(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
මෑතක සිට ප්‍රියමනාප ලෙස හැසිරුණු සිය භාර්යාවගේ හොර ඇල්ලීමට ගොස් සර්ප ප්‍රහාරයකට ලක්වී ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් වාර්තා විය.
ඔහු පෞද්ගලික ආරක්ෂක සේවයේ යෙදුණු අයෙකි. වැඩිමනත් ඔහුට ලැබුණේ රෑ වැඩ මුරයය. සිය භාර්යාව ගැන ඔහු සැක සිතුවේ අද ඊයෙක සිට නොවේ. සහේට ගත් දා සිටම ඔහු සිය භාර්යාව පිළිබඳව සැකයෙන් මෙන්ම සෙවිල්ලෙන් සිටියේය. ඒ ඈ කොයි කවුරුත් සමගම සුහදව කතාබහ කරන නිසාය. තමාට වඩා තරමක් රූපශ්‍රියෙන් සිටීම ඊට තවත් හේතුවක් විය.
මේ නිසාම දෙන්නා දෙමහල්ලන් අතර පොඩි පොඩි සැක, රණ්ඩු සරුවල් ඇති නොවුණාම නොවේ. දරුවන් ලැබුණු පසුව ද එය එසේම විය. සිය දරුවන් ඉදිරියේ රණ්ඩු සරුවල් වීම නොඉවසූ ඇය මේ සඳහා උපක්‍රම සෙව්වාය. ඒ ඔහුට තමා ගැන ඇති සැකය දුරු කරලීමටය.
මේ අතරවාරයේදී ගමේ කාන්තා සමිතිය මාර්ගයෙන් පවුල් අවුල් අවම කරවා ගැනීමේ වැඩමුළුවකට ඇය සහභාගි වූවාය. සිය සැමියාට ප්‍රියමනාප ලෙස හැසිරීම හා ඔහුගේ රැකියාව සඳහා පහසුකම් සැපැයීම පවුල් ආරවුල් අවම කරගැනීමට ප්‍රබල හේතුවක් බව එහි දේශකයෙක් කීවේය. ඒ අනුව වෙනදා දැලි පෙරාගෙන කිළිටි ඇඳුම් ඇඳගෙන සිටි ඇය එදා සිට සැමියා නිවෙසේ රැඳෙන වේලාවට ඔහුට ප්‍රියමනාප යයි සිතෙතැයි සිතෙන පිරිසුදු ඇඳුම් ඇන්දාය. සුවඳ විලවුන් ද පාවිච්චි කළාය. ආදර වදන්වලින් සිය සැමියා ඇමතුවාය.
ඇයගේ හදිසි මේ වෙනස්වීම සැමියාගේ සැකය වර්ධනය කිරීමට තවත් ප්‍රබල හේතුවක් විය. තමා රාත්‍රියේ වැඩ මුරයට ගිය විටදී සිය භාර්යාව වෙන අයකු සිය නිවෙසට ගෙන්වා ගනු ඇතැයි ඔහු සිතුවේය. මේ අමුතු ආලවන්තකම එන්න ඇත්තේ ඒ නිසා යයි ඔහුගේ සිතට වද දුන්නේය. සිය භාර්යාවගේ මේ හොරය අතටම අල්ලා ගන්නකම් ඔහුට ඉවසිල්ලක් නොවීය.
ඒ අනුව ඔහු ඒ සඳහා කදිම උපක්‍රමයක් යෙදීය. ඒ රාත්‍රී වැඩ මුරයට යන බව පවසා නිවෙසින් පිටව ගොස් රාත්‍රියේ කාටත් නොදැනෙන්න නිවෙස අසලට පැමිණ නිවෙස මුර කිරීමය. මේ වෙනස්වීමෙන් සිය සැමියාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන්නේ තමා ප්‍රියමනාප ලෙස හැසිරෙනවා මදි නිසා විය යුතු යැයි සිතූ ඇය එදා හවස් වරුවේම නා කියාගත්තේ වෙනදා භාවිත කරන සුවඳ සබන්වලට වඩා වැඩි සුවඳක් ඇති සබන් ඇඟේ ගාගනිමින්ය.
වෙනදාටත් වඩා කලින් ඔහුට රාත්‍රී ආහාරය සකස් කර දුන් ඇය රාහු කාලය යයි කියා වෙනදාට වඩා කලින් නිවෙසින් පිටවන ලෙස ද සැමියාට කීවාය.
අද නම් බිරියගේ හොරය අතටම අල්ල ගන්නවා යයි සිතමින් ඔහු රෑ වැඩ මුරයටයයි කියමින් නිවෙසින් පිටව ගියේය.
එදා රාත්‍රියේ සිය නිවෙස අසලින් කෙනකුගේ කෑගැසීමක් නිසා නින්දෙන් ඇහැරුණු ඔහුගේ බිරිය සිතුවේ සිය නිවෙසට හොරු පැන ඇති බවය. ඒ නිසාම ඇය “මෙන්න හොරු ඇවිල්ලෝ” යයි කෑමොර දුන්නේ මුළු ගමම එතැනට එක්රැස් කරවමින්ය. ඒ වනවිටත් ඔහු සර්පයකු දෂ්ට කිරීමෙන් නිවස ආසන්නයේ සිහි මූර්ජා වී වැටී සිටියේය. ගමේ අය එකතු වී ඔහු රෝහලට ගෙන නොගියේ නම් ඔහු නොඑන ගමන් ගොස්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්රියගේ හොර අල්ලන්න සැඟවී සිටි සැමියාට සර්පයකුගෙන් පාඩමක්