X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


බිරිය දොර අරින විට සැමියා උපන් ඇඳුමෙන් ගෙට ඇවිත්

ගම්මිරිස් හොරකමේ ගොස් ඇදිවතක්  අහිමිව උපන් ඇඳුමෙන් ගෙදර ගිය අයකුට සිදුවූ ඇබැද්දියක් ගැන අසල ගමකින් අසන්නට ලැබිණි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ඔහුට ස්ථිර රැුකියාවක් නැත. කුලී වැඩක් කර එදා වේල පිරිමසා ගනී. සුළු හොරකමක් කිරීමද පුරුද්දකි. මේ දිනවල  අමු ගම්මිරිස් සඳහා හොඳ මිලක් පවතී. අල්ලපු වත්තේ ගම්මිරිස් පලදාව සරුය. වැඩිපුර යමක් උපයා ගැනීමේ අදහස පහළවිය. ? බෝවූ පසු කම්බිවැටෙන් රිංගා වත්තට ඇතුළුවූ ඔහු ලහි ලහියේ ගම්මිරිස් කඩන්නට විය. තම වගාව ගැන හොඳ  සෝදිසියෙන් පසුවූ වතු හිමියා, හිමින් සීරුවේ ගොස් හොරා අතටම අල්ලා ගත්තේය. හොඳින් දන්නා මේ හොරාට අමුතුම ජාතියේ දඬුවමක් දෙන්ට සිතා ඔහුගේ සරම සහ බැනිම ගලවාගෙන මෙන්න හොරෙක් යැයි කෑගැසීය. අසල්වැසියන් එන්න පෙර ගෙදරට දිව ගියේ ඇඳුමක් සොයා විළිවසා  ගැනීමටය. දොරට තට්ටු කළ විට බිරිය දොර අරිනවාත් සමගම උපන් ඇඳුමෙන් ගෙට පැන්නේය. යකෙක් යැයි සිතා ඇය යටිගිරියෙන් කෑගැසුවාය.ඒ හඬ ඇසී පැමිණි අසල්වැසියන්ට රහස හෙළිවිය. දැන් ඔහුට කියන්නේ ගී‍්‍රස් යකා කියාය.



අදහස් (0)

බිරිය දොර අරින විට සැමියා උපන් ඇඳුමෙන් ගෙට ඇවිත්

රජිකා Saturday, 30 June 2012 12:17 PM

අනේ මන්දා, මහත්තයාව දැක්කා කියලා ඔහොමත් කෑ ගහනවද?

:       0       0

පොතේගුරා Thursday, 28 June 2012 09:57 PM

මෙතන හොරාගේ මානවහිමිකම් කඩ වෙලා තියෙනවා....

:       0       0

mr Friday, 29 June 2012 12:00 AM

ගම්මිරිස් ටිකක් ගෑවනම් කොහොමද ?මොකද සැරයිනේ. කෑගහල තියෙන්නෙ ඇතුලේ ගම්මිරිස් දැවිල්ල ඇවිත්,ගම්මිරිස් කරලක් අවිචාරයෙන් එල්ලල. පිට පිට කඩුලූ තුනක් දවාගත් මට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ. මොකද ගම්මිරිස් ටිකක් ගෑවිල සැරයි.

:       0       0

mr Friday, 29 June 2012 12:06 AM

අසල්වැසියන් එන්න පෙර ...අරිනවාත් සමගම කෑ ගහන්න ඕන නෑ . උපන් ඇඳුමෙන් ඉක්මණට පැන ගන්න ඕන. ඇතුලේ ගම්මිරිස් ....ඉක්මණට පැන ගන්න ඕන.

:       0       0

අබිලින් Friday, 29 June 2012 09:29 AM

එතකොට කඩපු ගම්මිරිස් ටික ????

:       0       0

AB Friday, 29 June 2012 10:32 AM

ආ අලිමාමේ,ඇත්තද ඔයා මේ දවස් වල මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහින් කරදර කරනවා කියන්නේ

:       0       0

කෙලනේරිස් ගොය්ය Friday, 29 June 2012 06:13 PM

තේරුනේ දැන් තමයි ....

