X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බිරිඳගෙ පතිවත ‘චෙක්’ කරන්න යැවූ මිතුරාට තොප්පියක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ අලි ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


හේ භාර්‍යාවට පණ මෙන් ආදරය කළේය. බොහෝ සැමියන්ට මෙන්ම ඔහුටද භාර්‍යාව සැක කිරීමේ රෝගය හට ගත්තේය. ඊට හේතු සාධක වූ ප්‍රධාන සාධක තුනකි.


භාර්‍යාව රූමත් වීම ඉන් පළමු වැන්නය. ඇය කා සමගත් සුහදශීලීවීම දෙවැන්නය. මාසයකට බොහෝ දින ගණනාවක්  නිවසින් පිටව සිටීම ඉන් තෙවැන්නය.


සිය භාර්‍යාව කෙතරම් පතිවත රකිනවාද යන්න පරීක්ෂා කිරීමට ඔහුට සිතුණි. ඒ නිසාම ඔහු තමා වැඩකරන ස්ථානයේ මිතුරකුට භාර්‍යාවගේ දුරකතන අංකය දුන්නේය. ඒ සමගම ඔහු මිතුරාට පැවසුවේ තමන්ට සිය බිරිඳ පරීක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බවය.


ඔහුගේ අනුදැනුම ඇතිව නිවාඩු පාඩුවේ සිටින අවස්ථාවලදී  මිතුරා ඇයට දුරකතන ඇමතුම් ලබාදුන්නේ ඔහුට ඇසෙන පරිදි දුරකතනයේ ශබ්දය පිටතට ඇසෙන සේය. දින කිහිපයක්ම මේ සිදුවීම සිදුවෙමින් තිබිණි. සිය භාර්‍යාව මිතුරා සමග හාදවීමට අකමැති බව දැනගත් විට ඔහු බොහෝසේ සතුටට පත්විය.


දින කිහිපයක්ම මිතුරා ඇයට දුරකතනයෙන් කතා කළේය. තමාට ඇමතුම් ලබා නොදෙන ලෙස පැවසුවත් මිතුරා ඔහුගේ අනුදැනුම පරිදි තවදුරටත් ඇමතුම් ලබාදෙමින් කතා කළේය. මේ පිළිබඳව ඇය සිය සැමියා දැනුම්වත් කළත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාම ඇය තමාට දුරකතන ඇමතුම් දී අමුතු යෝජනා කරන පුද්ගලයා පිළිබඳව පොලීසි ගියේ ඔහුගේ දුරකතන අංකයද ලබා දෙමිනි.


 වැඩේ දුර දිග ගියේය. මිතුරාට පොලීසිය ඇමතුමක්දී දිනයක් නියම කර පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියේය. ඔහුගේත් මිතුරාගේත් ඉහමොළ රත්වන්නට වූයේ මේ සමගමය. තමාගේ වැඩෙන් මිතුරා අමාරුවේ වැටීම වළක්වාලීමට ඔහු භාර්‍යාවට සත්‍යම පැවසුවේය. ඒ සමගම මේ සම්බන්ධයෙන් දමා ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසද කීවේය. 


තමා දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට කිසිසේත්ම අකමැති වූ ඇය සැමියාටත් ඔහුගේ මිතුරාටත් හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ඔවුන් පිළිබඳ තිබූ කේන්තිය පිටකර ගැනීමේ අදහසිනි.


මේ අනුව ඇයත්, ඔහුත්, මිතුරාත් පොලීසියට පැමිණියහ. ඔහු සියලු‍ සත්‍ය තොරතුරු පොලීසියට පැවසුවේ නොකියාම බැරි තැනට වැඩ සිද්ධ වූ නිසාමය.


සැමියාගේ කැමැත්තෙන් වුවත් කාන්තාවකට අයුතු බලපෑම් කිරීම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි වරදක් බව පොලීසිය පැවසීමත් සමගම තමා නිසා අලි අමාරුවක වැටී ඇති මිතුරා බේරා ගැනීමට ඔහු පොලීසිය ඉදිරියේ වැඳ වැටුණේය.


පොලීසියේ දැඩි අවවාද හමුවේ මිතුරා බේරුණත් භාර්‍යාව ඔහුගේ මුහුණවත් නොබලා පොලීසියෙන් පිටව ගියේ අනේ මේ වගේ මෝඩයෙක් මමත් කරකාරෙට ගත්තානේ යයි තමන්ටම කියා ගනිමින්ය.



අදහස් (0)

බිරිඳගෙ පතිවත ‘චෙක්’ කරන්න යැවූ මිතුරාට තොප්පියක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site