(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
නිතර නිතර අන්තර්ජාලයෙන් හඳුනාගන්නා පෙම්වතියන් සොයා ගොස් ඔවුන් සමග ප්‍රේම සබඳතා පවත්වන තම සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පොලිසියට ආ කාන්තාවක පිළිබඳ මාවතගමින් අසන්නට ලැබේ.
ඇය රජයේ වැදගත් රැකියාවක් කරන ඔහු සමග විවාහවූයේ දහසක් බලාපොරොත්තු තබාගෙනය. වසර තුනක්ම ගෙවී ගියේය. දරුවකුද ලැබිණි. තම සැමියා රැකියාව නිමකර ආ විගස අන්තර්ජාලයෙන් බොහෝ කාර්යයන් තිබෙන බව පවසමින් එහිම ගතකරනු ඇයට පෙනිණි. තම කුඩා දරුවාද සමග මේ ගැන විපරම් කළ ඇයට දක්නට ලැබුණේ සැමියා අන්තර්ජාලයෙන් හඳුනාගත් කිපදෙනකුම ඇසුරු කරන බවය.
දිනෙන් දින අන්තර්ජාලයෙන් සොයා ගන්නා නව පෙම්වතියන් හමුවීම, ඔවුන් ඇසුරු කිරීම තම සැමියාගේ විනෝදාංශය බව ඇය තේරුම් ගත්තාය. සැමියාට කොතෙක් අවවාද කළද ඇයට සවන්දෙන බවක් නොපෙනිණි. සියලු වේදනා දරා සිටි ඇය දරුවාද සමග මාවතගම පොලිසියට පැමිණියේ පෙම්වතියන් සොයා යන තම සැමියා ගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පැමිණිලි කිරීම සඳහාය.
මාවතගම පොලිසිය පවුල් අවුල් අංශයෙන් සැමියාට දැඩිඅවවාද කරුණු දක්නට ලැබිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිය දරුවා එක්ක ඔට්ටුවෙද්දී සැමියා ප්‍රේම ජාලයක පැටලිලා