:       0       0

සෝරි Friday, 29 June 2012 07:53 PM

හොරකම් කිරීම ලංකාවේ සාමාන්‍ය දෙයක් වෙලා

:       0       0

එම් අමින් Friday, 29 June 2012 08:09 PM

සොරකම් කිරීම තරාතිරම නොබලා දඩුවම් කළ යුතු වරදක් රැකියාවක් නැතැයි කීම පිළිගන්න බැහැ.. උපන් ඇදුමෙන් ගෙදර ආපු එකනම්....

:       0       0

විමල් Friday, 29 June 2012 09:28 PM

පව් අනේ...

:       0       0

සරේන් Saturday, 30 June 2012 06:19 AM

බොරුවක්ද කොහේ..

:       0       0

ඩී.එම්.රජික Saturday, 30 June 2012 11:38 AM

අනේ මන්ද තමන්ගෙ මනුස්සය දැක්කම ඔහොම කෑ ගහනවාද??

:       0       0

රජිකා Saturday, 30 June 2012 11:38 AM

ෂුවර් එකටම තව එක්කෙනෙක් ඒ වෙලේ ගේ ඇතුළේ ඉන්න ඇති

:       0       0

පොතේගුරා Thursday, 28 June 2012 09:18 PM

මෙතන හොරාගේ මානව හිමිකම් කඩවෙලා තියෙනවා

:       0       0

එක්ස් Saturday, 30 June 2012 12:14 PM

ඉතාම හොදයි...

:       0       0

xxxx Saturday, 30 June 2012 12:53 PM

ඉතා හොදයි

:       0       0

ප්‍රිමාල් Saturday, 30 June 2012 04:28 PM

ගම්මිරිස් ටිකක් පිඹින්නයි තිබුණේ.....

:       0       0

මහත්තයා Saturday, 30 June 2012 10:49 PM

මම දන්නවා ඇයි ඔයා මම ගෙදර ආව වෙලාවෙ කෑගැහුවෙ කියලා..(මේ කට්ටිය දල තියනේනෙ කමේන්ට්ස්)

:       0       0

සැමියා Saturday, 30 June 2012 10:11 PM

දැන් මම දන්නවා මම ගෙදර ඇවිත් දොර ඇරපු ගමන් ඔයා යටිගිරියෙන් කෑ ගැහුවෙ ඇයි කියලා...

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි Saturday, 30 June 2012 11:03 PM

මනුස්සයා හොරකම් කළාට ගැහණුකෙනා පළිද.. අයි එයාට එක එක ඒවා කියන්නෙ...

:       0       0

නිශාර්ඩ් ප්‍රීන Tuesday, 03 July 2012 09:45 AM

කමිමැලිකම අතෑරල හොරකමි නොකර හොද පිරිමියෙක් වගෙ වැඞ කරල හමිබ කරන්න !!!!!

:       0       0

උෂානි Wednesday, 04 July 2012 03:20 PM

මේකනම් බොරුවක්..

:       0       0

ගාමිණි Thursday, 05 July 2012 02:08 PM

පිස්සු නැත්නමි ශෝක්.

:       0       0

ගුණතිලක Thursday, 05 July 2012 02:10 PM

පිස්සු නැත්නමි ශෝක්

:       0       0

හීණ්බණ්ඩා Thursday, 05 July 2012 03:48 PM

වෙලාව ඉතුරු කර ගන්න වෙන්න ඇති

:       0       0

පී.ඩී.එම්.එස් Thursday, 28 June 2012 01:53 PM

මමනම් හිතන්නේ ඒ මනුස්සය ගිහින් තියන්නේ හොරකමේ නෙමෙයි, ගෙදර මනුස්සයට ඇහැරුණ නිසා දුවන්න ඇති.

:       0       0

ගාලු කොලුවා Thursday, 28 June 2012 11:36 AM

දෙයියෝ සාක්කි..ඕකට යටගිරියෙන් කෑගහන්න දෙයක්ද ???

:       0       0

ගාලු කොලුවා Thursday, 28 June 2012 10:58 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු......

:       0       0

ගාලු කොලුවා Thursday, 28 June 2012 11:44 AM

දැකල නෑ වගේනේ..ඕකට කෑගහන්න ඕනයෑ.....

