විවාහවී වසර 4කට පසුව තම බිරිද කලින් විවාහවූ කතක් බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක් මාවතගම පොලිසියෙන් ඇසේ.
ඔහු 29 හැවිරිදි තරුණයෙකි. විදේශගත රැකියාවක නියුතුව සිටි රූමත් ලාබාල පෙනුමැති කාන්තාවක සමග ඔහු ප්‍රේමයක් ඇතිකර ගත්තේ මුහුණපොත හරහාය.
වසර ගණනාවක ප්‍රේමයෙන් පසුව ඇය මෙරටට පැමිණ මෙම තරුණයා සමග විවාහ වූවාය. සතුටින් කාලය ගෙවීගියේ ප්‍රේමයේ අතුරිකිලි වැඩෙමිණි. වසර 4ක විවාහ දිරිය ගෙවී ගියේය. අහඹු ලෙස ඔහුට තම බිරිඳ කලින් විවාහව සිටි කාන්තාවක බවත් ඇයට 28 හැවිරිදි විවාහක දියණියක හා 12 හැවිරිදි පුතකු සිටින බවත් දැන ගන්නට ලැබිණි. ඈ පිළිබඳව තවදුරටත් කරුණු සොයා ගිය ඔහුට අවසානයේ අනාවරණය වූයේ ඇගේ ඇත්ත වයස අවුරුදු 42ක් බවය.
මෙතෙක් තමා මුලාකළ බිරිඳ ගැන කලකිරීමට හා කම්පනයට පත් තරුණයා මේ සිදුවීම පිළිබඳ මාවතගම පොලිස් කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කළේ ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසමිනි.
හැගීම්වලට වහල් නොවී අවබෝධයෙන් යුතුව ජීවිතය ගොඩනගා ගන්න යැයි මාවතගම පොලිසියේ කාන්තා කාර්යාංශය භාර ස්ථානාධිපති නිමාලි ඉන්දිකා දැල්කඳුර මහත්මිය තරුණයාට අවවාදයක්ද දෙනු දක්නට ලැබිණි.
මාවතගම පොලිස් ස්ථානාධිපති සමන් ආරියදාස මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවනු ලබන්නීය.
(මාවතගම කාංචනමාලා බණ්ඩාර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිඳගේ රහස හෙළිවී සැමියා පොලිසි ගිහින්