(අරුණ එස්. කුමාර)
තෙල් වැඩිවන ආරංචියට ඉන්ධන පිරවුම්හලේ පොම්ප වහන්නැයි ඉන්ධන හල් හිමිකරු ජංගම දුරකථනයෙන් ගෝලයන්ට දැනුම් දීමේ අපූරු සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ගම්පහ නගරයේ පිහිටි රජයේ බැංකුවකි. මුදල් තැන්පත් කරන්න මෙන්ම මුදල් ගැනීමට බැංකුවේ දිගු පෝලිම් පැවැතිණි. ඒ අතර තරමක් මැදිවියේ පුද්ගලයෙක් මුදල් ගැනීමේ පෝරමයක් පුරවා පෝලිමේ සිටියේය. ඊට පිටුපසින් සිටියේ අතේ මුදල් පාර්සලයක් තබා ගත් තවත් මැදිවියේ පුද්ගලයෙකි. ඉදිරියෙන් සිටි පුද්ගලයාට හදිසියේ දුරකථන ඇමැතුමක් ලැබිණි. දෙබස අසල අයට ද ඇසිණි.
දුරකතනය කෙළවරේ සිටි පුද්ගලයා මෙසේ කීය. අයියේ, අද රාත්‍රියේ සිට තෙල් මිල වැඩිවෙනවා. වාහනයට තෙල් ටිකක් ගහගන්න. ඒ සමගම එම පුද්ගලයාට පිටුපසින් සිටි පුද්ගලයා හදිසියෙන් කාටදෝ දුරකතන ඇමැතුමක් ගත්තේය. ළමයිනේ අද රෑ තෙල් ගණන් වැඩිවෙනවා. පාර අයිනේ තියෙන ඩීසල් පොම්පය වහන්න, පෙට්‍රල් පොම්ප දෙක වහන්න. බ්‍රේක් ඩවුන් කියලා එන හැමෝටම කියන්නැයි වහාම ඔහු උපදෙස් දුන්නේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකු පෝලිමේ ඔත්තුවට පිරවුම්හලට අපූරු උපදෙසක්