(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මැණික් පතලේ බාසුන්නැහේට පාඩමක් උගන්වන්න ගොස් තමන්ම අමාරුවේ වැටුණු දෙදෙනකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වේ.
මැණික් පතල්වල වැඩ කරන පතලේ ප්‍රධාන බාසුන්නැහේ බොහෝ විට සැර පරුෂ පුද්ගලයකු වීම සාමාන්‍ය දෙයකි. සිය පතලේ වැඩ කරන අනෙකුත් පතල්කරුවන් මට්ටු කිරීමට ඔහු බොහෝ අවස්ථාවල අඩුපාඩුවලදී ඉතා තදින් බැණ වදියි.
මෙම බාසුන්නැහේද සැර පරුෂ වුවද අනෙකුත් අවස්ථාවල පතලේ අනෙකුත් පතල්කරුවන්ගේ දුකේදී පිහිට වීමටත් සැපේදී සතුටු වීමටත් හැකි යහපත් ගුණ ඇති පුද්ගලයකි.
ඒ හෙයින් පතලේ අවංක අය බෙහෙවින් ඔහුට ආදරය කරන අතර කම්මැලි ‘නමට වැඩ පුද්ගලයන්’ ඔහුට හතුරුකම් කිරීමටත් පෙළැඹී තිබුණි. මෙම පතලේද බාසුන්නැහේ දකින විට පමණක් වැඩ කිරීමටත් අනෙකුත් අවස්ථාවල කයිවාරු ගැසීමටත් එහෙත් මැණික් ගලක් ලැබුණු විට එය විකුණා මුදල් ගන්නා තුරු නින්ද නොයන දෙදෙනෙක් ද සිටියහ. මොවුන් පිළිබඳව අනෙකුත් පතල්කරුවන්ගෙන් ලැබෙන පැමිණිලි නිසාත් ඔවුන් පිළිබඳව බාසුන්නැහේ හොඳ හැටි දන්නා නිසාත් හොඳ හැටි බැණ වැදුණ බාසුන්නැහේ ඉදිරියේදී මෙවැනි ආකාරයට හැසිරුණහොත් පතලෙන් ඉවත් කරන බව දැන්වීය.
පිරිස ඉදිරියේ බැණ වැදුණු බැවින් තදබල ලෙස කෝප වූ මෙම දෙදෙනා බාසුන්නැහේට පාඩමක් ඉගැන්වීමට තීරණය කළහ. ඒ අනුව එදින රාත්‍රී කාලයේ පතල මුරට සිටින මිතුරා ඇමතූ ඔහු “මචං රෑට බාසුන්නැහේගේ යට කලිසමේ නයි මිරිස් ගාපන්” යැයි පැවසූ විට ඔහු ද ඊට එකඟ විය. රාත්‍රී කාලයේ ඔහු මත්පැන් බී වෙරිමතින් යට කලිසම් වනා ඇති ස්ථානයට ගොස් බාසුන්නැහේගේ යට කලිසමේ නයි මිරිස් උලා තිබේ.
පතල් වැඩ ආරම්භ වීමත් සමග ඔවුන් දෙදෙනා බලා සිටියේ බාසුන්නැහේට වෙන ඇබැද්දිය දැක සිනාසීමටය.
එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.
දහවල් හිරු මුදුන් වීමත් සමග බාසුන්නැහේ වෙනුවට තම අනෙක් සගයා දහදිය පෙරාගෙන ඇඹරෙනු දුටු සගයාට දෙවියන් සිහි වී ඇත.
පතලෙන් එළියට ආවා නොව විසි වුණාක් මෙන් පිටතට පැමිණ සගයා අසල දොළ පහරකට දිව යනු පතලේ අනෙකුත් සගයන් බලා සිටියේ විමතියනි.
තමන් බාසුන්නැහේගේ යට කලිසමේ කියා නයි මිරිස් ගා ඇත්තේ මිතුරාගේ යට කලිසමේ බව ඔහුට අවබෝධ විය.
පැය කිහිපයක් එගොඩ මෙගොඩ පැන්න සගයා සිය හත්මුතු පරම්පරාව අමතන දුටු ඔහු හිමිහිට පතලෙන් පිටත්ව ගොස් ඇත්තේ ආයේ පතලේ පස් නොපාගන බවට තමන්ටම දිවුරා පොරොන්දු වෙමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බාස්ට ඇද්ද අංචිය යාළුවාට කැරකිලා