැරෙව්වා නම් ඕක වෙන්නේ නෑනේ. ඕක මැකුවට ආයි ගන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. (අ)
දුලිමි Friday, 25 September 2015 01:06 PM
අද කාලයේ ලංකාවේ වෙන දේවල්වල හැටියට තරුණියන් ගමන් බිමන් යද්දී නිදා වැටිලා හරි යනවද? උස්සගෙන කොහෙට හරිඅරන් ගියා නම් ඊළඟට මුළු බස් එකේම පිරිමි උදවියව කුදලාගෙන යාවි ඩී එන් ඒ පරීක්ෂණයකට. (අ)
බහනු Friday, 25 September 2015 02:49 PM
මේ ගැහැණු ළමයාට මීට වැඩිය සිහි කල්පනාවෙන් ඉන්න ඕන කාලයක් බව දන්නේ නැද්ද ? මිට වැඩිය දෙයක් ඔය බස් එකේ මර නින්ද අතරේ වුණත් ඔච්චර තමයි. අන්තිමට බස් එකේ ගිය පිරිමි ටික විතරක් නෙවෙයි අහලින් පහලින් පාරේ ගිය පිරිමි ටිකත් ජාන පරික්ෂාවට එක්ක ගෙන යාවී. (අ)
පිටබැද්දර ජයා Friday, 25 September 2015 10:37 PM
වෙන මොකුත් නෙමෙයි, තරුණ අසහනය! (නි)
මනෝරි Sunday, 27 September 2015 07:11 AM
බලනකොට ගෑනු ළමයෙකුට බස් එකේ නිදා ගන්න එකත් හරිම ප්‍රශ්නයක්නේ. අපේ කාලෙනම් අපි ඉස්කෝලේ ඇරිලා නිදාගෙන තමයි ගියේ. කවුරුත් අපේ පොටෝ ගත්තෙත් නෑ. කරදර කලෙත් නෑ.(හේ)
ජෙහාන් Sunday, 27 September 2015 12:46 PM
මනෝරි,පාසල් ගිය කාලයේ ඔහොම කරදර මොනවත් සිදුවුණේ නැත්නම් දැන් ඔබතුමිය අඩුගානේ අවුරුදු 70 වකවත් ලලනාවක් වෙන්න ඕනෑ. (නි)
සිසිර Sunday, 27 September 2015 10:19 PM
ගැහැණු ළමයි මීටවැඩිය සිහිකල්පනාවෙන් ඉන්න ඕනෑ
ජෙහාන් Sunday, 27 September 2015 11:58 PM
මනෝරි කිසිම කරදරයක් නැතුව සැපට බස් එකේ නිදාගත්තා නම් ඔබතුමිය අනිවාර්යෙන්ම දැනට වයස 70 විතර බවලතියක් වෙන්න ඕනෑ. අපේ අම්මලා පාසල් ගිය කාලේ තමයි අපි අහලා තිබෙන විදියට ලංකාවේ දැරිවියකට යහතින් මඟතොට යන්න පුළුවන්වුණ අන්තිම කාල වකවානුව. (නි)
නෙළුම් Monday, 28 September 2015 12:38 AM
මේක අපි පාසල් ගිය කාලය වගේ ආරක්ෂාකාරී කාලයක් නෙමෙයි. දැන් ඉතින් බස් එකේ නිදාගන්න ආච්චි කෙනෙකුටවත් ආරක්ෂාවක් නැති කාලයක්. (නි)
චාන්දනී Monday, 28 September 2015 01:05 AM
ගැහැණු දරුවන් ගෙවල් වල ඉන්න සමහර බවලතුන්ට රෑට ගෙදර දොරවල් ජනෙල් වහන්න මතක් වෙන්නේත් නැහැ. ඉතින් කොහෙද ? (නි)
රුවනි Monday, 28 September 2015 01:12 AM
සමහර තරුණියන් බස්එකේ ඔහොම නිදි කිර කිර ඇවිල්ලා ඊළඟට ළඟින් ඉන්න අහිංසක තරුණයෙකුගේ ඇඟට නිදිමතේම බෙල්ල මුලින් කඩාගෙන වැටෙනවා. ඊළඟට ඒ තරුණයා තමන්ගේ ඇඟට හේත්තු වුණා කියලා මුළු බස් එකේම මිනිස්සු ලවා සංග්‍රහ කරවනවා. (නි)
සම්පත් Monday, 15 February 2016 03:46 PM
ඕක ඉතින් ගණන් ගන්න්න දෙයක්ද පිරිමි ළමයෙක් හින්ද වයසේ වරද්දවත් කිව්වා හැකි දැන් වයසක පොරවලුත් ඔහොම වැඩ කරනවා උන්ටනම් සමාවක් දෙන්න එපා (කෞ)