X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


බෑණාට මනාලියක් බලන්න ගිහින් මාමා තෙල් බිලකුත් කඩාගෙන

(කුණ්ඩසාලේ - පී.එම්‍. රාජපක්ෂ)
තෙල් හිඟය පවතින මෙවන් කාලයක අවිවාහක පුත්‍රයාට මනාලියක් බැලීමට යාම වෙනුවෙන් යතුරු පැදියට රුපියල් පන්සීයක පෙට්‍රල් ලබාගත් පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි.


සිද්ධියට අනුව රාජ්‍ය ආයතනයක සේවය කළ හතළිස් විය පසුකර සිටි තම වැඩිමහල් සො‍හායුරිය‍ගේ පුත්‍රයාට විවාහය සඳහා තරුණියක සෙවීමේ කටයුත්ත බාර ගන්නා ලද්දේ මාමණ්ඩි තම යුතුකමක් ලෙස සලකාගෙනය.


තවත් රජයේ කාර්යාලයකම සේවය කළ මෙම මාමණ්ඩි සූර කපටිකම්ලින් මිනිසුන්ගෙන් යමක් කඩා වඩා ගැනීමට උපන්ගෙයි සමතකු බව ඔහු ඇසුරු කළ කාගේත් පිළිගැනීම විය.


පසුගිය දිනක තම වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාට ඇමතුමක් දී තමන් වෙත විවාහපේක්ෂිත තරුණියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ලැබුණු බව දැන්වීය. ඒ අනුව රජයේ නිවාඩු දිනයක අදාළ තරුණිය බැලීමට යාමට කතිකා කරගත් අතර එම ගමන තම යතුරු පැදියේම යා හැකි බවත් ඔහු සඳහන් කළේය.


කතිකාකරගත් දින උදෑසනින්ම පුත්‍රයාගේ නිවසට පැමිණ ඔහුද රැගෙන තරුණිය බැලීමට පිටත් විය‍. ඒ අතරතුර උදෑසන ආහාර නොගත් බව පවසමින් උදෑසන ආහාර වේලක්ද ගමන් මග තිබූ හෝටලයකින් ලබාගත්තේ එයද පුත්‍රයාගේ බිලට එකතු කරමිනි. හෝටලයෙන් යහමින්  සප්පායම් වී අසල වෙළෙඳසලකින් මනාලියගේ නිවෙසට යාමට කේක් හා කෙසෙල් ඇවරියක්ද මිලදී ගත්තේය‍.


මෙසේ මනාලියගේ නිවෙසට උදෑසන දහය පමණ වන විට ඔවුන් පැමිණි අතර නිවසේ අය සමඟ සතුටු සාමීචියේ යෙදී තේ පානයෙන් පසුව නැවත නිවස බලා පිටත් විය. ඒ අතර තරුණිය සම්බන්ධයෙන් කැමැත්තද පුත්‍රයාගෙන් විමසා බැලුවේ ඔහුගේ අදහස දැන ගැනීමේ අපේක්ෂාවෙනි‍. මේ අතරතුර ගමන්ගත් යතුරු පැදිය ඉන්ධන පිරවුම් හලක් අසල නතර කළේය‍‍.


ඉන්ධන හලේ  පෙට්‍රල් ලබා ගැනීමේ ස්ථානය කරා යතුරු පැදිය රැගෙන ගොස් ඉන් රුපියල් පන්සීයක ඉන්ධන ලබා ගත් මාමණ්ඩිය මේ දවස්වල තෙල් කියන්නේ රත්තරන් වගේ ඒ නිසා පුතාගේ වැඩේ හරියන්නත් කියලා ඕක ගෙවලා දාන්න යයි පැවසුවේ කිසිදු ගණනකට නොගෙන යි‍‍.


එය ඇසූ පුත්‍රයා ඉන්ධනහලට රුපියල් පන්සීයක් ද ගෙවා, කෙල්ලත් කළුයි, වයසත් වැඩියි, වැඩේට දෙදාස් පන්සීයක්ම ගියා, මාමාගේ හැටිත් තවත් වතාවක් දැනගත්තා යයි තමන්ටම කියා ගත්තේය‍.

 



අදහස් (0)

බෑණාට මනාලියක් බලන්න ගිහින් මාමා තෙල් බිලකුත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site