බැංකුවේ ඇය ඔහු දුටුවේ ජනවරි 01 වනදාය. ඒ ඇය අලූත් අවුරුද්දට මුදල් ගනුදෙනු කිරීමට ගිය විටදීය.
පෞද්ගලික ආයතනයක සේවිකාවක් වූ ඇය 33 හැවිරිදිය. බැංකුවේ හඳුනාගත් තරුණයා ඇයට කීවේ තමා ගුවන් සේවා සමාගමක ඉහළ නිලදාරියකු බවයි.
හමු වූ පළමු දිනයේදීම දෙදෙනා කතාකර නගරයේ අවන්හලකට ගොස් තේ පානය කළහ.
කාලය කෙමෙන් ගෙවී යද්දි දෙදෙනාට දෙදෙනා නැතිව බැරි විය.
කළුතර නගරයේදී හමුවූ දෙදෙනා මුහුදු වෙරළක ඉන් නොනැවතී හෝටල් කාමරවලට ද ගියහ. එසේ ගිය ඇය තමා සතු වටිනාම දේද ඔහු වෙනුවෙන් පූජා කළාය.
එක් දිනක් ඇය සොයා ආ ඔහු තමාට මුදල් අවශ්‍යතාවයක් බව පවසා රුපියල් 1,60,000/=ක මුදලක් ද ඇය සතු ස්වර්ණාභරණද ඉල්ලා ගත්තේය.
ඉන් පසු ඔහුගෙන් ඇයට ඇමතුමක් නොවීය. දුරකතනය ද විසන්ධි කොට තිබුණි.
බලා හිඳ ඉන්නට බැරිම තැන ඇය ආවේ කළුතර දකුණ පොලිසියටය එසේ පැමිණ ඇය සිද්දිය පොලිසියට පැමිණිලි කළාය. එහෙත් ඇය පෙම්වතාගේ ලිපිනයවත් නොදැන සිටීම පොලිස් පරීක්ෂනවලට බාධාවක් බව පොලිස් නිලධාරීන් කීහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකුවේදී මිතුරු වූ තරුණයා තරුණියට සුද්දයක් දීලා
මදුවන්ති Friday, 28 February 2014 08:55 PM
කාන්තාවෝත් ඉන්නවා පිරිමින්ගේ බෙල්ල කපන්න දක්ෂ .පිරිමියෙක් කලා කියල පිරිමි සංහතියටම ගරහන ගැහැනුත් ඉන්නවා (දී)
චන්දන බස්නායක Saturday, 15 March 2014 10:16 AM
හැගීම් වලට වහල් උනාම ඔහොම දේවල් වෙනවා! නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕවා හොද පාඩම්! (දී)
රකිත් Wednesday, 05 March 2014 08:04 AM
තරුණයා ඉන්න තැනක් වත් දන්නේ නැතුවද වටිනාම දේ පුජා කළේ? හරි අපුරුයිනේ.(නදී)
කමල් Monday, 03 March 2014 09:53 PM
මෝඩ ගෑනු කෙනෙක්.(නදී)
රන්ජිත් පෙරේරා Monday, 03 March 2014 04:39 AM
ඔය කියන මිනිහ මහරගම පැත්තේද? අපේ ගෙවල් ළඟ කෙල්ලෙකුටත් ඔය වගේ දෙයක් කරා. අපේ ළඟ මිනිහගේ පින්තුරයකුත් තියෙනවා. පොලිසියත් මිනිහ ගැන දන්නවා. ඉන්න තැනත් අපි දන්නවා. කරුණාකරලා මට ඊ මේල් එකක් එවන්න මම පින්තුරයක් එවන්නම්. ranjithperera511@yahoo.com (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 03 March 2014 01:29 AM
පව් අනේ (නිලූ විතානගේ) ඔය වගේ කපටි මනුස්සයකුට අහු උනාද...? අපි අවංක වෙන්න ඕනේ. ඒත් එක සීමාවක් ඇතුලත. නැතිනම් අපිට නොදැනිම ලොකු රැවටීමක වැටෙන නිසා. (නදී)
නුවන් Sunday, 02 March 2014 07:25 PM
අපේ ගැනු හරිම මෝඩ වැඩ කරන්නේ.(නදී)
නිලූ විතානගේ, සෞදි අරාබිය Sunday, 02 March 2014 06:32 PM
මගේ ප්‍රථම ප්‍රේමය මතක් උනා.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 02 March 2014 04:20 PM
හැමෝටම පොදු නැති වුනත් මටත් මෙහෙම ලියන්න හිතුනා.''ගැනුන්ගේ මොලේ හැඳි මිටෙලු''(දිල්)
අනිල් Sunday, 02 March 2014 08:48 AM
පිස්සුද? (නදී)
සඳුන් Sunday, 02 March 2014 07:12 AM
තරුණියට තියෙන්නේ බඩ සුද්ද වෙන්න මොනවා හරි බීල හිස කුඩිච්චියකුත් දා ගන්න. වෙන මොනවා කරන්නද දැන්.(නදී)
කුමාර Saturday, 01 March 2014 09:00 PM
