(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
ගොවියකු වූ ඔහු සිව්දරු පියෙකි. බිරිඳ ගෘහණියකි. ගොවිතැනින් ප්‍රමාණවත් ආදායමක් නොලැබුණ නිසා පවුල ගැටගසා ගන්නේ යන්තමිනි.
දරුවන් සිව්දෙනාම ඉගෙන ගන්නා වයසේ අය නිසා වියදමත් සැරය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිනපතා මුදල් අවශ්‍ය විය. එහෙත් නිවසේ කිසිදු මුදලක් නැත.
උගස් කිරීමට රන් භාණ්ඩයක්ද නොවීය. ණයට ඉල්ලා ගැනීමට කෙනෙක්ද නැත.
එවිට ඔහුට සිහියට ආවේ නිවසේ ඇති විශාල කොහොඹ ගසය. මෙය විකුණා ගැනීමට ඔහු ගියේ වඩුමඩුව හිමි වඩුබාස් උන්නැහේ ළඟටය.
බාස් උන්නැහේ මගේ කොහොඹගස ගන්න මුදල් හදිස්සියක් නිසයි විකුණන්නේ ඔහු කීය.
මගේ ගාන රු. 1500 යි. කැමැතිනම් දෙන්න වඩුබාස් උන්නැහේ කීය.
අනේ ඒ ගානට නම් දෙන්න බැහැ. ගහ ඔහේ තිබ්බාවේ ඔහු කීවේය.
නිවසට පැමිණි ඔහුට මතක් වූයේ අපූරු උපායකි. එය ක්‍රියාත්මක කිරීමට ඔහු ගියේ හොඳම මිතුරා හමුවීමටය.
මට උදව්වක් කරපං වඩුමඩුවේ වඩු බාස් උන්නැහේගේ ගෙදර ගිහින් කොහොඹ ලීයෙන් මෙච්චර ලෑලි ප්‍රමාණයක් අවශ්‍යයි. දොර උළුවහු කඳං කීපයක්ද අවශ්‍යයි කියලා ඉල්ලපං ඉක්මණින් හදල දෙන්න කියාපං පුළුවන්නම් ඇඞ්වාන්ස් එකකුත් දෙන්න හදපං යනුවෙන් මිතුරාට කීවේය.
මිතුරා පසුදින වඩුමඩුවට ගොස් තම මිතුරා කී ආකාරයටම කොහොඹ ලී ටික හදාදෙන ලෙස වඩුබාස් උන්නැහේගෙන් ඉල්ලීමක් කළේය. ඉක්මනින් වැඩය කරවා ගැනීමට ඇඞ්වාන්ස් එකක්ද දීමට සූදානම් විය.
නෑ නෑ ඇඞ්වාන්ස් අවශ්‍ය නැහැ. අපි නොදන්නා අය නොවෙයිනේ. සියලු තොරතුරු කියා ඇඞ්වාන්ස් මුදලක් දීමට මිතුරා සූදානම් වනවිට වඩුබාස් උන්නැහේ කීය.
වඩු බාස් උන්නැහේ ලී ඕඩරය ඉක්මනින් දීම සඳහා පසු දින උදෙන්ම ගියේ කොහොඹ ගස අයිති පුද්ගලයා සොයාගෙනය.
කමක් නැහැ දෙන්න කලින් මුදලට කොහොඹ ගහ යනුවෙන් වඩුබාස් උන්නැහේ කීය.
බැහැ. දැන් කොහොඹ ගහේ ගාන රුපියල් 5000 යි කැමැතිනම් ගෙනියන්නට මට දැන් වික්කත් එකයි නැතත් එකයි ඔහු පැවසීය.
වඩු බාස් මඳක් කල්පනා කර හ්ම්..... කමක් නැහැ. ගහ දෙන්න මං ඒ ගානට ගන්නම්. යනුවෙන් වඩුබාස් උන්නැහේ කියා මුදල් එවලේම දුන්නේය.
වඩු බාස් එදිනම කොහොඹ ගස කපා ලී කදන් ලී මඩුවට ගෙන ගියේය.
පසු දින ඉල්ලන ලද ලී ඕඩරය ද වඩු බාස් සකස් කළේ ලී ඉරන යන්ත්‍ර උපයෝගී කර ගෙනය.
එහෙත් දින සති විය. සති මාස විය. කොහොඹ ලී ඕඩරය ගෙන යන පාටක් නැත. මිතුරා පළාතේ ආවෙත් නැත. දැක්කෙත් නැත.
එහෙනං හොර තක්කඩියට මාත් අසුවුණා දිනක් වඩු බාස් උන්නැහේ තමාටම කියා ගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බාස් උන්නැහේ කොහොඹ ගහේ පැටලිලා