ඔහු දක්‍ෂ කරණවෑමියෙකි. ඔහු සතු එකම දුර්වලතාව නම් ඉක්මණින් කේන්ති යාමය. කෙසේ වුවද ඔහුගේ මේ ක්‍ෂණික කේන්තිය මෙතෙක් ඔහුට හෝ වෙනත් කෙනකුට හානිදායක වී නැත. ඊට හේතුව ඔහුගේ බිරිය දී ඇති උපදෙසක් අකුරටම පිළිපැදීමට පුරුදුව සිටීම නිසාය.
ඔහුගේ සැලූන් එක පිහිටා ඇත්තේ නිවෙසට මීටර් පනහක් පමණ දුරිනි. බිරිය ඔහුට පවසා ඇත්තේ වැඩකරනවිට කේන්තියක් එන බව දැනුනොත් වහාම අතේ ඇති ආයුධ අතහැර නිරායුධ වී සැලූන් දොරින් එළියට පැන ගෙදර එන ලෙසය. එවිට බිරිය ආදරෙන් කරුණාවෙන් කතා කර තේ කෝප්පයක් පිළිගන්වා කේන්තිය පලවා හරින්නීය. ඊට පසු ඔහු සුපුරුදු පරිදි බාබර් සාප්පුවට ගොස් වැඩ අරඹයි.
පසුගිය දිනෙක මැදිවියට කිට්ටු කෙට්ටු සිරුරක් ඇති අයෙක් පැමිණ සැලූන් දොරට තට්ටු කළේ, කොණ්ඬේ කපාගන්න පුළුවන්ද? අසමිනි.
මේ අවස්ථාව සවස හයට ආසන්නව තිබිණි. කරණවෑමියා සිටියේ වැඩ ඇරී ගෙදර යාමට බඩු අස්පස් කරමිනි. ‘‘එන්න’’ යි ඔහු අමුත්තාට කීවේය.
කොණ්ඬේ කපන්න සැරසුණා පමණි, අමුත්තා පුටුවේ වාඩි වී ‘‘පොඞ්ඩක් ඉන්ඩකො අයියෙ පැෂන් එකක් සිලෙක්ට් කර ගන්න’’ කියා බාබර් සාප්පුවේ ප‍්‍රදර්ශනයට එල්ලා ඇති මෝස්තර මුහුණු දෙස බලා මේ වගේ කපන්න කීවේය.
‘‘හොඳයි’’ කියා තොල් මතුරා කතුර අතට ගත්තා පමණි.
‘‘අයියේ අර කෙරවලේ ස්ටයිල් එකත් හොඳයි නේද?’’ යි ඇසීය.
‘‘හ්ම්’’ ඔහු හිස වැනුවේය. දැන් කොණ්ඬේ කපමින් සිටී. ‘‘අයියේ අඩුකරන්න එපා හොඳේ. සයිට් ලෙවල් මදි වගේ’’ ඔහු කණ්ණාඩිය දෙස බලමින් කියයි.
ඉවසා සිටි බාබර්ට රතු ඉර පනින්න ඔන්න මෙන්නය. සිත සනසාගන වැඬේ කරන්නම බැරිය. කොණ්ඬේ පැත්තක්ද දැන් කපා අවසානය. සේවාලාභියා තවත් මොනවද කීවේය.
‘‘කපාගන්නවා ඕයි තමුසෙගෙ බම්බු ඔළුව ඕනෑ විදිහට මෙන්න බඩු’’ කියා කතුර, දැලිපිහිය මැෂිම මේසය මත දමා සැලූන් දොරින් පැන ගෙදර ගියේය.
බාගෙට කැපූ කොණ්ඩය සහිතව එළියට ඒමට නොහැකි සේවාලාභියා බාබර්ගේ බිරිය පැමිණි පසු කන්නලව් කර ‘‘අනේ වැඬේ ඉවර කරන්න කියන්නකෝ.’’ කීවාලූ. පසුව කේන්තිය නිවාගන පැමිණි බාබර් වැඬේ ඉවර කරන තුරුම ඔහු කට ඇරියේ නැතිලූ. මේ රජරට දෙසින් වාර්තා වූ පුවතකි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බාබර්ගෙන් කොණ්ඩෙ කපාගන්න බිරියත් ගෙන්න ගන්න වෙලා
කමල් Wednesday, 27 March 2013 10:48 AM
සේවා ලාභින්ට යහපත් ලෙස සැලකීමත් දියුණුවේ එක් ලක්ෂණයක්. ලාංකිකයින් මේ ගැනත් උනන්දු විය යුතුයි.(නදී)
යොහාන් Wednesday, 27 March 2013 11:00 AM
මොකක්ද අනේ ඔය සැලුන් එකේ නම? (නි)
වන්නි Wednesday, 27 March 2013 11:30 AM
තමන්ගේ කොන්ඩේ තමන්ටම කපා ගන්න බැහැනේ (දී)
සරත් Wednesday, 27 March 2013 11:48 AM
බිරිඳත් මහත්තයා වගේම වුණානම් (ස)
ලංකා Wednesday, 27 March 2013 12:57 PM
සැලුන් එකේ නම තමයි වරහන් තුළ තියෙන්නේ.(නදී)
ගාමිණි Wednesday, 27 March 2013 04:03 PM
මොකද පොඩි ළමයින්ට වගේ (දී)
නන්දලාල් Wednesday, 27 March 2013 05:55 PM
ඇය අති දුර්ලභ ඝණයේ බිරියකි. (නි)
නිමාලි Wednesday, 27 March 2013 09:13 PM
ඔන්න වෙච්ච දෙයක් (දී)
සෑම් Wednesday, 27 March 2013 10:39 PM
මට එහෙම බැන්නා නම් බාබර්ගෙ කොණ්ඩෙ කපලයි එන්නෙ මම. (නි)
සකු Thursday, 28 March 2013 09:53 AM
අනවශ්‍ය විදිහට කේන්ති ගන්න එපා (දී)
සුදා Thursday, 28 March 2013 06:44 PM
මෙය සිංහලයාගේ තවත් එක් මෝඩ ලක්ෂණයකි. (නි)
හේවාවිතාරන Friday, 29 March 2013 03:22 AM
හොද වෙලාවට ලෝකේ දැලිපිහි තහනම් කළේ.(නදී)
ලලිත්-එල්.එස් Friday, 29 March 2013 08:22 AM
දැන්නම් ඔය සැලුන් එක නැතිව ඇති. තිබුනත් කව්රුත් යන එකක් නැහැ.(නදී)