අත්‍යවශ්‍ය කරුණක් සඳහා, තම දියණියගේ ගිණුමට රුපියල් දහසක් දැමීමට ආරක්‍ෂක නිලධාරිනියකට අවශ්‍ය විය. ඇය තාවකාලිකව සේවයේ යෙදී සිටි පිරිසුදු කිරීමේ සේවකයකුට ඒ බව පැවසූ විට, ”එහෙනම් සල්ලි දෙන්න. මමත් දැන් බැංකු යනවා” හෙතෙම කීය.
බැංකුවට ගොස් පැමිණි ඔහුගෙන් ”කෝ සල්ලි දාපු රිසිට් එක?” යැයි විමසූ විට ඔහු පැවසුවේ තමා දන්නා බැංකු නිලධාරියකුට මුදල් දුන් බවත්, රිසිට් පතක් නොලැබුණු බවත්ය. පැය කිහිපයකින් ආරක්‍ෂක නිලධාරිනියගේ දියණිය ඇමතුමක් දී මුදල් ලැබී නොමැති බව පැවසුවාය. ආරක්‍ෂක නිලධාරිනිය වහා සේවකයාද කැටුව බැංකුවට ගොස් කළමනාකරු හමුවී මුදල් තැන්පත් කර පැය කිහිපයක් ගත වුවත් මුදල් ලැබී නොමැති බව දැන්වූවාය.
කළමනාකරු මුදල් තැන්පත් කළ පුද්ගලයා සමඟ මුදල් කවුන්ටරය වෙත පැමිණ මුදල් බාරදුන්නේ කාටදැයි විමසූ විට පුද්ගලයා පැවසුවේ මුදල් භාර දුන්නේ කාටදැයි අමතක බවත් සමහරවිට තමා වෙනත් බැංකුවක මුදල් තැන්පත් කළාදැයි කල්පනා වෙන බවත්ය.
පුද්ගලයා වංචාවක් කරන බව වැටහුනු කළමනාකරු, ”ඔය වගේ මිනිස්සු අතේ සල්ලි එවන්න එපා” යැයි ආරක්‍ෂක නිලධාරිනියට පැවසීය. ඇයත් සමඟ එළියට පැමිණ මුදල් වංචාකළ පුද්ගලයා ඇය අමතා, ”ඉන්න මම ගෙදර ගිහිල්ලා පොලියට රුපියල් දාහක් ගෙනල්ලා දෙන්නම්” යැයි පවසා එතනින් පිටවිය. ඔහු ආපසු පැමිණියේ නැත. රුපියල් දහස රැගෙන එනතුරු ආරක්‍ෂක නිලධාරිනිය මඟ බලා සිටී. නාරාහේන්පිට නගරයෙන් අසන්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකුවේ තැන්පත් කරන්න දුන් රු. 1000ට සුළු සේවකයා විදලා
නිලූ විදානගේ, සෞදි අරාබියාව Tuesday, 07 January 2014 10:30 AM
ගෙදරට දෙන්න කියල මම මෙහෙ හොඳටම අඳුනන ලංකාවට ආපහු යන වැදගත් කාන්තාවක් අත රුපියල් 10,000ක චෙක් එකක් දුන්නා. එයා එයාගේ ගිණුමට චෙක් එක දා ගත්තා. පස්සේ ඇඩ්රස්, ටැලිෆෝන් නොම්බර හොයාල බලන කොට මට දීල තියෙන්නේ බොරු ඒවා. (නදී)
සත්‍යයා Tuesday, 07 January 2014 01:10 PM
මේ මිනිහා මෝඩ මිනිහෙක් හින්දා බැංකුවේ නිලධාරියා සල්ලිවලට විද්දද කොහොමද දන්නේ? (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 07 January 2014 03:50 PM
අයෙත් මගේ නමින් අදහසක් පල කරලා තියෙනවා.කරුණා කර මගේ නමින් නොලියන්න.ඉහත දමා ඇති බොලද අදහස මගේ නොවේ.අනික මගේ සේවා ස්ථානයේ බැංකු සේවය හා සමානම සේවයක් වෙන්නේ.ඉතින් ඇයි වෙන කාටවත් මුදල් දෙන්නේ. (දී)
ආලෝකා Tuesday, 07 January 2014 06:26 PM
තාවකාලිකව සේවයේ යෙදී සිටි පිරිසුදු කිරීමේ සේවකයකුට ඔය වැනි වැදගත් වැඩක් දෙන්න ඒ නෝනගේ ඔලුව හොඳ නැතුව ඇති. (අ)
කේ.කේ දී ඩුබායි Wednesday, 08 January 2014 01:12 AM
දාහෙන් හැමදේම කරගන්න එයාට පුළුවන් ඇති. අපරාදේ මෝඩයාගේ රැකියාව.(නදී)
නිලූ විදානගේ, සෞදි අරාබියාව Wednesday, 08 January 2014 08:47 AM
නිලූ විදානගේ, සෞදි අරාබියාව 2014-01-07 10:30:49, නිලූ විදානගේ සෞදි අරාබිය 2014-01-07 15:50:43 .... කව්ද මේ මගේ නමින් අදහස් දාන්නේ? කරුණා කරලා වෙන නමක් භාවිතා කරන්න. (නදී)
ශාන්ති Wednesday, 08 January 2014 11:25 AM
ඔන්න ආයෙත් අර විකාර සෙල්ලම පටන් අරගෙන නේද? එක එක්කෙනාගේ නමින් අදහස් දමන්න ටික දවසක් සද්දයක් නැතුව හිටියා.(නදී)
කුමාරිහාමි Wednesday, 08 January 2014 04:13 PM
මෙහෙමත් ආරක්ෂක නිලධාරිනියක්. (නදී)
නිලූ විදානගේ Wednesday, 29 January 2014 12:34 PM
මට පිස්සු වගේ.(නදී)