(මොරගොල්ලාගම සිසිර කැලේගම)
සැමියාගේ ජංගම දුරකථනය ඔහු නොදැනුවත්වම වීඩියෝ තාක්ෂණය ඔස්සේ බිරියගේ ජංගම දුරකථනය හා සම්බන්ධවීමෙන් වූ ජංජාලයක් පිළිබඳව පුවතක් කුරුණෑගල හා මාතලේ අතර මායිමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු රාජ්‍ය සේවයේ නියැලෙන්නේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේය.
ඇය හා දරුවන් වෙසෙන්නේ කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්ක මායිමේ මඩහපොල කඳු සීමාවේය.
සැමියා මාසයකට වරක් නිවාඩු ලබා නිවසට පැමිණෙන්නේය.
එහෙත් දිනපතා නවීන තාක්ෂණය ඔස්සේ ළඟ සිටිනාවක් මෙන් මුහුණු බලාගෙන සංවාදයේ යෙදෙන්නේ දරු පැටවුන්ද ඒ සඳහා සහභාගි කරවා ගනිමිනි. දිනක් සැමියා නිවසට පැමිණ යළි එහි සේවය සඳහා යාමට නිවසින් පිටත් වූයේය. ඔහු යන ගමනේදී පවා වරින් වර මගතොටේ තොරතුරු බිරියට පැවසීය.
දහවල් කාලයේ බිරිය නිදා සිටින විට ඇයගේ ජංගම දුරකථනය නාද වන්නට විය. ඇය එය පරීක්ෂා කිරීමේ දී තම සැමියා බව වැටහුණි.
ඇය එය ක්‍රියාත්ක කළාය. එහෙත් සැමියාගෙන් වචනයක්වත් නැත. එහෙත් සිදුවන දේ ඇයට හොඳාකාරවම ඇසෙන්නේය.
පෙනෙන්නේය. ඔහු නැවතී ඇත්තේ හෝටල් කාමරයකය. තවත් කතක් ඒ අසල සිටී.
දෙදෙනාගේ මුකුළුව දෙස ඇය බලාගෙන සිටියාය. ඇයට යක්ෂයා ආරූඪ විය. ඇය සංවාදය විසන්ධි කළාය.
ඇය යළි ඔහුගේ දුරකථනයට ඇමතුමක් දුන්නාය.
තමා මහනුවර යන බව ඔහු කීවේය.
‘‘මහනුවර යනවා නෙමෙයි හෝටලයේ කරන නාඩගම මම දැක්කා’’යි ඇය කියාගෙන ගියාය.
සිදු වුදේ වටහා ගත නොහැකි වූ ඔහු එදා සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්නේත් නැතිලු. ඇඳුමක් ඇඳගෙන බිරියගේ හා දරුවන්ගේ මුහුණු බලන්නට ගෙදරට එන්නට නොහැකිව එම ස්ථානයේම රැඳී පසුතැවෙමින් සිටින බැවින් ඔහු කැඳවාගෙන ඒමට ගම්වාසීන් පෙළගැසෙන නමුත් බිරියගෙන් ඒ සඳහා අවසරයක් නැතිලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිඳට ආ වීඩියෝවෙන් සැමියාගේ හොරේ අහුවෙලා