හොද වැඩේ. ඔහොම කෙල්ලන්ට ඔහොම වෙලා මදි. (නදී)
සෙනිතු Saturday, 01 March 2014 10:25 AM
නිතර පුවත් වලින් මේවැනි දේවල් මහජනයාට ලැබෙන්න සැලස්සුවත් එයින් පාඩම් ඉගෙන නොගැනිමෙන් මේ වගේ අය අද කීදෙනෙක් ප්‍රශ්නවලට මැදිවෙලා ඉන්නවද. දැන්වත් පුවත්පත්වල පලවෙන මෙවැනි දේවල් හිතට අරන් හැදෙනවා නම් හොදයි.(නදී)
බමුණු Saturday, 01 March 2014 09:06 AM
"මෙහෙමත් මෝඩ අය ලංකාවේ ඉන්නවනේ" දැන්ද දන්නේ ? දැනගත්ත්යි කියල මොනවා කරන්න්ද? (නදී)
නිලූ විතානගේ, සෞදි අරාබිය Saturday, 01 March 2014 03:45 AM
මේක කියවද්දී මට මගේ ප්‍රථම ප්‍රේමය මතක් උනා.(නදී)
ප්‍රියන්ත Friday, 28 February 2014 11:26 PM
බදින වයසත් පහුවෙලා නිසා පෙර පිනකට හොද මහත්තයෙක් හමු උනා කියල රැවටෙන්න ඇති. (අ)
ශෂිමල් Thursday, 27 February 2014 12:01 PM
ඉදිරියගැන නොසිතන අයට මේවා හොද පාඩම්.(අ)
සජීව Friday, 28 February 2014 05:36 PM
හොදට මතක තියා ගන්න. කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (අ)
ඩයස් Friday, 28 February 2014 02:27 PM
දැන් කාලේ මිතුරා කවුද සතුරා කවුද කියලා කියන්න බැහැ පරිස්සමෙන් වැඩ කරන එක තමයි හොද වැඩේ (දී)
කුමාරි Friday, 28 February 2014 10:00 AM
මග හොදට තිබේනම්..... යන්ට දෑසත් පෙනේනම්.... කීම ලඳු කැලෑවලම යන්නේ.....? (අ)
විපුල Friday, 28 February 2014 08:20 AM
ඔය ඉඊහල පෙලේ නිලදරයෙක් නිසා තමයි ඔය කාන්තාව අහුවෙලා තියෙන්නේ.(නදී)
සමන්ති Thursday, 27 February 2014 08:24 PM
අනේ අනිච්චං. (අ)
රොහාන් Thursday, 27 February 2014 05:30 PM
මේ අයගේ මොලේ තියෙන්නේ වෙන කොහේ වද්ද.(නදී)
අනුර Thursday, 27 February 2014 04:58 PM
මෝඩ කමක තරම.(නදී)
පහන් Thursday, 27 February 2014 04:35 PM
හරිහමන් සහෝදරයෙක් එහෙම හිටියොත් අර කාලකන්නි මිනිහව අවසන් ගමන් අරිනවා. ටෙලිපොන් නොම්මරේ තියනවා නම් ඇයි කවුද කියල හොයාගන්න බැරි.(නදී)
භානු Thursday, 27 February 2014 04:21 PM
මේකටත් ෆේස් බුක් වග කියන්න ඕන කියල කවුරුවත් කියපු නැති එක හරි පුදුමයක්. දුර දිග නොබලා වැඩ කරන ඕනෑම දෙකට නිදහස තියන අවිවාහක තරුණ ගෑනු උදවිය මොන අමාරුවේ වැටුනත් දැන් ෆේස් බුක් එකටනේ වග කියන්න වෙලා තියෙන්නේ.(නධී)
සදුන් Thursday, 27 February 2014 04:21 PM
මේ ආත්මෙ නං අපිට කෙල්ලංව තේරුම් ගන්න ලැබෙන්නේ නෑ.(නදී)
කරුණාරත්න දිසානායක Thursday, 27 February 2014 03:26 PM
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 27 February 2014 01:19 PM
ජනමාධ්‍ය තුලින් කොච්චර දැනුවත් කලත් මේ වගේ කපටි අවස්ථාවාදී අයට කිදෙනෙක් නම් අහු වෙනවද. නුගත් කම කියන්නත් බෑ. අපි අපි විසින්ම විනාශ වෙන්නේ ඕනවට වැඩිය අවංක වීමෙන්. මෙතනත් ඒ වගේ දෙයක් මන් හිතන්නේ.(නදී)
මදු Thursday, 27 February 2014 12:48 PM
මෙහෙමත් මෝඩ අයලංකාවේ ඉන්නවනේ (අ)
චන්දි Thursday, 27 February 2014 12:39 PM
ඔය වැඩේ දැන් රට හැමතැනම වෙන දෙයක්, කාන්තාවන් රවට්ටලා සල්ලි ගන්න එක පිරිමි කමක්ද (අ)
දිසාකායක ගාමිණී Thursday, 27 February 2014 12:28 PM
හොඳ වැඩේ.(නදී)