බිරිඳ ලවා කාර්යාල අයකැමිට ඉගැන්වීමට ගිය සේවිකාවකට ඇයගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූ අපුරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ඔහු කාර්යාලයේ අයකැමිය. නිල කාමරයක් තිබුණේ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමටය. ගැහැනු පරාණවලට ඇළුම් කළ අයෙක් ද විය. ඒ නිසාම කාර්යාලයේ සේවිකාවන්ට ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ.
සේවිකාවන්ට අනවශ්‍ය විහිළු තහළු කොට ඇස් රතු කරගත් අවස්ථා ද ඇති තරම්ය. ඒ එකකින්වත් ඔහු පාඩමක් ඉගෙන නොගත්තේය.
වෙනදා ඔහුගේ භාර්යාව අවශ්‍යතා සඳහා නගරයට යාම් ඊම් කළේ මගී ප්‍රවාහන බස් රථයෙනි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන නිසා නගරයට එන ඇය සිය සැමියාගේ යතුරු පැදියෙන් නිවසට යාමට කාර්යාලයට ඒමට පුරුදුව සිටියාය.
එදා ඇය නගරයේ ගැවසෙනු දුටු සේවිකාවෝ පිරිසක් ඔහුට හොඳ සෙල්ලමක් දෙමු යයි කතිකා කර ගත්හ. ඒ අනුව රැලේ සිටි රූමත්ම කාන්තාව ඔහුගේ භාර්යාව ඔහු සිටින කාමරයට එනතෙක් රැක සිට ඊට කලින් එම කාමරයට රිංගා ඔහු ළඟට කිට්ටු වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාය. කිසිත් නොදත් ඔහු මේ රූමතිය සමග කතා බහ කළේ දැඩි ආශාවකිනි. උනන්දුවකිනි.
මේ රූමතිය ඔහුගේ ඇඟට තට්ටු දමමින් කතාකරනවත් සමග ඔහුගේ භාර්යාව එතනට කඩා පාත්වූවාය. මේ දර්ශනයෙන් ඇයට ආරූඪයක් වැසුනාක් මෙන් වූවාය. ඒ දෙස හොරෙන් බලා සිටි ඇත්තන් සිතුවේ භාර්යාව පැනපු ගමන්ම සැමියාට කුඩය කැඩෙන තෙක්ම පහර දී තමන්ට විනෝදයක් ලබා ගැනීමට හැකි වෙතැයි සිතාය.
එහෙත් සිදුවූයේ අනෙකකි. භාර්යාව රූමතියට කුඩය කැඩෙන තෙක්ම පහර දුන්නේ බැදපු මිනිහෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැතිරියක් කියමිනි. කාමරයෙන් දුවන තෙක්ම රූමතියට ඇය පහර දුන්නේ සැඟවී ඒ දෙස බලා සිටි අය ද හොල්මන් කරමින් කාර්යාල අවසන් කාලය ද හොඳටම රත් කරමින්ලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිඳ ලවා සේවකයාට පාඩමක් උගන්වන්න ගිය රූමතියට කුඩ පූජාවක්