:       0       0

පුංචා Thursday, 28 June 2012 11:06 AM

අලි බබා ඔබ කොහෙද ??? කැලේ වතුර නැතුව වතුර සොයනවා වත්ද ???

:       0       0

නිශා Thursday, 28 June 2012 11:08 AM

පල් බොරුවක්

:       0       0

තිසා හාමි Thursday, 28 June 2012 11:19 AM

මේක නම් ගිනස් වාර්තාවක්... මොකද මීට කලින් දැකලම නැත්ද.......?ගම්මිරිස් වැලේ අයිතිකාරයගෙ ගෙදරට ද දන් නෑ රිංගුවෙ එහෙනම්.....

:       0       0

තිසා හාමි Thursday, 28 June 2012 11:20 AM

කෝ මේ ඇපල් වලට ෆෝර්මලීන් දාපු ලක්මාල්......?

:       0       0

අතා Thursday, 28 June 2012 11:32 AM

පච පච.. ටොම් පච...

:       0       0

ගිනිකසයා Thursday, 28 June 2012 12:27 PM

අනෙක් හොරුන්ටත් මේ දඩුවම දුන්නනම් හොඳයි....

:       0       0

පුංචා Thursday, 28 June 2012 12:46 PM

කසාද බැදපු හොරුන්ට තමයි මේ දඩුවම හොඳ......

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 28 June 2012 01:23 PM

බය වෙලා කෑ ගැහුවද සතුටට කෑ ගැහුවද දන්නේ නෑ...

:       0       0

හේමන්ත Thursday, 28 June 2012 01:07 PM

ඇගේ ගම්මිරිස් ටිකක් ගෑවනම් කොහොමද ?

:       0       0

වරුණ Thursday, 28 June 2012 11:27 AM

කතාව හොඳයි.නමුත් තාත්වික නෑ‍‍‍‍‍.....

:       0       0

කම්මලේගෙදර Thursday, 28 June 2012 01:42 PM

දැන් රටේ ජීවත්වීම අමාරුනිසා හොරකම් කිරීම සාමාන්‍ය දෙයක් වෙලා .මාල කඩන එක, කුඩු විකුණන එක, බස් වල හිඟමන් යදින එක, තමයි දැන් රැකියාවල් වෙලා තියෙන්නේ....

:       0       0

කිටී Thursday, 28 June 2012 02:33 PM

මාත් කියන්නේ ඕකට ඔච්චර කෑ ගහන්න ඕන නෑ කියලයි..

:       0       0

දුමින්ද Thursday, 28 June 2012 03:23 PM

ඇය ඇගේ සැමියාව මෙසේ දුටු පළමු අවස්ථාව මෙයද?

:       0       0

සේනානායක Thursday, 28 June 2012 03:08 PM

අනේ මේ බොරුව නොදා ඉන්න...

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 28 June 2012 03:16 PM

එයාට පිස්සු ඩබල්ද ???

:       0       0

එල කිරි Thursday, 28 June 2012 04:44 PM

අවිචාරයෙන් අදහස් දක් වන්න එපා

:       0       0

කොටා Thursday, 28 June 2012 04:47 PM

මොකට කෑගැහුවද මාත් අහන්නේ ?

:       0       0

ගම්මිරිස් ඇටේ Thursday, 28 June 2012 06:00 PM

ගම්මිරිස් කරලක් එල්ලල තියෙන්න ඇති. ඒකයි කෑගහල තියෙන්නෙ.

:       0       0

ඇටිකිච්චා Thursday, 28 June 2012 07:13 PM

කෑගැහුවේ වෙන මොකටවත් නෙමෙයි, අද ගෙදර එක්කෙනා ඉන්නවා,ඉක්මණට පැන ගන්න කියලා

:       0       0

මහසමයම Thursday, 28 June 2012 07:20 PM

පොඩි මල්ලිගේ උරේ ඇතුලේ ගම්මිරිස් දාලා දැවිල්ල ඇවිත් කෑ ගහලා

:       0       0

අලිබබා Thursday, 28 June 2012 08:08 PM

පුංචා පුතේ, මේ දවස්වල මට උතුර දකුණ මාරුවෙලා ඉන්නේ. මොකද පෑවිල්ල සැරයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site