පදමට ගසා බස් නැවතුම්පළක ඇලවි හිනයක් දකිමින් සිටි පුද්ගලයෙකු සිටි හැටියේම මහ හයියෙනි“ මම අහන්නේ එෆ්එම්.” යනුවෙන් ප්‍රසිද්ධ රේඩියෝ නාළිකාවක නමක් කියා සිටි සියලු දෙනා සිනහ ගැන්වූ පුවතක් වාර්තා විය. සිද්ධීය මෙසේය.
ඔහු ප්‍රදේශයේ එක්තරා ආයතනයක සේවය කරන්නෙකි. සේවය නිමවා පැමිණෙන මාර්ගයේ ඇති තැබෑරුමෙන් දිනපතාම පාහේ හින් අඩියක් ගැසීම ඔහුගේ පුරුද්දකි. එදින පඩි දිනය වුයෙන් නිවෙසට යාම මදක් පමා කළ හෙතෙම තැබෑරුමට ගොඩවී පදමට ගසා ඒ අසල බස් නැවතුමට ගොඩවූයේ ගමට යෑමට පැමිණෙන බස්රථය බලාපොරොත්තුවෙනි. බස් නැවැතුමට ගොඩවූ හෙතෙම මදක් එහි ඇල වුයේ බසය පැමිණෙන තුරුය.
කිසියම් අවශ්‍යතාවක් සඳහා ඒ අසලින් තුන්රෝද රථයක නැගී ගමන් කරමින් සිටි ඔහුගේ මිතුරෙකු තුන්රෝද රථය නවතා ඔහුට කතා කළේ තමා සමග නිවෙසට යාමට එන ලෙස දන්වන්නටය. බස් නැවැතුමේ ඇලවි සිටි මිතුරාට නින්ද ගොස් ඇති බව තේරුම් ගත් හෙතෙම ඔහු ළඟටම ගොස් ඇඟට ඇත තබා නම කියමින් ඔහුට කතා කළේ මිතුරුදම ඒ තරමටම බලවත් නිසාය.
එක් වරම ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටි හෙතෙම මහ හඩින් “ මම අහන්නේ එෆ් එම්” යැයි කියමින් සිය මිතුරා දෙස බලා බිම් බලා ගත්තේ සිදුවූ වැරැද්ද ඒ මොහොතේම සිහිපත් වු නිසාය. කෙසේ වෙතත් අතරමගදි ඔහු මිතුරාට කියා ඇත්තේ “ මචං මම අහවල් එෆ්.එම්.නාළිකාවෙන් නම අහල සල්ලි දෙන සීන් එකක් දැක්කා. මම හිටියේ ඒ සීන් එකේ යනුවෙනි.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බස් පොළේදී අපූරු හීනයක් දැකලා
දිලාන් Monday, 05 December 2016 05:51 AM
දැන් තියෙන එෆ් එම් නාලිකා බොහොමයක් සල්ලි නොදුන්නොත් මිනිස්සු අහන්නේ නැහැ. කෙසේ වෙතත් ඉහත පුද්ගලයාට අදාළ මාධ්‍යයෙන් සල්ලි දෙන්න වටිනවා. (ම)
චමිත් - ඕමානය Monday, 05 December 2016 08:59 AM
බිව්වනම් ඉක්මනින්ම ගෙදර යන එක තමයි නුවණට හුරු. පව් මේ මනුස්සය. (ර)
ජනහිත Wednesday, 07 December 2016 07:27 AM
සුභ සිහිනයක් දකිනකොට එ්කටත් බාධා කරනවනේ. යන්තම් ඇති ගුටි කෑවේ නැති එක. ගෙදර ගියාම නම් බඩකටපුරා ලැබෙයි ඉතින්. (නි)